ළමා නිවාස රැසක දරුවන් දැඩි මානසික පසුබෑමක

තුෂාරී කළුබෝවිල

ශ්‍රී ලංකාවේ ළමා නිවාස බොහෝමයක සිටින දරුවන් දැඩි මානසික වියවුල් තත්ත්වයකින් පසුවන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී හෙළිවී ඇත. ළමා නිවාසවල දරුවන්ට අත්විඳීමට සිදුවන තාඩන පීඩන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි ඔස්‌සේ සිදු කළ සමීක්‍ෂණවලින් මෙම කරුණු අනාවරණය වූ බව අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසුවාය. සත්ත්ව ඝාතනය සඳහා දරුවන් යොදා ගැනුණු බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ දරුවන්ට මේ දිනවල ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ මෙහෙයවීමෙන් මනෝ උපදේශන වැඩසටහන් පවත්වන අතර එම දරුවන් ද බරපතල ලෙස මානසික පීඩනයන්ට ගොදුරු වී සිටි බවට තහවුරු වී උපදේශන වැඩසටහන්වලදී හෙළිදරව් වෙමින් තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.