අසාද් සාලි අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිනවා

අධිකරණ ඇමැති රාවුෆ් හකීම්


"අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතිවාදය ඇති කිරීමට වුවමනාවෙන් ක්‍රියා කළා යෑයි කියලා. එහෙම නම් එයට සමානවම ජාතිවාදය ඇති කිරීමට කතා කළ තවත් අය සිටිනවා. තරාතිරම නොබලා ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ යුතුයි" ඔහුව අත්අඩංගුවට ගැනීම තරයේ හෙළාදකිනවා යෑයි අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පැවසීය.

අධිකරණ ඇමැතිවරයා ඊයේ (5 දා) වව්නියාවේදී ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ක්‍රියාකාරීන්ගේ හමුවකදී පැවසීය.

අසාද් සාලි අත්අඩංගුවට

එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.

සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතිවාදය ඇති කිරීමට වුවමනාවෙන් ක්‍රියා කළා කියලා. එහෙම නම් එයට සමානවම ජාතිවාදය ඇති කිරීමට කතා කළ තවත් අය සිටියා. තරාතිරම නොබලා ඔවුන්වත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතුයි.

පොලිසිය අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට යැමේදී ඔහුට එරෙහිව කිසිම චෝදනාවක්‌ දැනුම් දීලා නැහැ. යමෙක්‌ අත්අඩංගුවට ගැනීමේදී ඔහුට ඇති චෝදනාව ගැන පැහැදිලි ප්‍රකාශයක්‌ පොලිසිය කළ යුතුයි. මට මේ සිද්ධිය ගැන එකඟ විය නොහැකියි. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ බලවත් විවේචන ඉදිරිපත් කරනවා. මෙම අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණ ඇමැතිවරයා විදිහට මම කිසිසේත් එකඟ වන්නේ නැහැ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.