වාස්‌තු ශිල්පීය ධ්වනිතභාවය

2 වන කොටස

වාස්‌තු විද්‍යා විශාරද ඡේ. ගොඩකන්ද ආරච්චි

අක්‍රමවත් නිවාසයන්හි භෞතික ලක්‌ෂණ හා ජීවීය ලක්‍ෂණ

මෙවැනි නිවාසයන්හි ගුණත්වය හා යථාර්ථයන් හඳුනා ගත හැකිය. පාළු බව, මූසල ස්‌වරූපය දක්‌නට පුළුවන. සෙවෙල් කෑම, තෙත බරිත වීම, කොටස්‌ කඩා වැටීම, ඇලවීම, වහලේ අක්‍රමවත් බව, නිවාස අඳුරුවීම. ගහකොළවලින් වැසී යැම, කැඩුණු බිඳුනු පාර, ගේට්‌ටුව, සැලකිල්ලක්‌ නොදැක්‌වූ ළිඳ, ලට්‌ට ලොට්‌ටවලින් පිටත හා ඇතුළත පිරී තිබීම. ඉරි තැලීම්, පුස්‌ කෑම, සතුන් (කුහුඹු, මැස්‌සන්, මැක්‌කන්) නිවස ආක්‍රමණය කිරීම, දුර්ගන්ධය වහනය වීම යනාදී ලක්‌ෂණ දැක්‌විය හැක.

මෙම නිවාසයන්හි ජීවත් වන අයගේ ලක්‌ෂණ බොහෝ විට එක සමානය. එනම්, මානසික පීඩාව

ඇබ්බැහිවීම් වැඩිවීම.

වාස්‌තු ශිල්පිය

නරක පුරුදු

මානසික අවපීඩනය

ආහාර අරුචිය

අලසකම

ඊර්ෂ්‍යාව

ක්‍රෝධය

වෛරය

දහමට ළැදි නොවීම

කම්මැළිකම

තනි වීමට කැමැති බව

එකම දෙයක්‌ උයා පිහා ගෙන ආහාරයට ගැනීම.

මුල් ගල

ඕනෑම ඉදිකිරීමක්‌ සඳහා මුල්ගලක්‌ තැබීම අවශ්‍යය. මුල්ගල් නිවසකට එකක්‌ ලෙසින්ද, පොදු ස්‌ථාන සඳහා කිහිපයක්‌ද තැබීමේ අවකාශ ඇත. මුල්ගල නැකතකට තැබිය යුතුය. ඉපැරැණියේ බෙහෙත් ගසකින් මුලක්‌, පොත්තක්‌ ලබා ගැනීම සඳහාත්, නැකැත් ශාස්‌ත්‍රය පිටුවහලක්‌ කර ගත් බව පෙනේ. මන්ද, ඉන් ලැබෙන ගුණය හා සාරය නිසි පරිදි ලබා ගැනීමේ හැකියාවක්‌ එම සුදුසු වේලාවේදී ලබා ගැනීම නිසා පුළුවන්කමක්‌ පවතින බව ඔවුන් විශ්වාස කළ හෙයිනි. ඉපැරැණි අදහස්‌ ඉපැරැණි යෑයි පවසා විසි කළ නොහැක. ඒ පිළිබඳ අප පූර්ණ පරීක්‍ෂණයක්‌ කළ යුතුව ඇත. ස්‌වභාදහමේ නිර්මාණයන් දෙස බැලූ විට එහි ජීවය පවතින කොටස තෝරා බේරා ගැනීමට අවශ්‍යය. බතල, අල හා වැල් යොදා ගෙන පැළ කිරීම සඳහා හැකියාව ඇත. එහෙත් වී ලබා ගැනීමට ගොයම් දණ්‌ඩක්‌ පැළ කිරීම තුළ කිසිවිටක කළ නොහැකිය. පොල් ද ඒ සමානය. පොල් කඳ කපා සිටවූ පමණින් පොල් පැළ වන්නේ නැත. ඒ සඳහා පොල් ගෙඩි යොදා ගැනීමට අවශ්‍යය. මඤ්ෙÆක්‌කා දෙස බැලූ විට ද ඒ හා සමාන බව ඔබට පෙනේ. මෙහිදී බීජය තෝරා බේරා ගැනීමත්, සුදුසු පරිදි එය තැබීමත්, නිsසි කලට තැබීමත් අවශ්‍ය බව තහවුරු වී ඇත. මේ අනුව, නිවස නම් වූ මනුෂ්‍යයාගේ නිර්මාණයේ මූල බීජය මුල් ගල වේ. මෙය නැකතකට සුදුසුම ස්‌ථානයේ තැබිය යුතුය. මේ සඳහා ඉතා සුදුසුම ස්‌ථානය ලෙස ගිනිකොණ දිශාව නම් කළ හැකිය. නිවස භෞතික වස්‌තුවකි. මෙය තැබීමට අවකාශයේ ඉඩක්‌ තිබිය යුතුය. එම ඉඩ නිසි පරිදි ලබාගෙන මූල බීජය ලෙස මුල් ගල නිසි පරිදි, නිසි තැන තැබීමේදී (සිතෙහි ශක්‌තියෙන් රෝපණය කළ යුතුය) එකල්හි විශ්ව ශක්‌තිය නැමති හිමිකරු නිසි පරිදි පෝෂණය ලබා දෙන බව පෙනේ. සාර්ථක වූ නිවාසවලින් 95% කට වැඩි ප්‍රමාණයක්‌ ගිනිකොණ දිශාවේ මුල් ගල් තැබූ ගොඩනැඟිලි වන අතර, එම නිවාසයන්හි ආරම්භය ඊසාන දෙසින් සිදුවූ බව තහවුරු වී ඇත.

ශ්‍රී ලංකාවේ වාස්‌තු ශාස්‌ත්‍රය හා පැවැත්ම

ශ්‍රී ලංකාවේ වාස්‌තු ශාස්‌ත්‍රය රාජ මන්දිර, විහාරස්‌ථාන, වැව් අමුණු, දේවාල, අම්බලන්, ලෙන්, ස්‌ථූප සඳහා යොදා ගෙන ඇත. කලින් කලට රජවරුන්ගේ රාජ්‍යය පාලනයන්හි වෙනස්‌ වීම සමග මෙම යොදා ගැනීම් තැනින් තැනට මාරු වී ඇත. ඒ අනුව, රජකම් කළ රාජධානියේ ඒ ඒ කාල පරාසයන්හි වාස්‌තු ශාස්‌ත්‍රය සෘජුව පැවැති බව පෙනේ. වර්තමානයේ වාස්‌තු ශාස්‌ත්‍රීය ඉහළ සම්බන්ධකම් පවතින ප්‍රදේශයක්‌ ලෙස මහනුවර හැඳින්විය හැකිය. රාජ්‍ය පරම්පරාවේ අවසානය මහනුවර යුගය වීම මෙහිදී සැලකිය යුතු කාරණයකි. ප්‍රථම රාජධානිය ලෙස මහනුවර පත් කර ගත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ සිට අවසානය රාජාධිසිංහ රාජසිංහ රජුගෙන් අවසන් වන තෙක්‌ රජවරු 9 දෙනකුගෙන් මහනුවර පාලනය වුණු බව ඉතිහාස ගතවේ. ඒ නිසාත් දළදා මාළිගාව, දේවාල (එනම් නාථ, විෂ්ණු, පත්තිsනි හා කතරගම) අස්‌ගිරි මහා විහාරය, ගංගාරාමය, සුදුහොම්පල, සූරියපල, මැදවල ටැම් විහාරය, දිගල්දුරුව වැනි විහාරස්‌ථාන අදටත් පැවතීම මෙන්ම මඟුල් මඩුව, ලෙන් විහාර, ගඩලාදෙණිය, ඇම්බැක්‌කේ මෙන්ම සජීවී පවතින අම්බලන්ද අදටත් මහනුවර ප්‍රදේශයේ දැකිය හැකිය. වාස්‌තු වල අවශ්‍යතාවය සහිත ජානගත හැඟීම් මහනුවර ප්‍රදේශවාසීන් සතු වීම අදටත් දක්‌නට හැකි වීම භාග්‍යයකි. එහෙත් වර්තමානයේ යම් යම් ඉදිකිරීම් ඓතිහාසිකත්වය නොරැකෙන පරිදි සිදු වීම කනගාටුදායකය. වාස්‌තු දර්ශනවාදී කඩතුරාවෙන් මිදී විද්‍යාත්මක විෂයයක්‌ ලෙස ගණන් ගැනීම නිසා අද උගතුන් අතර මහත් පිළිගැනීමකට හේතු වී ඇත. වාස්‌තු ශාස්‌ත්‍රයට ද පරිණාමයක්‌ ඇත. ඒ නිසාම නූතන වාස්‌තු ශාස්‌ත්‍රයේ සංවර්ධන වාස්‌තු, ව්‍යාපාරික වාස්‌තු ආදී ක්‍ෂේත්‍රයන්ට මෙන්ම විවිධ වාස්‌තු ශිල්පීය උපකරණවලින්ද, සමන්විත වීම මෙම තත්ත්වයන් වඩාත් සාක්‍ෂාත් වීම සඳහා හේතු සාධක වී ඇත.

වාස්‌තු සහ ස්‌වභාදහම

මිනිසා, ගස්‌වැල්, දිය ඇලි, ගංගා, සතුන්, ගල් පර්වත, කඳු, ඉර, හඳ, වලාකුළු, අහස මේ ආදී සියලු දේ මිනිසා විසින් නිර්මාණය නොකරන ලද ස්‌වාභාවිකව උපන් දේ නිසා එය ස්‌වභාවදහමට අයත් වේ. මේ සියල්ල නිර්මාණය වූයේ මන්ද? එයට හේතුකාරක වූයේ මොනවාද? යන්න සෙවීමේ දී මේ සියලු නිර්මාණයන් සඳහා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච නියාම ධර්මයන්ට මේ සියල්ල අනුකූලව සිදුව ඇති බව පෙනේ. මේ සියල්ලම ලෝකය ලෙස ද නම් කළ හැකිය. මෙම ලෝකයට මිනිසා විසින් එකතු කරන දේ අතරින් නිවාස, ගොඩනැඟිලි වාස්‌තු න්‍යායට යටත් වන අතර මිනිසාගේ නිර්මාණවලින් මෙම නිවාස හා ගොඩනැඟිලිවලට වන බලපෑම ගැන කෙරෙන අධ්‍යයනය වාස්‌තු විද්‍යාවට අයත් වේ. ස්‌වාභාවික නිර්මාණයන්ගේ ඇති වීමේ හා නැති වීමේ මෙන්ම වෙනස්‌ වීමේ ක්‍රියාවලිය පිහිටා ඇත. මිනිසාගේ නිර්මාණයන් සඳහා ද එය බලපවත්වයි. එහෙත් මිනිසාගේ නිර්මාණයන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යැම අවශ්‍යතාවය සඳහා ජවය, බලය, ශක්‌තිය ඊට ආවේණික වූ ශක්‌ති පදාර්ථයන් හඳුනාගෙන ලබා ගත යුතුය. වාස්‌තු ශාස්‌ත්‍රයෙන් හෙවත් වාස්‌තු විද්‍යාවෙන් "ශාස්‌ත්‍රය - විද්‍යාව" මේ දේ සිදුවේ. මෙම අතිරේක බලය හා ශක්‌තිය ලබා දීම හා ලබා දෙන ක්‍රමවේදයේ වෙනස්‌කම් නිසි ක්‍රියාකාරීත්වයට බාධාවකි. ඒ නිසා ඉන් හටගන්නේ දොaෂයකි. නැතහොත් බිඳ වැටීමකි. මෙම බිඳවැටීමට හෝ විනාශයට පත්වීම වැළැක්‌වීම සඳහා යොදන ක්‍රමවේදය වාස්‌තු ශාස්‌ත්‍රයෙන් පෙන්වා දේ. සොබාදහම විසින් නිර්මාණය කරන ලද සියල්ල සජීවී සහ අජීවී ලෙස කොටස්‌ දෙකකි. මෙම නිර්මාණයන් ඉතා සුන්දරය. මෙම සෑම කොටසක්‌ සඳහාම ඊට ආවේණික ශක්‌ති පදාර්ථයන් පිහිටා ඇත. සොබාදහමේ සියල්ල සැලසුමකට යටත්ව නිර්මාණය වූ බව සැලකිය යුතුය. මේ ස්‌වභාදහමේ සැලැස්‌ම තේරුම් නොගැනීම අපට අයත් වූ මහා අභාග්‍යයකි. හිරු එළිය, වැස්‌ස, ගංවතුර, වඩදිය, බාදිය, ගහ කොළ වල පැවැත්ම මේ අතරින් ප්‍රධාන වේ. මෙම ධර්මතාවයන්ට පිටුපා නිවස, ගොඩනැඟිලි ඉදිකිරීම කාන්තාර වූ රටවල් දෙස බැලීමේදී ද කාන්තාර ලෙස පවත්නා භූමීහි අතීතය දෙස බැලීමේදී ද පැහැදිලි වේ. ජලස්‌කන්ධයේ භූගත ජලයේ ප්‍රමාණය ගැන තක්‌සේරු කළ පසුගිය දිනෙක රජයේ විශාල ව්‍යාපෘතීන් අසාර්ථක බව පැවසීම ඉතාම සාධාරණය. ස්‌වභාවදහම නිවාස, ගොඩනැඟිලිල්ලට රැගෙන නොයැම විනාශයට හේතුවකි. ආශාවන්ගේ පරාසය වැඩිවීම නිසා සහ අනාගත අපේක්‍ෂාවෙන් වැඩි වීම නිසාම මිනිසා ස්‌වභාවදහමට පටහැණිව සැප ලබා ගැනීමට යත්න දැරීම ස්‌වභාදහමෙන් මට්‌ටු වීමට හේතුවකි.

ලබන සතියට

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.