ජම්මු කාශ්මීර් ත්‍රස්‌ත නායකයා
කොටි ඩයස්‌පෝරාවට එක්‌වේ


* නිදහස්‌ අරගලය ගෙන යන බව වව්නියා නගර සභාවේ නියෝජ්‍ය නායක රාතන් පවසයි

* හිටපු ජනාධිපති ප්‍රේමදාස කොටින්ට අවි දුන්නේ ඉන්දීය හමුදාව එළවීමටයි.

* සෙබළුන් දස දහසක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන බවට වහසි බස්‌ දෙඩූ කඡේන්ද්‍රන් මන්නාරමේදී කොටින්ව සමරයි

* ඉන්දීය හමුදාව අපරාධ සිදු කරනවා. එහෙත් අපි වෙනුවෙන් කවුරුත් හඬ නඟන්නේ නැහැ - ත්‍රස්‌ත නායක යස්‌මින් මලික්‌ ප්‍රභාකරන් සමරුවේදී පවසයි

* කොටි එලිලන්ගේ බිරිය ද කිලිනොච්චියේ සිට හඬ නඟයි

* නෝර්වේ තානාපති බලධාරීන්ට පාරාවළල්ලක්‌

* කොටින්ට අවි සැපයූ බව හෙළි කළේ ලුතිනන් වැදිගේ

*  එක්‌සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු කාර්යාලයේ ප්‍රධානී අසේකෙන්සේ ඔන්යූ මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත්වේ.

* 13 වැනි සංශෝධනය වහා ඉවත් කරන්න. - මැදපෙරදිග දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ජනාධිපතිගෙන් ඉල්ලයි

* කොටි ඝාතක කණ්‌ඩායමක්‌ ජිනීවා නුවර

"යාසින් මලික්‌ ඉන්දියාවට ෙද්‍රdaහියෙක්‌. - ඉන්දීය සී නිවුස්‌ රූපවාහිනිය



කොටි ත්‍රස්‌ත කල්ලිය පැරදවීමේ සිව්වැනි විජයග්‍රහණය පසුගිය සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර පිටියේ සැමරෙන අවස්‌ථාවේ මියගිය ප්‍රභාකරන්ගේ ඊළාම් සිහින රාජ්‍යය පණ ගැන්වීම උදෙසා ඉන්දු කාශ්මීරයේ සිට ත්‍රස්‌ත නායකයකු තමිල්නාඩුවේ කච්ඩිලෝර් ප්‍රදේශයට පැමිණියේය. මොහුව තමිල්නාඩුවට කැඳවනු ලැබුවේ ප්‍රභාකරන්ගේ අතිජාත මිත්‍රයකු වූ නාම් තමිලර් පක්‍ෂයේ නායක කොටි සිමන් හෙවත් සෙබස්‌තියන් සිමන්ය. ජම්බු කාශ්මීර් විමුක්‌ති පෙරමුණ නමැති බෙදුම්වාදී සංවිධානයේ නායක යාසින් මලික්‌ කඩ්ඩලෝර් ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ප්‍රභාකරන් සමරුව ඇමතීමට නියමිත වූ අතර අවසාන මොහොතේ එකී සමරුව තහනම් කිරීමට පොලිසිය ක්‍රියා කළේය.

මේ නිසා අන්දමන්ද වූ සිමන් විගස අසල පැවැති විවාහ මංගල්‍ය සඳහා භාවිතා කරන එන්ටි මහල් නමැති ශාලාව වෙත කොටි හිතවාදීන් ගෙන්වා දොරගුළු ලා සමරුව පවත්වනු ලැබීය.

පස්‌වැනි ශේ්‍රණිය දක්‌වා උගත් යස්‌මින් මලික්‌ නමැති බෙදුම්වාදී ත්‍රස්‌ත නායකයා ප්‍රභාකරන් සමරුව අමතමින් ශ්‍රී ලංකා හමුදාව කොටි සංවිධානය පරාජය කළාට ඊළාම් න්‍යායපත්‍රය හමුදා බලයෙන් විනාශ කළ නොහැකි බව කියා සිටියේය. එසේම කොටි පැරදවීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වූ රටවල් ගැන තමා දන්නේ නැතැයි පැවසූ මලික්‌ ප්‍රභාකරන්ව මරා දැමීම විජයග්‍රහණයක්‌ නොවන බවත් ශ්‍රී ලංකාවේ දියත් වූයේ ත්‍රස්‌තවාදයක්‌ නොව ජනතා අරගලයක්‌ යෑයි ද පළ කළේය. සාම සාකච්ඡා පවත්වාගෙන යන උතුරේ ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් ඝාතනය කිරීමට ක්‍රියා කළ බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය. ඉන්දීය ත්‍රස්‌ත මර්දන පනත යටතේ කීප වතාවක්‌ම අත්අඩංගුවට ගෙන සිරගතව සිටි මේ කාශ්මීර් බෙදුම්වාදියා තවදුරටත් පැවසුවේ ලෝකයේ විමුක්‌ති අරගල කිසිවිටෙක පරාජය කළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් ළඟදීම හෝ පසුව සිය හිමිකම් ලබාගන්නා බවත්ය.

ඉන්දීය හමුදාව අපරාධ සිදු කරන බව පවසමින් මහත් ප්‍රචාරයක්‌ ගෙනගිය යස්‌මින් මලික්‌ රාජස්‌තාන්, කාශ්මීර් සහ නවදිල්ලි සිරගෙවල්වල හය වසරක්‌ සිරදඬුවම් විඳිමින් 1994 දී තමා සාහසික ක්‍රියාවල නිරතවන්නේ නැතැයි බැගෑපත් වෙමින් නිදහස ලබාගත්තේය. මේ වසරේ පෙබරවාරි මාසයේදී ඔහු ලක්‌ෂාර් ටයිබා නමැති පකිස්‌තාන් අන්තවාදී සංවිධානයේ ප්‍රධානි හපීස්‌ සයිද් නමැති ත්‍රස්‌ත නායකයා සමග පකිස්‌තාන රැලියකට සහභාගිවීම නිසා ඉන්දීය රජය විගස ගමන් බලපත්‍රය තහනමට ලක්‌ කළේය. මේ අතර බෙදුම්වාදියකු වූ යස්‌මින් මලික්‌ට තමිල්නාඩුව වෙත එAමට ඉඩදීම ගැන තමිල්නාඩු කොන්ග්‍රස්‌ පක්‍ෂය හා භාරතීය ජනතා පක්‍ෂය දැඩි ලෙස කලබලයට පත්වූහ. ඊට හේතු වූයේ මලික්‌ ප්‍රභාකරන් සමරුව අමතා ඉන්දීය රජය හා හමුදාව ද දැඩි ලෙස විවේචනය කිරීමයි. මේ බෙදුම්වාදියාට තමිල්නාඩුවට එAමට ඉඩ දුන්නේ ඇයි? ඔහුගේ පැමිණීම මහත් අනතුරුදායක ක්‍රියාවක්‌ යෑයි තමිල්නාඩු කොන්ග්‍රස්‌ පක්‍ෂයේ සභාපති ඥණදේසිතන් කියා සිටියේය.

ඔහු තවදුරටත් පැවසුවේ ප්‍රභාකරන් සමරුව පැවැත්වූ නාම් තමිලර් පක්‍ෂය හා යස්‌මින් මලික්‌ අතර පවතින සබඳතාව ගැන ඉන්දීය රජය පරීක්‍ෂණ කළ යුතු බවයි.

නාම් තමිලර් නායක සිමන් ජම්මු කාශ්මීර් බෙදුම්වාදී නායකයාව තමිල්නාඩුවට ගෙන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ආරම්භ කිරීමේ සැලසුම ඊට අනුබද්ධව තමිල්නාඩුව ද ඉන්දියාවෙන් වෙන්කර ගැනීමේ ක්‍රියාදාමයට සහාය ලබාගැනීමට යෑයි හෙළි විය.

මේ අතර පසුගිය සෙනසුරාදා සවස මන්නාරමේදී, මියගිය කොටි සැමරීමේ රැලියක්‌ පැවැත්වීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාජා කෙ-න්ද්‍රන්, විශ්වලිංගම් මානිවන්නන් සහ ප්‍රාදේශීය ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයක්‌ යෑයි හඳුන්වා ගන්නා ජෝශප් ප්‍රනාන්දු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ව ඇප මත මුදාහරිනු ලැබීය.

මින් කඡේන්ද්‍රන් යනු කවුරුන්ද? ප්‍රභාකරන්ගේ ව්‍යාජ හමුදා බලය කරපින්නා ගත් මොහු සෙබළුන් 10000 ක්‌ යාපනයේ සිට පෙට්‌ටිවලින් කොළඹට එවන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබීය. ත්‍රස්‌ත මර්දනය පනත උල්ලංඝනය කරමින් කොටි මිනීමරුන් සැමරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කෙ-න්ද්‍රන්, වවුනියා සංවිධායක වසන්ත රූබන් හා තරුණ සංවිධාන නායක එස්‌. සත්‍යසීලන්ට රහස්‌ පොලිසිය වෙත පැමිණෙන ලෙස ද නියෝග කර තිබේ.

කඡේන්ද්‍රන්ලාගේ ක්‍රියාදාමයට සමගාමීව වවුනියා නගර සභාවේ නියෝජ්‍ය නායකයා වූ එම්. එම්. රාතන් නමැත්තා ද වන්නි මෙහෙයුමේ අවසාන අදියරේ දී මියගිය සිවිල් වැසියන් සැමරීම සඳහා යෑයි කියමින් වෙල්aලමුල්ලිවයික්‌කාල් සහ කරයින් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශවලට ගොස්‌ පහන් පත්තු කර ඇත.

රාතන් නමැත්තා කළ ප්‍රකාශය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරා වූ ශ්‍රී කූගන් මෙහෙය වන කොටි වෙබ් අඩවියේ මෙලෙස සඳහන් විය. "මුල්ලිවයික්‌කාල් ෙ€දවාචකය යනු අපේ නිදහස්‌ අරගලයේ ආරම්භයයි. යුද්ධයේ අවසාන අදියරේ දී මියගිය ද්‍රවිඩයන්ව සැමරීම සඳහා සංක්‍රමණික ද්‍රවිඩයන් දැන් සූදානම් වෙමින් සිටී. අපේ නිදහස්‌ අරගලයේ මුල් භාගය තුළ අවිහිංසා මාර්ගය අනුගමනය කළෙමු. පසුව අපේ අත්වලට අවි ගැනීමට බලපෑම් එල්ල විය. එහෙත් 2009 දී අපේ හමුදා කටයුතු පරාජය කරනු ලැබීය."

වවුනියාවේ සිට ක්‍රියාත්මක වන රාතන් නමැත්තා තවදුරටත් පවසා ඇත්තේ ද්‍රවිඩයන් දස දහස්‌ සංඛ්‍යාවක්‌ මරා දැමූ රජය යුද ජයග්‍රහණය සැමරීමට ක්‍රියා කරන බවත් අපේ නිදහස්‌ අරගලය දිගටම ගෙන යන බවයි.

මේ රාතන් නමැත්තා වෙල්ලමුල්ලිවයික්‌කාල් නාමපුරුව සහ කොටින් විසින් පැහැරගත් පාරා නමැති ජෝර්දාන් නැවේ සුන්බුන් සමීපයට ගොස්‌ සමරුව පවත්වා ඇත.

සතුරන් අවස්‌ථාව පැමිණෙන තුරු බලා සිටින බව වවුනියා ආරක්‍ෂක සේනා මූලස්‌ථානය මෙන්ම ආරක්‍ෂක බලධාරීන් ද නිරීක්‍ෂණයේ යෙදිය යුතු අවස්‌ථාව දැන් උදාවී තිබේ.

මේ අතර කොටි ඩයස්‌පෝරාව මුල්ලිවයික්‌කාල්හිදී කොටි ඝාතක කණ්‌ඩායම පරාජයවීම ලොස්‌එන්ජලීස්‌, ලන්ඩන්, ටොරොන්ටෝ ඇතුළු බටහිර රටවල නගර වෙත ගෙන ගොස්‌ හඬා වැළපී ඇත.

කැනඩාවේ ටොරොන්ටෝහි කුවින්ස්‌ උද්‍යානයේදී පැවැති කොටි රැලියේදී කොටි ධජය ප්‍රදර්ශනය කිරීම නතර කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ද ප්‍රතික්‍ෂේප විය.

කොටි ධජය ද්‍රවිඩ ජනතාවගේ සංකේතය යෑයි පැවසූ කැනඩා කොටි පොලිසියේ ඉල්ලීමට අවනත වී නැත.

මෙයට සමගාමීව ලන්ඩනයේ කොටි සමරුවේදී කොටි ධජය ප්‍රදර්ශනය විය. එහෙත් බ්‍රිතාන්‍ය පොලිසිය නිහඬ විය. හිටපු ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. පාන්ඩියන්, තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ ලේකම් ගෝපාල්ස්‌වාමි, ප්‍රභාකරන්ගේ සගයකු වන පාසා නෙඩුමාරන් ඇතුළු කොටි ක්‍රියාකාරීහු මෙම සමරුව අමතා තිබේ.

මේ පසුබිම යටතේ කොටි මිනීමරුවකු වූ එලිලන්ගේ බිරිය වූ ආනන්ද සයිකරන් නමැත්තිය ප්‍රකාශයක්‌ කරමින් අවසාන මොහොතේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකාව එකතුවී කොටින්ව බේරාගනු ඇති බවට විශ්වාසයක්‌ පැවැතියේ යෑයි හෙළි කර ඇත. කොටි ත්‍රස්‌තවාදයට සහායවීම නිසා සිරේ සිටිය යුතු අය දැන් කිලිනොච්චියේ නිදහස්‌ ලෙස ජීවත්වෙමින් තවදුරටත් පවසා ඇත්තේ කොටින්ගේ පාලනය සමයේ ද්‍රවිඩයන් සියලු දෙනා එක්‌වී සිටියත් දැන් ද්‍රවිඩ සමාජය විනාශ වී ඇති බවයි.

මේ අතර 2002 ඊනියා සටන් විරාමයට මැදිහත් වූ නෝර්වේ ආණ්‌ඩුවට සහ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයට එන්.ජී.ඕ. ක්‍රියාකාරියකුට සහායවීම පාරාවළල්ලක්‌ බවට පත්විය. වන්නි මෙහෙයුම ක්‍රියාත්මක වන සමයේ 2008 ජුනි මසදී කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය හා නෝර්වේ තානාපති කාර්යාලය එAකාබද්ධව 2008 සහ 2011 අතර කාලය තුළ සහජීවන කටයුතු තවත් ව්‍යාපෘතියක්‌ දියත් කිරීමේ ගිවිසුමක්‌ අත්සන් කරනු ලැබුවේ එන්.ජී.ඕ. ප්‍රධානියකු සමගය.

එම ගිවිසුම නෝර්වේ රජය කඩකළ බව පවසමින් එකී එන්.ජී.ඕ. ප්‍රධානියා රුපියල් මිලියන 90 ක්‌ ඉල්ලා පැවරූ නඩුවේ තීන්දුව නිසා නෝර්වීජියානු බලධාරීහු අන්දමන්ද වී ඇත.

තානාපතිවරුන් පිළිබඳ වියනා සම්මුතිය යටතේ නෝවීජියානු තානාපති නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කළ නොහැකි යෑයි නෝර්වේ රජය විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ. එහෙත් වියනා සම්මුතිය කඩකරමින් කොටින්ට අධිබල සම්ප්‍රේෂණ යන්ත්‍ර සැපයුවේ නෝර්වේ රජයයි. එදා මේ එන්.ජී.ඕ. ප්‍රධානියාට උදව් කළ නෝර්වේ රජයට දැන් සිදුවී ඇත්තේ ඉල්ලන් කෑමට සිදුවීමේ තත්ත්වයක්‌ නොවේද? මේ අතර සිව්වැනි විජයග්‍රහණ සමරුව අමතමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කරනු ලැබීය. "ඊළඟට බලයට ආව ජනාධිපතිතුමා පොලිස්‌ නිලධාරීන් 700 කට යටත් වෙන්න කියලා කොටින්ව පාවාදීලා කොටින්ට ආයුධත් දුන්නා. එතුමාවත් මහ පාරේ මරා දැම්මා.

මෙම ප්‍රකාශයෙන් පසු කොටි රූකඩය වූ බී.බී.සී. සංදේශය විසින් සම්මුඛ සාකච්ඡාවක්‌ විකාශනය කරමින් හිටපු ජනාධිපතිවරයා අවි ආයුධ දුන්නේ මහජනයාගේ නායකත්වයෙන් යුත් කොටි කල්ලියට යෑයි කියා සිටියේය. මේ සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත්තේ හිටපු ජනාධිපතිගේ පුත්‍රයායි. ප්‍රභාකරන්ට එරෙහිව කැරැල්ලක්‌ ඇති කරනු පිණිස හිටපු ජනාධිපති ප්‍රේමදාස විසින් මහත්තයාට අවි දුන් බවද එම සාකච්ඡාවේදී ප්‍රකාශ විය.

එහෙත් සත්‍ය වසන් කළ හැකිද? වත්මන් නවක මාධ්‍ය පාර්ශ්ව මේ යථාර්ථය දන්නේද? ප්‍රේමදාස ජනාධිපතිවරයා කොටි සමග සාම සාකච්ඡා පවත්වන අවස්‌ථාවේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් ස්‌ටැනිස්‌ලවුස්‌ නොහොත් ඇන්ටන් බාලසිංහම් හා කොටි හමුදා නායකයකු වූ යෝගරත්නම් යෝගි සිටියේ කොළඹ ගලදාරි හෝටලයේ කාමර දෙකක රැඳී සිටියේය. ඔවුන් කොළඹ සිටින සමයේ මුදල් හා අවි ආයුධ පිරවූ පෙට්‌ටි කීපයක්‌ රත්මලානේ සිට පලාලි වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ අතර කොටි පිරිසක්‌ ද එකී පෙට්‌ටි සමග යැමට සූදානම් වූහ.

එසේ වුවත් මේ බඩු පෙට්‌ටිවල ඇති දේ නොදන්නා නිසා පලාලි වෙත යැම ගුවන් නියමුවන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. පසුව ගුවන් හමුදාපතිගේ මැදිහත්වීම මත නියමුවන් කොටි කණ්‌ඩායම හා බඩු පෙට්‌ටි තොගය පලාලි වෙත ගෙන යනු ලැබීය.

පලාලිහිදී ස්‌කෝඩ්රන් ලීඩර්වරයකුට (නම අප සතුව පවතී) එම කොටි පිරිස හා පෙට්‌ටි තොගය රැගෙන වාසවිලාන් දක්‌වා ගොස්‌ කොටි පාලන ප්‍රදේශයට හැරලන ලෙස නියෝග විය.

එහෙත් ගුවන් හමුදා නිලධාරියා මවිතයට පත් වූයේ කොටි කණ්‌ඩායම හා පෙට්‌ටි කීපය ගෙනයැමට කොටි කණ්‌ඩායමක්‌ පලාලි කඳවුර අසලට පැමිණීම නිසාය.

මේ හැර කොටි නැගෙනහිර පොලිස්‌ භටයන්ව ප්‍රාණ ඇපයට ගෙන තිබියදී හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් විදේශ ඇමැති හමීඩ්ව කොටි සමග සාකච්ඡා කිරීමට නල්ලූර් යවනු ලැබීය.

එA සාකච්ඡාවලින් පසු හමීඩ් හා ගුවන් හමුදාපති ටෙරන්ස්‌ ගුණවර්ධන ආපසු පලාලි වෙතින් කොළඹට එAමට සුපර් බීච්කිං යානාවට නැගීමට යන අවස්‌ථාවේ කොටි විසින් පලාලි වෙත ප්‍රහාරයක්‌ එල්ල කෙරිණි. එහිදී එවකට පියසාර නිලධාරියකු වූ ප්‍රියංකර පෙරේරා තුවාල ලැබීය. සුපර්බීච් කිං යානාව පැදවූයේ පසුව ගුවන් හමුදාපති වූ ජයලත් වීරක්‌කොඩියි.

එම සමයේ ප්‍රභාකරන් සහ මහත්තයා හෙවත් මහෙන්ද්‍රරාජා එක්‌ව ක්‍රියා කළේය. හිටපු ජනාධිපතිවරයා කොටින්ට අවි සැපයුවේ ඉන්දීය සාම හමුදාවට එරෙහිව ක්‍රියා කිරීමට මිසක්‌ මහත්තයාට හෙවත් මහේන්ද්‍රරාජා විසින් ප්‍රභාකරන්ට එරෙහිව කැරැල්ලක්‌ ඇති කිරීමට නොවේ.

හිටපු ජනාධිපති ප්‍රේමදාස සමයේ කොටින්ට අවි ගෙනගිය අයුරු හෙළි කළේ ලුතිනන් වැදිගේයි. සිය පණ බේරා ගැනීම සඳහා වැදිගේ ඉන්දියාවට පලා ගියේය. එවකට වැලිඔය සිටි කර්නල් බෝර්හාන් තමාව කැඳවා කොටින්ට අවි දීමේ රහස රකින ලෙස පැවසූ බව වැදිගේ තවදුරටත් කියා සිටියේය.

මේ අතීතය තවදුරටත් වසන් කළ හැකිද? මේ අතර තමිල්නාඩුවේදී ප්‍රභාකරන් සැමරුම ඇමතූ ජම්මු කාශ්මීර් බෙදුම්වාදී නායක යස්‌මින් මලික්‌ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල ලාහෝරයේදී ඝාතනය කිරීමට උත්සාහ කළ ලක්‌ෂාර් ටොයිබා සංවිධානය ගැන හෙළි විය. යස්‌මින් මලික්‌ පකිස්‌තානයේදී ලක්‌ෂාර් ටොයිබා නායක හපීස්‌ සයිද් සමග වේදිකාවක සිටීමෙන් ඝාතන සැලැස්‌මේ පසුබිම හෙළි විය.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ අපේකෙන්සේ ඔන්යූ නමැත්තිය උතුරට ගොස්‌ ආඥපති මේජර් ජනරාල් හතුරුසිංහ හමුවී සාකච්ඡා කළාය. ඇය සාකච්ඡාවට ලක්‌කර ඇත්තේ උතුරේ ඉඩම් හමුදාව විසින් අත්පත් කරගත් බවට එල්ලවී ඇති චෝදනාව ගැනය. ඇගේ මෙම ක්‍රියාදාමය මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීමක්‌ වේ.

මේ අතර 13 වැනි සංශෝධනය ප්‍රකාර පොලිස්‌ හා ඉඩම් බලතල දුන්නොත් රණවිරු විජයග්‍රහණය එක රැයින් අහෝසි වන බව දන්වමින් මැදපෙරදිග දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ජනාධිපති වෙත හදිසි සංදේශයක්‌ යවමින් සඳහන් කර ඇත. වහාම එම සංශෝධනය අවලංගු කරන ලෙස ද ඔවුහු ඉන් ඉල්ලා ඇත. මේ අතර කොටි ඝාතක කණ්‌ඩායමක්‌ ජිනීවා නුවර ස්‌ථානගත වී ඇති බවට ස්‌විස්‌ පොලිසියට වාර්තා වී තිබිණි. මාර්තු මස පැවැති මානව හිමිකම් සමුළු සමයේ මේ බුද්ධි තොරතුරු නෝර්වේ වෙතින් වාර්තා වී ඇත. ජාත්‍යන්නර සමුළු සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික දේශපාලනඥයන් ඝාතනය කිරීම එම කණ්‌ඩායමේ අරමුණ වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.