වාස්‌තු ශිල්පීය ධ්වනිතභාවය

3 වන කොටස
වාස්‌තු විද්‍යා විශාරද ඡේ. ගොඩකන්දආරච්චි

ජනාවාස සහ වාස්‌තු විද්‍යාවේ අතීත නටබුන්

ලෝකයේ ඉපැරැණිම ගොඩනැඟිලි හමුව ඇත්තේ දකුණු ආසියානු කලාපය තුළදීය. ඉන්දියාව, පකිස්‌තානය, ශ්‍රී ලංකාව මින් ප්‍රධාන ස්‌ථානයක්‌ ගනී. ඉන්දීය වාස්‌තු විද්‍යාවේ පසුතලය ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය බිහි වීමත් සමග ව්‍යාප්ත වූ බව පෙනේ. ශ්‍රී ලංකාවේ ද ප්‍රාග් බෞද්ධ යුගයේ සිට මහනුවර දක්‌වා වූ කාලය වාස්‌තු විද්‍යාත්මක නිර්මාණ බිහි වූ කාලපරිච්ඡේදයක්‌ ලෙස හැඳින්විය හැකිය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සින්දු නදිය ආශ්‍රය කොට හරප්පා නගරයද, පහළ සින්දු ප්‍රදේශය වන මොහෙන්ජදාරෝ යන නගර වලද පැවැති බව කියෑවේ. මේ අනුව ඉපැරැණි ශිෂ්ඨාචාරය වූ මොහෙන්ජදාරෝ හාරප්පා නගර කේන්ද්‍ර කොට ජනාවාසද, ඉන්පසු ක්‍රමයෙන් මේ දක්‌වා ඉදි වූ ගොඩනැඟිලි හා සමාජ රටාවන් නිර්මාණය වූ බව ද කියෑවේ. මේ නගර නිර්මාණයේ දී සංකීර්ණ ගොඩනැඟිලි, ඇළවේලි, උස්‌ වූ ගොඩනැඟිලි, ජලාශ, පාලම් පිළිබඳ අවබෝධයක්‌ ඇතිමුත් ඒ සඳහා යොදාගත් වාස්‌තු ශාස්‌ත්‍රීය රීතීන් අවබෝධ කර ගැනීමට කිසිවකු සමත් වී නැත. කෘෂි ආර්ථිකය හරහා ඊට අනුකරණය වෙමින් ඉපැරැණි වාස්‌තු විද්‍යාව පන්සල, කෝවිල, රාජ මන්දිර පිළිබඳව යොදා ගෙන ඇතිමුත් අතීත ගෘහ නිර්මාණයේදී ගල් කණු, ගල් පඩි, පරිසරයට ආවේණිකව උස්‌ පහත්කම් අනුව යොදාගත් බව දැකගත හැකිය. අතීතයේ දැව බොහෝසෙයින් යොදා ගත්තේ වුවද කාලානුරූපව දැව දිරා යැම නිසා ප්‍රාග් වාස්‌තු නිර්මාණයන් අද දක්‌නට නැත.

බෞද්ධ උරුමය සහ වාස්‌තු

බුදුන් වහන්සේ උදෙසා ඡේතවනාරාම, වේළුවනාරාම, ජීවකාරාමය ස්‌ථාපිත කළ අතර, බුදුන් වහන්සේ ද වාස්‌තු නියමයන් දේශනා කර ඇති බව පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ. එහිදී බුදුන් වහන්සේ ස්‌ථූපයක්‌ ඉදිකළ හැකි අය කවරේද? යන්න පැහැදිලි කර ඇත. බුදු, පසේ බුදු, ශ්‍රාවක හා චක්‍රවර්ති යන සිව්දෙනා සඳහා පමණක්‌ ස්‌ථූප ඉදිකළ යුතු බව නියම කරන ලදී. ගෞතම ද්වාරය යන වචනය ද බුදුන් වහන්සේගේ කාලයේ සිට පැවතෙන්නක්‌ බව පෙනේ. ශ්‍රී ලංකාවේ වාස්‌තු විද්‍යාව අනුරාධපුර යුගය ආරම්භක යුගය ලෙස ඉතිහාස ගත වී ඇත. අනුරාධපුර යුගයේදී මහා විහාරය, ථූපාරාමය, අභයගිරිය, ඡේතවනාරාමය, ලංකාරාමය ආදි විහාර ද, සංඝාරාම ද, ස්‌ථූප ලෙස රුවන්වැලි සෑය, මිරිසවැටිය, අභයගිරිය, ඡේතවන ස්‌ථූපය උද්‍යාන, රැස්‌වීම් ශාලා, වැව් පොකුණු ද, උපෝසථාගාර ද ඉදි වී ඇත. මේ සියල්ල සඳහා වාස්‌තු ශාස්‌ත්‍රීය සිද්ධාන්ත යොදාගෙන ඇතත් ඒවා කවරේද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් දාරුමය ඉදිකිරීම් දක්‌නට නැති වුවත් ශෛලමය ඉදිකිරීම් අද ද අපට දැකබලා ගත හැකිය. ඉන්පසු පොළොන්නරු යුගය ද, ලංකාතිලක, ගල්විහාර ද ඉදි වී තිබේ. පොළොන්නරු යුගයෙන් පසු දඹදෙණි යුගය බිහි වී ඇති අතර එහිදී වටදාගෙය පූර්ණ වාස්‌තු ශාස්‌ත්‍රීය ලක්‍ෂණයන්ගෙන් යුක්‌ත වූ බව කියෑවේ. දඹදෙණියෙන් පසු යුගය මහනුවර යුගය ලෙස සැලකේ. එහෙත් රාවණා රජ සමයේ සිට වාස්‌තු පැවත එන බව විශ්වාස කෙරේ.

ක්‍රි. පූ. 161 සහ 137 කාලවලදී දුටුගැමුණු රජ දාගැබ් කර වූ බවද, රුවන්වැලිසෑය හෙවත් දාගැබ කවර හැඩයක්‌ වේදැයි රජු ඇසූ සැණින් ගොඩනැඟිලි නිර්මාණකරුවා රනින් කළ බේසමකට වතුර පුරවා අත්ලට ගත් වතුර වැරෙන් දියමත හෙළා නැගුණුq ජල බුබුල පෙන්වා ඒ හැඩය දාගැබ සෑදීමට යොදා ගන්නා බව පෙන්වීම තුළින් එදවස වාස්‌තු කර්ම ශිල්පීන් කොපමණ නිර්මාණශීලීදැයි සිතාගත හැකිය. සැණින් රජු ඔහුට මිරිවැඩිසඟලක්‌ සහ කහවුණු දොළොස්‌දහස්‌ පන්සියයක්‌ ප්‍රදානය කළ බව කියෑවේ. ඉපැරැණි නගර නිර්මාණ දෙස බැලීමේදී පරිසමාප්aතියෙන්ම මෙය විද්‍යාවක්‌ ලෙස වෙන් කළ බව කිවහැකිය. එතැන් පටන් බටහිර දිශාව මළවුන්ගේ දිශාව ලෙස පැවත එන අතර වර්තමානය ද නිවසට මෙම දිශාව වැරැදි සහගතව යොදා ගැනීම දක්‌නට පුළුවන. එනම් මළවුන්ගේ දිශාව ලෙස සලකා බටහිරට හිස දැමීම නුසුදුසු යෑයි සිතීමත් බටහිර දිශාවට නිවසක මුහුණත නුසුදුසු යෑයි යන මතයත් අභාග්‍ය සම්පන්නව වැළඳගෙන ඇත. වාස්‌තු ලෙස බොහෝ විට මිනිසුන් අතර පවත්නේ ශ්‍රැතව එනම් ශ්‍රවණය කර අනාවරණය කරන දේවල් පමණක්‌ අඩංගු කිරීම නිසා වාස්‌තු ශාස්‌ත්‍රයක්‌ ලෙසින් බැහැර වී යැමට එය එක්‌ හේතුවක්‌ විය. පසුකාලීනව බටහිර ජාතීන් ඒ සඳහා සැපයූ තල්ලුව වාස්‌තු ශාස්‌ත්‍රය ආගාධයකට පත් වුණි. එහෙත් මේ වන විට වාස්‌තු ශාස්‌ත්‍රයේ පවත්නා සක්‍රීය බව ජීවමානත්වය සහ ඒ අවශ්‍යතාව වැටහී ඇත. මෑතක සිට එම ආගාධයට වැටුණු වේගයට වඩා වැඩි ප්‍රවේගයකින් වාස්‌තු ශාස්‌ත්‍රය ඉහළට නැඟීම ජාතියේ මහා පිනකි.

වාස්‌තු විද්‍යා පරීක්‍ෂණ

ලංකාවේ වාස්‌තු පිළිබඳව ගවේෂණය කළ බවක්‌ දක්‌නට නැත. එහෙත් ඉපැරණි ඉදිකිරීම් නිර්මාණ සම්බන්ධයෙන් විමර්ශනයක යෙදී තිබෙන බව පෙනේ. ඒ නිසාම අතීත නටඹුන් පිළිබඳව අපට යම් යම් කරුණු දැනගත හැකිව තිබේ. අම්බලන් පිළිබඳව කරන ලද පරීක්‍ෂාවන්, විහාර පිළිබඳව කරන ලද පරීක්‍ෂාවන්, දක්‌නට තිබුණ ද ලංකාවේ වාස්‌තු සිද්ධාන්ත යොදා ගත් ආකාරය පිළිබඳව මේතාක්‌ විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු වී නොමැති බව මගේ හැඟීමයි. නිවාස හා ගොඩනැඟිලි පිළිබඳව පවතින දුර්මත වැඩි ප්‍රමාණයක්‌ සංතාන ගත වී ඇති ප්‍රදේශ ලෙස කුලියාපිටිය, මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ, මීරිගම ආදී ප්‍රදේශ බව අප සොයා ගෙන ඇත. ලංකාවේ වලව් සම්බන්ධ නිරීක්‍ෂණයන් කරනු ලැබ ඇතත් වලව් පිළිබඳ වාස්‌තු ගවේෂණයක්‌ මේතාක්‌ සිදු වී නැත. පාර හා ගේට්‌ටුව සම්බන්ධයෙන් බලපවත්වන වාස්‌තු සිද්ධාන්ත පිළිබඳ පර්යේෂණ අප විසින් සිදු කර ජනතාවට එහි සත්‍යය දැනටමත් ඉදිරිපත් කර ඇත. උළුවහු සහ ජනෙල් ප්‍රමාණයන්ගේ එකතුව ඔත්තේ සහ උළුවහුවලට වඩා ජනෙල් ප්‍රමාණය වැඩි විමේ සිද්ධාන්තය සාර්ථක බව අප විසින් සොයා ගෙන ඇත.

වාස්‌තු හි විද්‍යාත්මකභාවය

ඕනෑම ශාස්‌ත්‍රයක විද්‍යාත්මක බව ර¹ පැවැත්ම සඳහා අවශ්‍ය කරන සාධක බොහෝමයක්‌ හඳුනාගෙන ඇත. මෙහිදී භාවිත කරනු ලබන ශිල්පීය ක්‍රම අනුව එය විද්‍යාත්මක ද? නැද්ද? යන්න තෝරා බේරා ගැනීම සිදු කරනු ලැබේ. දිශානුකරණයේ දී මාළිමාව විද්‍යාත්මක උපකරණයක්‌ ලෙස පළමුවෙන්ම භාවිත කිරීම කරනු ලැබේ. මාළිමාව ප්‍රථමයෙන්ම චීනය විසින් සොයා ගත්තා යෑයි සැළකේ. ආදි කාලයේ දී දිශානුකරණය සඳහා සූර්යයාගේ කිරණ අනුව දිශා ගණනය කිරීම කරන ලදී. තවද විද්‍යාත්මක බවක්‌ තිබේ ද යන්න කාල පරාසයක්‌ තුළ කරන ලද නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා නිගමනයන් ආශ්‍රයෙන් ද එහි විද්‍යාත්මක බවක්‌ ඇද්ද? නැද්ද? යන්න තහවුරු කළ හැකිය. විශ්වය ලෙස අප හඳුනනු ලබන්නේ සාමාන්‍ය වශයෙන් අප ජීවත් වන ලෝකයයි. එම ලෝකයේ විවිධ ශක්‌තීන්ගෙන් ගහණ වී ඇත. මෙම ශක්‌තීන්ගෙන් වාස්‌තු ශාස්‌ත්‍රයට යටත් වන මනුෂ්‍යයා, මනුෂ්‍යයා පරිහරණය කරන දේ සහ ඔහුගේ ජීවත් වීම සඳහා තිබෙන වාසස්‌ථානය අතර දී සිදු වන සියලුම ක්‍රියාවලීන්ගේ අධ්‍යයනයක්‌ වාස්‌තු ශාස්‌ත්‍රයෙන් සිදු කෙරේ. දැනට සොයාගෙන ඇති විද්‍යාත්මක ශක්‌ති පදාර්ථයන් 108 ක්‌ පමණ වේ. මේ සෑම ඒකකයක්‌ම නිර්මාණය පරමාණුවෙන් සිදුවන බව පෙනේ. එය ඉතා සියුම් ඇසට නොපෙනෙන න්‍යෂ්ටියකින් යුක්‌ත වේ. වර්තමානයේ පරමාණුවටත් වඩා බිංදුවේ 12 වැනි බලය සහිත කුඩාම ශක්‌ති ඒකකය නැනෝ වශයෙන් හැඳින්වේ. ජලයේ වැවෙන නෙළුම් කොළය ස්‌වභාවික නිර්මාණයේදී නැනෝ තාක්‍ෂණය සහිත කදිම නිර්මාණයකි. විශ්ව නිර්මාණයේ ඉපැරැන්නන් විසින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් කොටස්‌ හතරකට වෙන් කරන ලදී. ආපෝ හෙවත් ජලය විද්‍යාත්මක වශයෙන් හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් ප්‍රමාණාත්මක එකතු වීම ලෙස හැඳින්වේ. පරමාණුහි න්‍යෂ්ටිය, ප්‍රොaට්‍රොaන, නියුට්‍රොaන සහ ඉලෙක්‌ට්‍රොaන වශයෙන් මූලික අංග 3 කට වෙන් කෙරෙනු ලැබේ. උෂ්ණත්වය නිසා ඉලෙක්‌ට්‍රොaනයේ ශක්‌තිය වැඩිවීමක්‌ සිදුවේ. වාස්‌තු ශාස්‌ත්‍රයේ දී නිවසක අංග දිශානුගත කිරීමේ දී මෙම මූලධර්මය විද්‍යාත්මකව යොදා ගෙන ඇත. මනුෂ්‍යයාට ජීවත් වීම සඳහා සකසන නිවසේ දී හිරු එළිය සහ වාතය පිළිබඳව සැළකිල්ලක්‌ වාස්‌තු ශාස්‌ත්‍රයේදී අධ්‍යයනය කෙරේ. එහිදී දේශගුණික තත්ත්වයන් එනම් නිරිතදිග මෝසම්, ඊසාණදිග මෝසම් වැනි කාල ප්‍රභේද සළකා නිවස සැළසුම් කිරීම විද්‍යාත්මකව සිදු කෙරේ. නිවසේ අන්ධ බිත්ති ඝනකමින් වැඩි කිරීම, නිවසක උස වැඩි කිරීම, කෝට්‌ යාර්ඩ් වැනි අංගයන් නිවස ඇතුළත සුදුසු පරිදි යොදා ගැනීම, ජනෙල් හි ප්‍රමාණය වැඩි කිරීම, නිවස හැකි තරම් ස්‌වභාවික ලක්‍ෂණවලට ගැලපීම, ජලයට අයිති ස්‌ථානය ජලයට ලබා දීම, ගින්දරට අයිති ස්‌ථානය ගින්දරට ලබා දීම, හිරු ප්‍රවාහය අඩු කිරීම සඳහා දකුණු බටහිර උස්‌ වූ ගස්‌ වැවීම, නිර්දේශ කිරීම කෙතරම් විද්‍යාත්මකව සිදු වේ දැයි නිරීක්‍ෂණය කළ යුතුය. දුවාදරුවාගේ කාමරය මාපියන්ගේ දෘෂ්ටි කෝණයට යටත්ව පිහිටුවීම, අඹු සැමි නිදන කාමරයන්හි හිස චුම්බකත්වය ඉහළ අගයක්‌ ගන්නා උතුරට නොදැමීම ඉපැරණියේ සිට සිදු වූ ආකාරය ඉතා පැහැදිලිය. මෙම විද්‍යාත්මක ක්‍රමවේදයකට වාස්‌තු ශාස්‌ත්‍රය පිහිටුවන නිසාම වර්තමානය ද අනාගතය ද ඕනෑම අවස්‌ථාවක මෙම ශාස්‌ත්‍රය නිසි පරිදි යොදා ගැනීමට මනුෂ්‍යය වර්ගයාට හැකියාව ඇත. විද්‍යාත්මක ඕනෑම උපකරණයකට ශක්‌ති පදාර්ථයක්‌ මුසු කළ යුතුය. නැත්නම් එහි ක්‍රියාකාරිත්වය ඇණහිටී. මනුෂ්‍යයාගේ නිර්මාණයක්‌ වන නිවස ශක්‌ති සම්පන්න කිරීම විශ්ව ශක්‌තිය හරහා සිදු කළ යුතුය. එය මනුෂ්‍යයාට හිතකර පරිදි කෘත්‍රිම ලෙසින් ශක්‌ති සම්පන්න කිරීමට යැමේ දී ඇති වන ගැටලු විවිධය. එහිදී දිශානුගත ශක්‌ති පදාර්ථයන්ගේ විච්ඡේදනය හෙවත් අනවශ්‍ය කැඩී යාම් මගින් සිදු වන අහිතකර බලපෑම නිසාම ගෘහය හෝ ගොඩනැඟිල්ල අක්‍රීය වේ. අද මෙවැනි තත්ත්වයන් බහුලව දක්‌නට හැකිය. මෙවැනි තත්ත්වයන් මුදල් නිසාම සිදුවෙන්නක්‌ වේ. මී මැස්‌සා මී පැණි ගැනීමේ දී පරාග පෝෂණය ද ඉබේම සිදු වේ. ස්‌වභාවිකත්වය එවැනි සියුම් ආකාරයකට නිර්මාණය වීම ගැන වාස්‌තුවේදියා නිරන්තරයෙන් නිරීක්‍ෂණයේ යෙදී සිටිය යුතුය. නිවසක හෝ ගොඩනැඟිල්ලක ඉතා සියුම් උපකරණ වලින් මෙවැනි වෙනස්‌වීම් ක්‍ෂණිකව සිදු වන නිසා හිටිහැටියේ හදිස්‌සියේ මෙවැනි ස්‌ථාන ස්‌වභාවික නීතියට යටත්ව ස්‌වභාවයෙන්ම ඉවත් කරන බව පැහැදිලි කර ගත යුතුය.

සුළඟ, හිරු එළිය, සඳ එළිය, ජලය මේවා නිවසක ශක්‌තිය ඇති කරන ප්‍රධාන සාධක වේ. මෙමගින් නිවසට පරාවර්තනය වන ශක්‌තීන් ඉතා ප්‍රබලය. සර් අයිසැක්‌ නිව්ටන් ගසකින් වැටෙන ගෙඩියක්‌ ගුරුත්වාකර්ෂණය ලෙස නම් කළ අතර එය න්‍යායක්‌ ලෙස විද්‍යාත්මක ලෝකයේ අදටත් භාවිත වේ. නිවසක ගුරුත්වාකර්ෂණය, ගුරුත්ව කේන්ද්‍රය වැදගත් විද්‍යාත්මක න්‍යායක්‌ ලෙස සැලකේ. වාස්‌තු ශාස්‌ත්‍රයේදී මෙම වචන භාවිත නොකළ ද මෙම න්‍යාය ධර්මයන් කෙරෙහි සැළකිල්ලක්‌ දක්‌වා ඇත. සර් අයිසැක්‌ නිව්ටන් ඉපදීමටත් වර්ෂ දහස්‌ ගණනකට පෙර සිට මෙම ශාස්‌ත්‍රය පැවතීම සහ එම මූලධර්මයන් වාස්‌තු ශාස්‌ත්‍රයේ පැවතගෙන ඒම සහ මතුවටත් පැවතීම දක්‌නට පුළුවන. කාමරයන්හි වර්ගඵලය, සාලයේ වර්ගඵලය, ප්‍රධානියාගේ කාමරයන්හි වර්ගඵලයන් ආදී සෑම ඒකකයක්‌ම වර්ගඵලයේ එකතුව අනුව සමස්‌ථ වර්ගඵලය හෙවත් ගෘහ පිණ්‌ඩය පමණක්‌ මගින් විශ්වයට හිතකර වූ සංඛ්‍යාතයන්ගේ අගයන්ට නිවස සකස්‌ කිරීම කෙතරම් විද්‍යාත්මක දැයි ද, ඉපැරැණි වාස්‌තුවේදියා ඥණයෙන් යුක්‌තවූ දැයි ද, සිතා ගැනීමට වත් නොහැකිය. එකම ඝනකමකින් යුක්‌ත බිත්ති වලින්ම පමණක්‌ ඉපැරැණියේ නිවාස ඉදිකිරීම දක්‌නට හැකිය. එහි බිත්ති ඝනකම්ද වැඩිය. මේ හේතුව නිසාම ඇතුළත උෂ්ණත්වය රැක ගැනීමත් නිවසේ ඇතුළත තිබෙන්නා වූ ගෘහ භාණ්‌ඩවලින් නිකුත් වන්නා වූ ශක්‌ති පදාර්ථයන් අවශෝෂණය කිරීමට හැකියාව ලැබීමත් නිසා සමස්‌ථ ගෘහය මනුෂ්‍යයාට ශුභදායී කිරීමේ චක්‍රය නිවස ඇතුළතම පිහිටුවීමට ඉපැරැණි වාස්‌තුවේදියා සමත් විය. මේ තුළින් නිවස ඇතුළත වැඩෙන බැක්‌ටීරියා, වෛරස්‌, ක්‍ෂුද්‍ර ජීවීන් පසුවෙන් ඉවත් කිරීමට ඉපැරැණි නිවාස වල ශක්‌තිය නිතැතින්ම ඇති වේ. එහෙත් නූතන නිවාස වල වෙනත් විෂකාරක ද්‍රව්‍යයන් යෙදීමෙන් මනුෂ්‍යයා මෙවැනි අහිතකර දේ වලින් මිදෙන්නට උත්සාහයක්‌ ගත යුතු වන්නේය. මෙම විෂබීජ ජීවීන්ගේ සෛලවලට රිංගා ජීවයාගේ එන්සයිමයන් ප්‍රයෝජනයට ගෙන මහත් වේගයෙන් වැඩීම නිසාම මනුෂ්‍යයාට සිදු වන්නේ මහත් අනර්ථකාරී තත්ත්වයකි. මේ නිසා ප්‍රතිජීවක මත යෑපීමට කෘත්‍රිම වූ නිවසේ මනුෂ්‍යයාට සිදු වී ඇත. නිවසක ඇතුළත වන අඳුර නිසා නිවසේ ශක්‌ති ප්‍රමාණයෙහි වෙන වෙනස බොහෝම ඉහළය. ඒ නිසා අඳුරු ස්‌ථාන වල විදුලි බල්බ මගින් එළිය කිරීමට සිදු වීමට තරම් මනුෂ්‍යයාගේ නිවස සැළසුම් කිරීමට අඥණයන්ගේ පාපතර ක්‍රියාවකි. මිනිසාගේ ජීවනාලිය කොඳු නාරටි පද්ධතිය ලෙස හඳුනාගෙන ඇත. එය ඉතා වැදගත් ය. නිවසක්‌ පිහිටුවීමේ දී නිවසේ කොඳු නාරටිය ලෙස පාද සටහන, දිශා සටහන සහ සීහුම් කිරීම සහ වර්ගඵල සීහුම් ඉතා වැදගත් ය. සූර්යයා ගිනිගොඩකි. එහෙත් එය නැතිව අපට ජීවත් වීමට නුපුළුවන. නියුටන්ගේ න්‍යාය අනුව සෑම බලයකටම ප්‍රතිවිරුද්ධ වූ බලයක්‌ තිබේ. වාස්‌තු විද්‍යාඥයා මෙවැනි තත්ත්වයන් කෙරෙහි දැඩි අවධානයක්‌ යොමු කළ යුතුය. පොහොය දින වල මනුෂ්‍යාගේ ස්‌නායු පද්ධතිය යම් යම් බලපෑම් සිදුවන බව විද්‍යාත්මකව ඔප්පු වී ඇත. ඒ නිසාම වාස්‌තුවේදියා නිවාස ඉදිකිරීමේදී කාල පරාසයන් කෙරෙහි දැඩි සැලකිල්ලක්‌ දැක්‌වීම මගින් වාස්‌තු ශාස්‌ත්‍රය කෙතරම් විද්‍යාත්මක දැයි ඔබට වැටහෙනවා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.