නෙත් දා හතරේ ක`ඵ ඉංගිරියා පනස්‌ හයක්‌ ඇත දැන ගන්නේ

හෙළ වහරෙහි හෙවත් කව් ලැකියෙහි එන 'ව්‍යංජනාන්ත පද' අතුරින් අල් ත-යන්න ( ත් ) නම් අකුරින් අවසන් වන පද කිහිපයක්‌ පසුගිය ලිපියෙහි දැක්‌විණ. එවැනි පද තවත් කිහිපයක්‌ මේ ලිපියෙහි දක්‌වමු.

දත් ( දන්ත

'දත්' යනුවෙන් හෙළ පද දෙකකි. එකක්‌ එන්නේ 'දන්ත' යන සංස්‌කෘත හෝ පාලි පදය ඇසුරිනි. දන්තාලේප කොතෙක්‌ ගෑවත් ඇතැමුන්ගේ දත් සමහරක්‌ පණුවන්ට ගොදුරු වන බව පෙනේ. මේ 'දත් පණුවන් ' කන නිසා ඇති වන 'දත් කැක්‌කුම' නවත්වන්ට නම් වෙද මහත්වරුගේ 'දත් බේත්' අවශ්‍ය වේ. දත්වලට වෙදකම් කරන දොස්‌තරට ගැමියා කියන්නේ 'දත් දොස්‌තර' කියාය. ඇතුන්ගේ දත් 'ඇත් දත්' වී පසුව 'ඇද්දත්' බවට පෙරළෙයි. දත් ඇන්දෙහි පිටින් එන දත් 'නළ දත්' නමින් ජන වහරෙහි යෙදේ. කුඩා ම දත් 'දත් කැකු`ඵ' යි. කාව්‍යශේඛරය ලියූ රාහුල මාහිමියෝa

"දත් කැකු`ඵ පෑ ලා

සුරතල් සිනා සී ලා

බොළඳ බස්‌ දී ලා

කෙළී සියල`ග දූලි ගා ලා"

යනුවෙන් සේනක කුමරුන් හඳුන්වා දුන්හ.

'දත් මිටි කනවා' යනුවෙන් ජන වහරක්‌ ද වේ. එයින් අදහස්‌ කරන්නේ උඩු ඇන්දේ දත් යටි ඇන්දේ දත් එකට වද්දා ශබ්දයක්‌ පිට කිරීම යි. සමහරුන් එසේ කරන්නේ නින්දෙහි දී නොදැනුවත් ව ය. සමහරු කෝප වූ විට සිතා මතා ම 'දත් මිටි කන්ට' හපන්නු ය. සන්නියක්‌ හෝ වලිප්පුවක්‌ සැදුණු විට 'දත් පූට්‌ටු වන්ට' ද බැරි නැත.

දත් ( දත්aත

'දත්' යනුවෙන් තවත් පදයකි. එය එන්නේ 'දත්aත' යන සංස්‌කෘත හෝ පාලි පදය ඇසුරිනි. එහි අර්ථය 'දෙන ලද්දේ' යනු යි. 'බ්‍රහ්ම දත්ත' යන නම කව් ලැකියට ආවේ 'බඹ දත්' යනුවෙනි. බොහෝ ජාතක කථා සිද්ධ වී ඇත්තේ බරණැස්‌ නුවර 'බ්‍රහ්ම දත්ත' නම් රජෙකු රාජ්‍යය කරන සමයෙහි දී ය. ගුත්තිල ජාතක කථාව සම්බන්ධ වන්නේ ද බඹ දත් රජෙකුට ය.

"මේ යෑයි රජෙක්‌ න ම්

කියවූ ලොව තමන් න ම්

රජෙක්‌ බඹදත් න ම්

වීය නොතිබූ රුපු රජෙක්‌ න ම්" (100 කවිය)

'බඹදත්' යන පදය 'සිවුරු' සඳහා ද යෙදෙන බව සිදත් ස`ගරා කතුවරයා කියයි. කතු විබත් සමස්‌ පැහැදිලි කරනු වස්‌ එහි ඉදිරිපත් කොට ඇති එක්‌ නිදසුනක්‌ "බඹහු විසින් දෙන ලද්දේ - බඹදත් - සිවුරු" යනු යි. මේ රීතියෙන් ම 'දෙව් දත්' යන පදය 'දේව දත්ත' යන පද හා බැඳේ.

දිගත් ( දිශාන්ත

'දිගත්' යන හෙළ පදය එන්නේ 'දිශාන්ත' වන සංස්‌කෘත පදය ඇසුරිනි. 'දිශාන්තය' යනු එක්‌ දිශාවක්‌ හෙවත් පැත්තකි. බෙර හ`ඩින් ද මිනිසුන්ගේ ඔල්වර හ`ඩින් ද හැම පැත්තක්‌ ම පිරී ගිය බව ගුත්තිල කවියා කීවේ

"දනන් තුඩ ඔල්වර හ`ඩින්

දිගත් පිරි පිළිsරැව් හ`ඩින්, (326 කවිය)

යනුවෙනි.

දිමුත් ( දීSප්තිමත්

'දිමුත්' යන හෙළ පදය එන්නේ 'දීප්තිමත්' යන සංස්‌කෘත පදය ඇසුරිනි. බරණැස්‌ පුරය වර්ණනා කරන ගුත්තිල කවියා එහි මන්දිරවල මිණි බිම් දීප්තිමත් බව කියා පෑවේ "මිණි බිම දිසි දිමුත්" (95 කවිය) යනුවෙනි.

බඹදත් රජතුමා බරණැස්‌ පුරයෙහි රජ කරන කාලයෙහි ඔහුගේ කීර්තිය මුතු හරකට උපමා කළ ගුත්තිල කවියා එය දීප්තිමත් බව කීවේ

"දිමුතු කිතු මුතු හර" (107 කවිය)

යනුවෙනි.

පරෙවි සන්දේශ රහල් හිමියෝ උපුල්වන් දෙවියන් හැඳින්වීමට ද දිමුත් යන ගුණ පදය යොදා ගත්හ.

"දස දෙසැ පතළ යස යුතු සුරිඳුට දිමුතු" (207 කවිය)

නැකත් ( නක්‌ෂත්‍ර

'නකත්' යන හෙළ පදය එන්නේ 'නක්‌ෂත්‍ර' යන සංස්‌කෘත පදය ඇසුරිනි. එය පසුව 'නැකත්' හා 'නැකැත්' බවට පෙරළිණ. සූර්යයා මීන රාශියෙහි සිට මේෂ රාශියට සංක්‍රමණය වෙමින් පවත්නා කාල පරිච්ඡේදයෙහි සුබ නකත් නැති හෙයින් ඒ කාල පරිච්ඡේදය 'නො-නකත' නමින් හැඳින්විණ. එය පසුව 'නොනගතය' යනුවෙන් ජන වහරට වැටිණ. සූර්ය සංක්‍රාන්තිය මුල් කොට ගෙන පැවැත්වෙන අවුරුදු උත්සවය සමහරුන්ට 'නැකත් කෙළියක්‌' ය.

නැකත්කරුවෝ නැකත් 27 ක්‌ හෝ 28 ක්‌ ගැන ද සඳහන් කරති. එක්‌ සම්ප්‍රදායක්‌ අනුව එය පටන් ගන්නේ 'කැති නැකතින්' ය. අවසන් වන්නේ 'බෙරණ නැකතින්' ය. තවත් සම්ප්‍රදායක්‌ අනුව එය පටන් ගන්නේ 'අස්‌විද නැකතින්' ය. දෙවනපෑතිස්‌ රජ සමයෙහි දී පොසොන් මාසය වෙන් වූයේ දෙවියන් සතුටු කොට වැසි ලබා ගනු වස්‌ දිය කෙළි පැවැත්වීම පිණිස ය. එය පවත්වන ලද්දේ 'දෙටමුල නැකතෙහි' දී ය.

නැකත් පිළිබඳ දැනුම් ඇති කුලයක්‌ ද සිංහල සමාජයෙහි බිහි විණ. ඒ කුලය හැඳින්වුණේ 'නැකති' යන නමිනි. දළදා මාලිගාවෙහි පුද පූජා කටයුතු හා සම්බන්ධ නැකත් කටයුතු භාරව ක්‍රියා කරන නිලධාරියා 'නැකත් මොහොට්‌ටාල' ය. ගම රාල, වෙද රාල මෙන් ම 'නැකත් රාල' ද පුරාණ ගමේ ප්‍රධානයෙක්‌ විය.

විවාහ කටයුතුවලට ද නැකත් සම්බන්ධ වේ. මේ නැකත් වේලාවන් දක්‌වන 'නැකත් පතක්‌' මනමාලයා විසින් මනමාලියට දෙනු ලැබේ. එය මනමාලියගේ ගෙදරට ගෙන යන්නේ 'නැකත් කදක්‌' ද ඇතිව ය. කැවුම් කෙසෙල් ආදි කැවිලි ඇතුළත් මේ නැකත් කද 'දැකුම් කදක්‌' සේ සලකේ.

නිකුත් ( නිෂ්ක්‍රාන්ත

'නිකුත්' යන හෙළ පදය එන්නේ 'නිෂ්ක්‍රාන්ත' යන සංස්‌කෘත පදය ඇසුරිනි. 'නිෂ්ක්‍රාන්ත' යන සංස්‌කෘත පදය අතීත කෘදන්ත පදයකි. එහි අර්ථය 'නික්‌මුණු' යන්න යි. 'නිකුත් කරනවා' 'නිකුත් වෙනවා' වැනි වහර දැන් පොදු වහරෙහි ද යෙදේ.

බුදුන් වහන්සේ ගඳ කිළියෙන් නික්‌මුණු සැටි කාව්‍යශේඛර කවියා වර්ණනා කරන්නේ

"මේ ගබෙකින් නිකු ත්

සරා පුන් සඳ සිරි ග ත්

ගඳ කිළියෙන් මහ ත්

නික්‌මැ ගත් සඳැ මුනිඳු සිරිම ත් (106 කවිය)

නෙත් ( නේත්‍ර

'නෙත්' යන හෙළ පදය එන්නේ 'නේත්‍ර' යන සංස්‌කෘත පදය ඇසුරිනි. ඒa අනුව නේත්‍ර යුග්මය 'නෙත් යුවළ' හෝ 'නෙත් ස`ගළ' බවට පත් වේ. ඇස්‌ තුනක්‌ ඇති දෙවියන්ට 'තිනෙත්' යන නම යෙදිණ. ඒ ඊශ්වර දෙවියෝ යි. ඔහුqගේ පුත්‍රයා ලෙස සැලකෙන කඳ කුමරුන්ට 'තිනෙත් පුත්' යන නම මෙන් ම 'බර නෙත්' යන නම ද යෙදේ. 'බර' යනු දොළහ යි. කඳ කුමරුන්ට ඇස්‌ දොළහකි. ඊශ්වර දෙවියන්ගේ විරුද්ධවාදියා අනංගයා ය. එබැවින් ඔහුට 'තිsනෙත් රිපු' යන නම පට බැඳිණ. ඊශ්වර දෙවියන් කාම දෙවියන් දැවූ බව සිදත් ස`ගරාවෙහි කියා ඇත්තේ "තෙනෙත්හු විසින් කම් දම්" (4.14) යනුවෙනි.

බුදුන් වහන්සේ මු`ඵ ලොවට ම සූර්යයා බඳු ය. එබැවින් උන්වහන්සේට 'ජගන්නේත්‍ර' යන නම පට බැඳේ. එය කව් ලැකියට එන්නේ 'දිය නෙත' යනුවෙනි. ගුත්තිල කවියා අප මුනිඳුන් මෙසේ වර්ණනා කළේය.

"කුලුණු සව් ලෙව් වෙ ත

නුවණ සව්නේ පදරු ත

දහම් සත සිත සි ත

පැවැත්වී අප මුනිඳ දියනෙ ත" (47 කවිය)

ඇස්‌ පිනවන දේ 'නෙත් කලු' ය. එය අපේ 'නෙත් සිත්' ඇද ගනී. කඳු`ඵ හැඳින්වීමට 'නෙත් දල' මෙන් ම 'නෙත් සිලිල්' යන වහර ද කවියන් යොදා ඇත. ඇස්‌ කොන 'නෙත් අග' යි. ඇස්‌ කොනින් බැලීම 'නෙතග බැල්ම' යි.

ජන කවියෙකු "නෙත් දා හතරේ ක`ඵ ඉංගිරියා පනස්‌ හයක්‌ ඇත දැන ගන්නේ" යනුවෙන් ස`ගවා කීවේ ඔළිඳ කෙළිය සඳහා යොදා ගන්නා ඔළිඳ -කොළොම්බ ගැන යි. එහි වළවල් හෙවත් ළිං 14 ක්‌ ඇත. ඉන් එක්‌ ළිඳකට ඔළිඳ ඇට 4 බැගින් දමා මේ ක්‍රීඩාව ඇරඹේ. මේ ඇති ඔළිඳ ඇට ගණන 56 කි. ඔළිඳ ඇටයෙහි මැද ක`ඵ ඉංගිරියාවකට සමාන ක`ඵ තිතකි.

පත් පත්‍ර

'පත්' යනුවෙන් හෙළ පද කිහිපයකි. ඉන් එකක්‌ එන්නේ 'පත්‍ර' යන සංස්‌කෘත පදය ඇසුරිනි. එහි අර්ථය පත්‍රය හෙවත් කොළය යි. 'පත්' යන්නේ තේරුම 'කොළය' වුවත් 'පත්' යන පදය 'කොළ' යන පදය සම`ග ම සමාස වී 'කොළ පත්' හා 'පත් කොළ' යනුවෙන් අමුතු අරුත් න`ගයි. 'කොළපත්' යනු පුවක්‌ පිත්තෙහි ගසට බැඳුණු කොටස යි. ගැමි දරුවන් කොළ පතක වාඩි කරවා ඇද ගෙන යැම එදා ගමේ සුලබ දසුනක්‌ විය.

'පත් කොළ' සම්බන්ධ වන්නේ පුවක්‌ ගසට නොව කෙසෙල් ගසට ය. කෙසෙල් කොළය 'පත් කොළයක්‌' බවට පත් වන්නේ එය ම`ද ගින්නෙහි තැවූ විට ය. එවැනි පත්a කොළය දෙවියන් බුදුන් හමුවේ ආහාර පිදීමට පවා යොදා ගන්නා කොළයකි. එමෙන් ම ගැමියන් වට්‌ටියක ආහාර ගන්නා විට එහි පත් කොළයක්‌ අතුරනු ලැබීම ද සිරිතකි. "පත් කොළේ කන්ටත් බිම ඉඳ ගන්ටත් බය වෙන්ට එපා" යෑයි කතාවක්‌ උඩරැටියන් අතර පවතී.

'පත්' යන පදය මුල් පදය වශයෙන් යෙදී සැදුණු සමාස කිහිපයකි.'පත් ඉරු' යනු ලිවීම සඳහා යොදා ගන්නා පුස්‌ කොළ ආදිය යි.'පත් කඩ' යනු වැඳීමට හෝ වාඩි වීමට යොදා ගන්නා හම් කඩ හෝ රෙදි කැබැල්ල යි. 'පත් කුඩ' යනු කුඩයක්‌ සේ ඉහලා ගෙන යැමට යොදා ගන්නා තල් අතු ආදිය යි.

'පත්' යන පදය දෙවෙනි පදය වශයෙන් යෙදී සැදුණු සමාස ද රාශියකි. 'ඉල පත්' යනු අතු ගෑම සඳහා ඉරටුවලින් සාදා ගන්නා උපකරණය යි. පිරිමියෙකුට ගැහැනියකගෙන් ඉල පත් පාර ලැබීම නින්දාවට කරුණකි. 'එළි පත්' යනු උ`ඵ වස්‌සෙහි උඩත් යටත් ඇති හරස්‌ ලී යි. එළි පත්තෙහි සිටින බළලා කොයි පැත්තට පනී දැයි නිසැකව ම කිව නොහේ. එබැවින් කිසිවෙකු කවර පියවරක්‌ ගනී දැයි නිරනුමානව කිව නොහැකි කල ඔහු "එළි පත්තේ ඉන්න බළලා වගේ" යෑයි පිරුළකට නැෙ`ග්.

'කැට පත්' හෝ 'කැඩ පත්' යනු මුහුණ බලන කන්නාඩි යි. කැට පතක්‌ සේ ඔපවත් වුණු පවුරක්‌ සීගිරියෙහි ඇත. 'කැට පත් පවුර' නම් වූ එහි කුරුටු ගා ඇති ගී සීගිරි කුරුටු ගී බවට පත් විය.

'තුඩ පත්' යනු තල් පතක ලියා ඇති රාජාඥාව හෝ පරිත්‍යාගය යි. 'පහිනි පත්' යනු හස්‌න යි. 'පිට පත්' යනු වෙනත් ලිපියක හෝ පොතක කොපිය යි. 'පියා පත්' යනු කුරුල්ලන්ගේ පිහාටු යි. 'වටා පත්' යනු භික්‌ෂූන් වහන්සේ සතු භාණ්‌ඩයකි. එයින් 'විජිනි පත්වල කාර්යය ද ඉටු වේ' 'විජිනි පත්' යොදා ගන්නේ පවන් සැලීම පිණිස ය.

මුද්‍රණ ශිල්පය නිසා නොයෙක්‌ වර්ගවල පත් නූතන සමාජයට පිවිසිණ. 'පුවත් පත්' යනු ප්‍රවෘත්ති පත්‍ර යි. ජනප්‍රිය පුවත් පතක 'පිට පත්' දහස්‌ ගණනින් විකිණේ. පොත් ද පත් ද එක්‌ වීමෙන් 'පොත් පත්' හා 'පත් පොත්' යන සමාස සැදේ' 'ඇරයුම් පත්' 'තැපැල් පත්' 'බිල් පත්' 'වෙසක්‌ පත්' ආදිය නූතන සමාජයට දැන් හුරු ය. එහෙත් 'පෙම් පත්' දැන් නොලියවෙන තරම් ය. ඒ වෙනුවට සංකේත මාර්ගයෙන් එස්‌. එම්. එස්‌. යෑවෙන බැවිනි.

පත් ( ප්‍රස්‌ථ

'පත්' යනුවෙන් තවත් හෙළ පදයකි. එය පාදක වන්නේ 'ප්‍රස්‌ථ' යන සංස්‌කෘත පදයත් 'පත්ත 'යන පාලි පදයත්a ය. 'ඉන්ද්‍රප්‍රස්‌ථ' හෝ 'ඉන්දපත්ත' යනුවෙන් බෞද්ධ සාහිත්‍යයෙහි ආ නගරය සිංහල කවි ලැකියට ආවේ 'ඉඳි පත් නුවර' යනුයෙනි. මෙය කුරු රටෙහි අගනුවර විය. වර්තමාන දිල්ලි නගරය පිහිටා ඇත්තේ මෙහි ය.

පත් ( ප්‍රාප්ත

'පත්' යනුවෙන් තවත් හෙළ පදයකි. එය සම්බන්ධ වන්නේ එන්නේ

'ප්‍රාප්ත' යන සංස්‌කෘත අතීත කෘදන්ත පදයට ය. 'ප්‍රාප්ත' යන පදයෙන් 'පැමිණි' 'එළඹුණු' යන අරුත් නැෙ`ග්. කිසිවෙකු කිසියම් පදවියකට 'පත් කරනවා' කියාත් කිසියම් පදවියකට 'පත් වෙනවා' කියාත් කියනු ඇසේ. අරමුණක්‌ ඉටු වීම එය 'මුදුන් පත් වීමක්‌' සේ සැලකිය හැකි ය. දැනුමෙන් 'කෙළ පත්' ප`ඩිවරු එදා සිටියහ. 'කෙළ' යනු කෝටිය යි. ඒ අනුව 'කෙළ පත්' යනු 'කෝටි ප්‍රාප්ත' යන්න කව් ලැකියට ආ සැටි යි.

පදවිය යනු සමාජයෙහි ඇති තැනක්‌ බැවින් එවැනි තැනකට පැමිණි පුද්ගලයා එහි 'තැන් පත් වූවෙකු' සේ සැලකිය හැකි ය. 'ගම්මුලිදෑනි තැන්පත්' 'පෙරකදෝරු තැන්පත්' වැනි වහර දැන් අභාවිතයට වැටෙමින් පවතී. කලබලයක්‌ නැතිව සිටින බෙහෙවින් 'තැන් පත්' අය යි.

දුකට පත් වූ තැනැත්තා 'දුක්‌ පත්' ය. දුක්‌ පත් යන්න පසුව 'දුප්පත්' වේ. දුප්පතුන්ට ඇත්තේ 'පැල් පත්' ය. බියට පත් වන්නා 'බිය පත්' වේ. ඇතැමුන් කෙරෙහි ඇත්තේ අපායෙහි වැටෙති යන බිය යි. සලාවත ජයපාල මැතිඳුන්ට එවැනි අවා බියක්‌ ඇති නුවූයේ දහම් පොත් පත් ලියූ හෙයිනැයි ගුත්තිල කවියා කියයි.

"නොවෙමියි අවා බිය පත්" ( 9 කවිය)

ඉදිරියට පැමිණීම 'ඉදිරි පත් වීමක්‌' ය. දීන භාවයට පත් වීම 'බැගෑ පත්' වීමක්‌ සේ සැලකේ. 'යහ පත්' අය හොඳ තත්වයකට පත් වූ අය යි. මූර්ඡාවට පත් වීම 'මුස පත්' වීමක්‌ ය. සමහරුන් ප්‍රේමයෙන් පවා 'මුස පත්' වූ බවක්‌ කියනු ඇසේ. අන්තිමට 'ඇ`ග පත' පමණක්‌ නොව සැම දෙයක්‌ ම 'දිරා පත්' වන බව කාට කාටත් 'සිහි පත්' වේ.

'පත් බඳිනවා' යෑයි ජන වහරක්‌ වැව් බැඳි රාජ්‍යයෙහි පැවතිණ. හේනට දිය ගෙන යැම සඳහා බොහෝ විට යොදා ගන්නේ වේලා ගත් ලබු ගෙඩියකි. එය අතින් එල්ලා ගෙන යැමට හැකි වන පරිදි එහි කර වටා වැල් පොටවල් බැඳේ. මෙය හැඳින්වෙන්නේ 'පත් බඳිනවා' යනුවෙනි. මෙසේ 'පත් බැඳපු ලබ්බක්‌' ගෙන හේනට යන්නෝ අද විරල ය.

මහාචාර්ය ඡේ. බී. දිසානායක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.