මගේ පියාට එරෙහි චෝදනා අසත්‍යයි අසාධාරණයි

- අමීනා අසාද් සාලි කියයි

තම පියාට එරෙහිව නඟා ඇත්තේ අසාධාරණ හා අසත්‍ය චෝදනා බව ජාතික සමගි සන්ධානයේ නායක අසාද් සාලි මහතාගේ දියණිය වන අමීනා අසාද් සාලි මෙනවිය ප්‍රකාශ කළාය.

සාලි මෙනවිය මේ අදහස්‌ පළ කළේ කොළඹ රාජගිරිය ජාතික වතු කම්කරු ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී ඇය මෙසේද ප්‍රකාශ කළාය.

ජාතික සමගිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්‌තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ද සියලු ජනයාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ද සටන් කරන ජාතික සමගි පෙරමුණේ නායක සහ මගේ ආදරණීය පියා වන අසාද් සාලි මහතා ත්‍රස්‌තවාදියෙක්‌ නොවෙයි.

එවැනි පුද්ගලයකු වූ මගේ පියාව රහස්‌ පොලිසිය ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ බ්‍රහස්‌පතින්දා (2 දා) අත්අඩංගුවට ගෙන මගේ පියා ත්‍රස්‌තවාදියකු බවට එල්ල කරන චෝදනා මට කිසිසේත් දරාගැනීමට බැහැ.

එදින උදෑසන වතුර වීදුරුවක්‌ පමණක්‌ පානය කර සිටි මගේ පියා ඒ මොහොතේ සිට මේ දක්‌වා කිසිදු ආහාරයක්‌ ගෙන නැහැ. මගේ පියාට මෙසේ අසාධාරණ සහ බොරු චොයයකකමසව්දනා එල්ල කරමින් ඔහු සිරකොට තබාගෙන සිටින්නේ ඇයිදැයි මම සියලු දෙනාගෙන්ම අසනවා.

ජාතික සමගිය, සාමය, යුක්‌තිව සහ සාධාරණත්වය වෙනුවෙන් මගේ පියා ඔහුගේ ජීවිතය පවා පරදුවට තබා කටයුතු කළ පුද්ගලයෙක්‌. සෑම අවස්‌ථාවකදීම උත්සාහ කරන්නේ නිවැරැදි සහ සාධාරණ දේ පමණක්‌ කිරීමටයි.

මගේ පියාට එල්ල කරන මේ අසාධාරණ සහ බොරු චෝදනාවලට එරෙහිව දෙවියන්ගේ නාමයෙන් මගේ පියාට නීතියෙන් සාධාරණය ඉටුවේවි යෑයි මම බලාපොරොත්තු වෙනවා. අත්අඩංගුවට ගත් මොහොතේ සිට මේ දක්‌වා කිසිදු ආහාරයක්‌ ගෙන නොමැති මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය ඒ තරම් යහපත් නොවන බව වෛද්‍යවරු පවසා තිබෙනවා. මගේ පියාගේ ජීවිතයට යම් අනතුරක්‌ සිදුවුණොත් බොරු සහ අසාධාරණ චෝදනා එල්ල කරමින් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් රහස්‌ පොලිසිය ඇතුළු බලධාරීන් ඊට සෘජුවම වගකිව යුතුයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.