මැයි එදා - අද

වර්තමානය වනවිට ජාත්‍යන්තර මැයි දිනය දේශපාලන පක්‍ෂවල බලය පෙන්වීම සඳහා ගෙන යනු ලබන හුදු ප්‍රචාරක සැණකෙළියක්‌ බවට පත්ව ඇත. ඒ නිසාම රතු ධජය පෙරටු කරගත් කම්කරුවන් වෙනුවට දේශපාලන පක්‍ෂ පාට ධජ යටතේ රැස්‌වන දේශපාලන ව්‍යාපාරයක්‌ බවට මැයි රැළිය පත් වී ඇත.

අද වන විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ස්‌ථිර සේවයේ නියුතු සියලු වරප්‍රසාද භුක්‌ති විඳින සේවකයන් ලක්‍ෂ ගණනක්‌ සිටියත් වත්මන් ව්‍යාපාරික ප්‍රජාව ලාභය පමණක්‌ බලා ව්‍යාපාර කරගෙන යැම නිසා ස්‌ථිර සේවකයන් බඳවා නොගනී. ඔවුන් සේවකයන් සපයා ගන්නේ සේවා සපයන "මානව සම්පත්" හෙවත් "මෑන් පවර්" ආයතන වලිනි. මෙම සේවකයකුට හිමිවන්නේ දෛනික හෝ සති පඩි පමණක්‌ වන අතර ඔවුන්ගේ සේවයේ ස්‌ථිරත්වයක්‌ හෝ සේවක අර්ථසාධක අරමුදල් සේවක භාරකාර අරමුදල් නිවාඩු ආදී කිසිදු හිමිකමක්‌ නොලැබීම මහත් අසාධාරණයකි. ඔවුන් කිසිදු සේවා ස්‌ථානයක ස්‌ථිර සේවකයන් නොවන අතර ඔවුන්ගේ අනාගතය පිළිබඳ ඇත්තේද අස්‌ථිරත්වයකි. මේ නිසාම සෑම ශ්‍රමිකයකුටම මැයි දිනයේදීවත් තම යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳව කියා දෙන්නේ නම් හෙට දවස වැඩ වර්ජන පිකටින් වලින් තොර දිනක්‌ වනු ඇත.

කම්කරු නීති ක්‍ෂේත්‍රය විහිදී පැතිරී යන්නේ සේවක සේව්‍ය සම්බන්ධතා ඔස්‌සේය. මෙහිදී හාම්පුතා හා සේවකයා අතර ඇතිවන ගිවිසුම සේවා ගිවිසුම යනුවෙන් හඳුන්වනු ලැබේ. "එනම් සේවා ගිවිසුමක්‌ යනු වැටුපකට හෝ වේතනයකට තම සේවය සේවකයා විසින් සේවා යෝජකයාට කුලියට දීමට ඇතිකර ගන්නා ගිsවිසුමකි.

ෆ සේවා ගිවිසුමක කොන්දේසි

පත්වීමේ ලිපියේ අඩංගු කොන්දේසි - ආයතනයේ ස්‌ථාවර නියෝග, රැකියා විස්‌තරයේ අඩංගු කරුණු, ව්‍යවස්‌ථාපිත අණපනත් නීති රීති, සේවක අත්පොතේ අඩංගු කරුණු, පොදු නීතියේ සඳහන් සේවා නියුක්‌තියට අදාළ කොන්දේසි, ආයතනය විසින් වරින්වර නිකුත් කරන රෙගුලාසි, ආයතනයේ දර්ශනය පරමාර්ථය, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් සේවා නියුක්‌තියට බලපාන කොන්දේසි.

ෆ සාමුහික ගිවිසුම් වල අඩංගු කොන්දේසි

ප්‍රකාශිත කොන්දේසි ලෙස සැලකෙන අතර ඊට අමතරව ගම්‍යමාන කොන්දේසි ලෙස නිත්‍යානුකූල විධානයන්ට යටත් වීම, විශ්වාසනීයත්වය හා අවංකභාවය, හාම්පුතාට ගෞරව කිරීම, වෙනත් ස්‌වාමියකු යටතේ සේවය නොකරන බව, අතිකාල කළ යුතු බව, නියමිත වේලාවට පැමිණීම, වෙලාව සටහන් තැබීම, පිරිමැස්‌ම කඩිසරකම හා පිරිසිදුකම, පොදු නීතියේ කොන්දේසිවලට හා ආයතන නීති රීතිවලට යටත්වීම, ස්‌ථාන මාරුවීම්වලට ලක්‌විය හැකි බව, සාමුහික ගිවිසුම කොන්දේසි රැකීම, ගනුදෙනුකරුවන්ට මහජනතාවට ගරු කිරීම, රාජකාරියේදී කාර්යසාධන මට්‌ටමක්‌ පෙන්වීම, කර්මාන්තය තුළ පවත්නා සම්ප්‍රදායන් රැකීම. සේවකයකු අතින්ම සිදුවිය යුතුය.

එසේම සෑම සේවකයකුම තමා අයත්වන්නේ කුමන සේවා ගණයටද යන්න වටහා ගත යුතුය.

ෆ රාජ්‍ය සේවකයන් - ශ්‍රී ලංකා ජනරජය යටතේ වැටුප් හා වේතන ලබන්නා වූ තනතුරු දරණ සේවකයන් මේ ගණයට අයත් වේ. ඔවුන් තනතුරු දරණ කාලසීමාව - 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව තනතුරු දරන කාලය, ජනාධිපතිගේ හෝ කැබිනට්‌ ඇමැතිවරුන්ගේ ප්‍රසාදය දරන කාලයට පමණක්‌ සීමා වේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 55 (4) යටතේ සේවකයන්ට බලපාන රෙගුලාසි සම්පාදනය කිරීමේ බලය කැබිනට්‌ මණ්‌ඩලයට පවරා ඇත. විශ්‍රාම යැමේ කාලසීමාව අවු. 55 වුවද නමුත් වාර්ෂික දීර්ඝ කිරීම් මත අවු. 60 දක්‌වා සේවයේ තබාගත හැක.

ෆ රාජ්‍ය සංස්‌ථා සේවකයන්: - මෙයට අයත් වන්නේ අර්ධ රාජ්‍ය ආයතනයන් ලෙස පාර්ලිමේන්තු පනතක්‌ යටතේ ස්‌ථාපිත කොට ඇති රාජ්‍ය සංස්‌ථා හා මණ්‌ඩලවල සේවකයන්ය. අමාත්‍යාංශ වගකීම් යටතේ පාර්ලිමේන්තුවට මූල්‍යමය වශයෙන් වගකිව යුතු වුවත් පාර්ලිමේන්තු පනතක්‌ යටතේ ස්‌ථාපිත කොට ඇති රාජ්‍ය සංස්‌ථා හා මණ්‌ඩලවල නිරත සේවකයන්ය. මොවුන් රාජ්‍ය සේවකයන් හෝ රාජ්‍ය නිලධාරීන් ගණයට නොවැටේ. මොවුන්ට යම් අසාධාරණයක්‌ වූ විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කළ හැකිය. රාජ්‍ය සේවකයන් නොවන බැවින් කාර්මික ආරවුල් පනත යටතේ කම්කරු විනිශ්චය සභා වැනි අධිකරණය ඉදිරියට ද සිවිල් නීතිය යටතේ නඩුවක්‌ පැවරීමට ද හැකිය.

පළාත් රාජ්‍ය සේවකයන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට අනුව නීතිගත කරන ලද 1987 අංක 42 දරන පළාත් සභා පනත මගින් රජයට අයත් කාර්යයන් කරගෙන යැමට සෑම පළාත් සභාවක්‌ සඳහාම සේවයක්‌ ස්‌ථාපිත කරන ලදී. මේ සේවකයන් පළාත් සභා රාජ්‍ය සේවකයන් ලෙස හඳුන්වයි. මධ්‍යම රජයේ සේවය කරමින් සිටියදී එහි සියලු වරප්‍රසාද සහිතව පළාත් සභාවට සේවයට බැඳුන අය හා පළාත් සභා රාජ්‍ය කොමිසම යටතේ අලුතින් සේවයට අනුයුක්‌ත කළ සේවකයන් දෙකොටසකින් සමන්විතය.

පෞද්ගලික අංශයේ සේවකයන් ගෘහස්‌ත අංශය, වතු අංශයේ සේවකයන්, වෙළෙඳ සේවකයන් කාර්මික සේවකයන් සමූපකාර සේවකයන් ආදී ලෙසද සේවකයන් වර්ගීකරණයට ලක්‌ වේ.

එසේ වුවද රාජ්‍ය අංශයේ විශ්‍රාම ලබන සේවකයන්ට අමතරව අනිකුත් සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් හා පාරිතෝෂික දීමනා ආදියට හිමිකම් ලැබේ.

ෆ සේවක අර්ථසාධක අරමුදල - 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත 1958 මැයි මස 9 සිට ක්‍රියාත්මක වේ. 1971.01.01 සිට ක්‍රියාත්මක සංශෝධිත පනත අනුව සෑම සේවා යෝජකයකුම අරමුදල් ගෙවීමට බැඳී සිටින අතර සේවකයකුගේ දායක මුදල් අඩුකර ගැනීමට සේවකයාගේ කැමැත්ත අනවශ්‍යය.

මේ සඳහා දායක මුදල් කපා ගැනීම 1958 - 70 සේව්‍යයාගෙන් 6% හා සේවකයාගෙන් 4% ලෙස ද, 71-80 දක්‌වා සේව්‍යයාගෙන් 9% හා සේවකයාගෙන් 6% ලෙසද, 1981 සිට මේ දක්‌වා සේව්‍යයාගෙන් 12% හා සේවකයාගෙන් 8% ලෙස ද සේවක අර්ථසාධක අරමුදලට බැර කරනු ලැබේ.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පිරිමියකු නම් වයස 55 දී ද ස්‌ත්‍රියක නම් අවුරුදු 50 දී ද දායක මුදල් ලබාගත හැකි අතර ස්‌ත්‍රියකට සේවයෙන් ඉවත්ව යැමේදී තෙමසක්‌ ඇතුළත ද විවාහ වී වසර පහක්‌ ඇතුළත ද දායක මුදල් ලබාගත හැක. මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල යටතේ වූ නිවාස ණය යෝජනා ක්‍රමයක්‌ ඇති අතර ඉඩමක්‌ මිලදී ගැනීමට, නිවසක්‌ තැනීමට, තිබෙන නිවසක්‌ අලුත්වැඩියාවට හෝ නිවස තැනීමට අපේක්‍ෂිත ඉඩම උකසකින් බේරා ගැනීම වැනි කාර්යයන් සඳහා සේවක අර්ථසාධක අරමුදල ඇපයට තබා ණය ලබාගත හැක.

ෆ සේවා නියුක්‌ති භාරකාර අරමුදල - මෙය ස්‌ථාපිත කරන ලද්දේ 1980 අංක 46 දරන සේවා නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදල අනුවය. එය 1981 ජනවාරි මස 18 වන දින සිට ක්‍රියාත්මක වේ. මෙය සේව්‍ය පක්‍ෂය, සේවක පක්‍ෂය හා රජය නියෝජනය වන පරිදි සාමාජිකයන් 9 දෙනකුගෙන් සමන්විතය. අරමුදල් ලබාගත හැකි අවස්‌ථා වයස අවු. 60 දී සේවයෙන් ඉවත්ව යැම, විදේශයක පදිංචියට යැම,

ජීවිත රක්‍ෂණ හිමිකම: වයස අවු. 70 නොයික්‌ම වූ සියල්ලන්ම ස්‌වංක්‍රීය රක්‍ෂණයකට හිමිකම් ලබති. හදවත් සැත්කම් මූල්‍යාධාර, ඇස්‌ සුද ඉවත් කිරීමේ සැත්කම, පහ වසර ශිෂ්‍යත්වය සමත් වූ දරුවන්ට ලැබෙන ශිෂ්‍යාධාර, මෙය සාමාජිකයන් 2500 සීමාවේ. ස්‌වයංක්‍රීය ජීවිත රක්‍ෂණ සාමාජිකයකු සේවය කරන කාලසීමාවේදී හෝ ඉන් බාහිරව සිදුවන මරණයකදී රක්‍ෂණ ප්‍රතිලාභ හිමි වේ. මෙහි විශේෂය වන්නේ සියදිවි නසා ගැනීමකදී වුවද රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීමය. මෙය උපරිමය රු. 50,000 වේ. මීට අමතරව ශ්‍රම සුව වෛද්‍ය රක්‍ෂණය යටතේ සාමාජිකයකු රෝහල්ගත වූ විටදී රු. 25000 රෝහල් ගාස්‌තු ප්‍රති පූර්ණය කිරීමට රක්‍ෂණ ආවරණයක්‌ හිමිය. තවද "වියන" නිවාස ණය ක්‍රමය යටතේ රුපියල් 250,000 සිට දශලක්‍ෂය දක්‌වා ණය මුදලක්‌ ලබාගැනීමේ හැකියාවද සේවක භාරකාර අරමුදල් හිමියන්ට උරුම වේ.

නිවාඩු: සෑම සේවකයකුටම නිවාඩු ආඥ පනතේ 6 වන වගන්තියට අනුව නිවාඩු සඳහා විධිවිධාන සලසා ඇති අතර මේ යටතේ සෑම සේවකයකුටම සති නිවාඩුව වැදගත් වේ. මේ යටතේ බොහෝ සේවා ස්‌ථානවල සෙනසුරාදා වරුවක්‌ හෝ ඉරිදා දවසම නිවාඩු ලබාදෙන අතර ඇතැම් සේවා ස්‌ථානවල වැඩ කරන පැය ගණන දීර්ඝ කර මේ දෙදිනම නිවාඩු ලබාදේ. මීට අමතරව ඒaවා හාම්පුතුන්ගේ අභිමතය පරිදි දින 14, 18, 21 හෝ 28 වැනි කාලසීමාවන් සඳහා වාර්ෂික නිවාඩු ලබාදෙන අතර රජයේ අනුමත නිවාඩු වශයෙන් දෙමළ තෛපොංගල් දිනය, ජාතික නිදහස්‌ දිනය, සිංහල හින්දු අලුත් අවුරුදු දිනයට පෙර දින හා අවුරුදු දින, මිලාදුන් නබි උපන් දිනය, මැයි දිනය, වෙසක්‌ පුරපසළොස්‌වකට පසු දිනය, නත්තල් දිනය රජයේ ප්‍රසිද්ධ වෙළෙඳ නිවාඩු දින ලෙස නම් කර ඇති අතර කාන්තා පාර්ශවයට ප්‍රසූත නිවාඩු ද ලබාදේ. සේවය අවසන් කිරීමේදී ද සේවා කාලය වසර පහකට වැඩි නම් පාරිතෝෂික දීමනා හිමිකම් ලැබීමේ වරප්‍රසාදය ද සේවකයන්ට හිමි වේ.

මහේJද්‍ර රන්දෙනිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.