ආසියානු වොලිබෝල් සම්මේලනය
ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනය අතුරු කමිටුවක්‌ වශයෙන් නම් කරයි


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අතුරු කමිටු පරිපාලනයක්‌ ලෙස ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් හඳුන්වා ඇත.

අතුරු පාලන කමිටු පරිපාලනයක්‌ යනු නීත්‍යානුකූල ඡන්දයකින් පත් නොවුණු කමිටුවක්‌ වන අතර එය අදාළ ක්‍රීඩාවේ පරිපාලනය අඛණ්‌ඩව පවත්වා ගෙන යැම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කරනු ලබන කමිටුවකි.

ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් සංගමය යටතේ සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කොට ඇති රටවල් 14 ට ශ්‍රී ලංකාව ඇතුළත් කොට ඇත්තේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන අතුරු පාලන කමිටුවක්‌ වශයෙනි.

මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් සංගමයට අනුබද්ධිත ඇµaගනිස්‌ථානය, බංග්ලාදේශය, භූටානය, ඉන්දියාව, ඉරානය, කසකස්‌තානය, කිරිගිස්‌තානය, මාලදිවයින, නේපාලනය, පාකිස්‌තානය, තුර්ක්‌මෙනිස්‌තානය සහ උස්‌බෙකිස්‌තානය යන රටවල් වල වොලිබෝල් පරිපාලනය වොලිබෝල සම්මේලන ලෙසත්, ශ්‍රී ලංකාවේ පමණක්‌ අතුරු පාලන කමිටුවක්‌ ක්‍රියාත්මක වන බව අදාළ වෙබ් අඩවියේ පෙන්නුම් කෙරේ.

අසූව දශකයේ හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ තිලක්‌ ඉද්දමල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් අතුරු පාලන කමිටුවක්‌ ක්‍රියාත්මක වූ නමුදු ඉන් මෙපිට අතුරු පාලන කමිටුවක්‌ වොලිබෝල් ක්‍රීඩාව පරිපාලනය වෙනුවෙන් ක්‍රියාත්මක නොවිණ.

රජයේ ඇමැතිවරයකු වන ඩිලාන් පෙරේරා මහතා වසර 8 ක දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයට නිතරගයෙන් හොබවන අතර ආසියානු වොලිබෝල් සම්මේලනයේ ව්‍යවස්‌ථාවට අනුව එයට කිසියම් බලපෑමක්‌ ඇත්ද යන්න ආසියානු වොලිබෝල් සම්මේලනයේ නිල වෙබ් අඩවියේ සඳහන් ශ්‍රී ලංකා වොලිබෝල් අතුරු පාලන කමිටු යන වැකියෙන් ප්‍රශ්නයක්‌ පැන නගිනු ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධව ඊයේ (12 දා) "දිවයින" කළ විමසුමකදී දීÊ"ඇත්තද...? එහෙමද තියෙන්නේ...? මම ඒ ගැන සොයා බලා නිවැරදි කරන්නම්" යනුවෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතා පැවැසීය.

සුසිල්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.