වර්ධරාජා පෙරුමාල් අවතාරය සමග "රෝ" යළි මතුවේ

* චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ පොදු රාජ්‍ය
   සමුළුවට මුවාවී මෙරටට ඒමට උත්සාහ කරයි.

* පොලිස්‌ බලතල නොදෙන බවට රජය කීපවතාවක්‌ම
   ඉන්දීය රජයට දැනුම් දුන් බව ආරක්‍ෂක ලේකම් පවසයි.

* යක්‌ෂාවේශ වූ කොටි කාඩිෆ් ක්‍රීඩාංගණයට කඩා වදී.


කාඩිෆ් පිටියට කඩාවැදුණු කොටියෙක්‌ව පොලිසිය අල්ලාගත් අයුරු

13 වැනි සංශෝධනය නමැති බලවත් සතුරා යළිත් වරක්‌ මෙරට ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක්‌ කරමින් හිස ඔසවා ඇත. එහෙත් මෙරට බහුතරය සිදුවීමට යන භයානක අනතුර මෙතෙක්‌ තේරුම් ගෙන නැත. පසුගිය ඉරිදා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන්ගේ ප්‍රධානත්වයෙන් යුත් හය දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ නවදිල්ලියට ගොස්‌ අගමැති මන්මෝහන් සිං සහ විදේශ ඇමැති සල්මන් කුර්ෂිද් හමුවී ශ්‍රී ලංකාවේ රජය ඉඩම් හා පොලිස්‌ බලතල අඩංගු 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට යන බවත් ඊට එරෙහිව වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටියේය. ඊශ්‍රායලය වැනි රටෙක දේශපාලකයන් ඊශ්‍රායලයට එරෙහිව වෙනත් රටක නායකයන් හමුවූයේ නම් එය ෙද්‍රdaහි ක්‍රියාවක්‌ ලෙස හැඳින්වේ.

මේ ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායමේ එක්‌ අයෙක්‌ වූයේ සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ය. සුරේශ් ප්‍රේමචන්ද්‍රන් යනු 13 වන සංශෝධනයට මුවාවී ද්‍රවිඩ ජාතික හමුදාව පිහිටුවාගත් තැනැත්තායි. මේ ද්‍රවිඩ ජාතික හමුදාව ළමුන්ව බඳවා ගැනීමත් කොල්ලකෑම් රැසක්‌ ඇතුළු අපරාධකාරී ක්‍රියා සිදු කරද්දී එදා රජය නිහඬව සිsටියේය.

ද්‍රවිඩ සන්ධාන දූත කණ්‌ඩායම නවදිල්ලියට යැමට පෙර තවත් සැලසුමක්‌ දියත් වී තිබිණි. ඒ මානව හිමිකම් සඳහා වූ පාර්ලිමේන්තු සංසදය නමින් අටවාගත් සංවිධානයක්‌ ශ්‍රී ලංකා ද්‍රවිඩ නායකයන්ගේ සමුළුව  නමින් සම්මන්ත්‍රණයක්‌ නවදිල්ලියේ කන්ස්‌ටිටියුෂනල් ක්‌ලබ් නමැති ශාලාවේදී පැවැත්වීමය.

මේ සම්මන්ත්‍රණය මෙහෙය වනු ලැබුවේ පොන් සත්‍යසීලන් නමැත්තෙකි. ඔහු එහිදී ශ්‍රී ලංකා හමුදාව උතුරේ ඉඩම් කොල්ලකන අතර සිංහල ජනපද ආරම්භ කරන බවත් ද්‍රවිඩ ජනතාව පාලනය කරන්නේ හමුදාව බවත් කියා සිටියේය.

එසේම පොන් සත්‍යසීලන් නමැත්තාව හඳුන්වා ඇත්තේ 1987 ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට අදාළ සමුළුවේ සභාපති ලෙසිනි. මින් සනාථ වන්නේ වසර 26 කට පෙර මෙරට ජනතාවට බලෙන් පැටවූ ඉන්දු-ලංකා ගිවිසුමට යළිත් පණ දීම ක්‍රියාත්මක වන බවයි. එදා 1987 ජුලි 29 දා මේ ෙද්‍රdaහී ගිවිසුමට විරෝධතා පෑ ජනතාවට පොලිසිය තැබූ වෙඩිවලින් කොළඹ දී ලේ ධාරා ගලා ගියේය. මේ අතීතය අමතක කළ හැකිද?

ශ්‍රී ලංකා ද්‍රවිඩ නායකයන්ගේ සමුළුව යනුවෙන් හැඳින් වුවත් ඊට සහභාගි වූයේ ඉන්දීය "රෝ" බුද්ධි සේවාව විසින් මෙහෙය වනු ලැබූවන් යෑයි හෙළි විය.

එම සමුළුවේදී යෝජනා හතක්‌ සම්මත කරගැනීමෙන් පසු ඉන්දීය රජය වෙත යොමු කෙරිණි. එකී යෝජනාවලින් කියා සිටියේ ප්‍රමාද නොවී ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්‌ම ගන්නා ලෙසත් උතුරු නැගෙනහිර ආරක්‍ෂක හමුදා බැරැක්‌කවලට සීමා කරන ලෙසයි.

ඉන්දු ලංකා ගිවිසුමේ 2.9 වගන්තියේ පරරිදි එදා ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන අපේ හමුදාව බැරැක්‌කවලට සීමා කිරීමට ක්‍රියා කළේය.

පොන් සත්‍යසීලන් නමින් හඳුන්වා ගත් ව්‍යාජ ශ්‍රී ලංකා ද්‍රවිඩ නායකයා ඉදිරිපත් කළ ඉල්ලීම්වල මෙලෙස සඳහන් විය. "ඉන්දු ලංකා ගිවිසුම සංශෝධනය කිරීම නතර කරනු, සියලු බලතල උතුරු නැගෙනහිර පළාත් සභාවට දෙනු. ඉඩම් කට්‌ටි සමාගම් හා වෙනත් ආයතනවලට දීම අත්හිටවනු. උතුරු නැගෙනහිර හමුදා අඩු කර බැරැක්‌කවලට සීමා කරනු, ඉන්දියාවේ සහ වෙනත් රටවල සිටින ද්‍රවිඩ අනාථයන් උතුරු නැගෙනහිර පදිංචි කරනු, ත්‍රස්‌ත මර්දන පනත අත්හිටවනු, සියලුම දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරනු."

ඉන් පොන් සත්‍යසීලන් නමැත්තා කියා සිටින්නේ බිහිසුණු අපරාධ සම්බන්ධව අත්අඩංගුවේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන්ව ද මුදාහැරිය යුතු බවයි.

එහෙත් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය පවසන්නේ 13 සංශෝධනය වැදගැම්මක්‌ නැති බවත් තමන්ට අවශ්‍යව ඇත්තේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීම මැද ජනමත විචාරණයක්‌ බවයි.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන දූත කණ්‌ඩායම සමග සාකච්ඡා පැවැත්වූ ඉන්දීය අගමැතිවරයා 13 සංශෝධනය ප්‍රතිශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය ගැන නොසතුට පළ කරන බව සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය 17 දා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ඔස්‌ටේ්‍රලියානු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තරගය කඩාකප්පල් කරලීම සඳහා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා ව්‍යාජ ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ ඊළාම්වාදීහු දැරූ උත්සාහය ශ්‍රී ලාංකිකයන් විසින් ව්‍යර්ථ කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වර්ජනය කරනු සහ ශ්‍රී ලංකා භාණ්‌ඩ මිලයට ගැනීම වර්ජනය කරනු යනුවෙන් දැක්‌වෙන පුවරු රැගෙන ඊළාම්වාදීහු පිරිසක්‌ ඕවල් ක්‍රීඩාංගණය ඉදිරියේ ඝෝෂා කරන අවස්‌ථාවේ ශ්‍රී ලංකික පිරිසක්‌ ඔවුන්ට අතින් පයින් සංග්‍රහ කරනු ලැබීය. එහිදී ඇතැම් ෙද්‍රdaහීන් ශ්‍රී ලාංකිකයන්ගේ නම් පවා කොටින්ට ලබාදී ඇත.

ද්‍රවිඩ ඊළාම් අන්තර්වාර ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ යෑයි හඳුන්වා ගත් තක්‌කඩියෙක්‌ වන යෝගි යෝගරත්නම් නමැත්තා ප්‍රකාශයක්‌ කරමින් තමා ඇතුළු ද්‍රවිඩයන් සාමකාමීව විරෝධතා දක්‌වද්දී සිංහල ක්‍රිකට්‌ ලෝලීන් පහර දුන් බව සඳහන් කළේය.

ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ ලෝලීන් සමග ගැටුමක්‌ ඇති කරගැනීම සඳහා ලන්ඩන් කොටි කල්තියාම මෙම විරෝධතාව සැලසුම් කර ඊළාම් වීඩියෝකරුවන් පස්‌ දෙනකු යොදා තිබිණි.

ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලන් කෑවේ මුල්වරටය. මෙයට පෙර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඔක්‌ස්‌µර්ඩ් දේශනය කඩාකප්පල් කිරීමට ද හිත්‍රොa ගුවන්තොටුපළේ දී මහත් කලබැගෑනියක්‌ ඇති කිරීමට ද කොටි ක්‍රියාකාරීහු කටයුතු කරනු ලැබීය. ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාපිටිය අසලට පැමිණි කොටි තමන්ට ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ලෝලීහු පහර දෙනු ඇතැයි කිසිසේත් අපේක්‍ෂා කළේ නැත. මේ නිසා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය කෝපයට පත් විය. "අපේ අයට ක්‍රිකට්‌ ලෝලීන් පහර දෙන විට පොලිසිය බලා සිටියා. පොලිසිය සිටියදී ඔවුන් පහර දුන්නේ කෙසේද කියා විමර්ශනයක්‌ කළ යුතුයි. පහරදීමට අදාළ ඡායාරූප පේස්‌ බුක්‌ හා ටුවිටර් අඩවිවල දැක්‌වෙනවා"යෑයි එම සංසදය දක්‌වා ඇත.

ලන්ඩන් ආරංචි මාර්ග දක්‌වන අන්දමට ගැටුම ආරම්භ කර ඇත්තේ කොටි ධජය පොරවාගත් කොටි ක්‍රියාකාරීන්ය. මෙලෙස ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයන් නිවටයන් යෑයි සිතූ කොටින්ට මෙවර වැරදුනි. මේ පසුබිම යටතේ 1987 ඔක්‌තෝබර් 28 වැනිදා ආර්. සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ 13 සංශෝධනය එපා යෑයි කියමින් එවකට සිටි ඉන්දීය අගමැති රජිව් ගාන්ධිට යෑවූ රහස්‌ ලිපියෙන් දක්‌වා ඇත්තේ දිගු කලක්‌ තිස්‌සේ පවතින අර්බුදයට හේතුව ත්‍රිකුණාමලය වරාය අවට නගරය බව දක්‌වා ඇත. ත්‍රිකුණාමල වරාය අවට අක්‌කර 5150 ක භූමිය වරාය අධිකාරිය යටතේ පවතී. එහෙත් සම්බන්ධන්ලා ත්‍රිකුණාමල වරාය අවට ප්‍රදේශය පළාත් සභාවට නැතැයි කියමින් ඉන්දීය අගමැති ගාන්ධි වෙත පැමිණිලි කර තිබිණි.

ඔවුන් එම ලිපියේ දක්‌වා ඇත්තේ කෘෂිකර්ම, පශු සම්පත් කර්මාන්ත, සහකාර දිසාපති ඒකක, සමුපකාර බැංකු, සිරගෙවල් ඇතුළු කටයුතු සම්බන්ධයෙන් බලතල පළාත් සභාවලට ලබාදී නැති බවයි.

මෙවන් පසුබිමක්‌ මැද දේශපාලන සිරකරුවන් නිදහස්‌ කර ගැනීමේ සංවිධානය නමින් අටවා ගත් සංවිධානයක්‌ ද්‍රවිඩ සිරකරුවන් බූස්‌ස සහ වැලිගම සිරගෙවල්වලින් උතුරු නැගෙනහිර සිරගෙවල්වලට යවන්නැයි ඉල්ලා ඇත.

එහෙත් මේ ද්‍රවිඩ සිරකරුවන් උතුර හා නැගෙනහිරට යෑවීමට ක්‍රියා කළහොත් සිදු වන්නේ ඔවුන්ට පැන යැමට ඉඩ ලැබීමයි. මේ තත්ත්වය මැද 26 වසරකට පෙර 13 සංශෝධනය ගැන වූ අතීතය සිහිපත් කළ යුතුව ඇත.

"අපි උතුරු නැගෙනහිරට පොලිස්‌ බලතල දුන්නෙමු" යෑයි එවකට රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රංජන් විෙ-රත්න කියා සිටියේය.

1990 මාර්තු 5 දා සිට උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමට මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් ක්‍රියා කළේය. ඔහුගේ ඇමැති මණ්‌ඩලයට මාරියෝ දයාන් ජයතිලක ද අයත් විය. වත්මන් රජය මගින් ඔහුව ස්‌විට්‌සර්ලන්තයේත්, ප්‍රංශයේත් තානාපති ලෙස පත් කරනු ලැබීය. පෙරුමාල් යටතේ ඔහු යෞවන කටයුතු ඇමැති ලෙස ක්‍රියා කළේය.

මෙලෙස වර්ධරාජා පෙරුමාල් ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කිරීම ගැන රංජන් විජේරත්න පැවසුවේ තමාට සිනා යන බවයි. පෙරුමාල් එවකට නැගෙනහිර ආණ්‌ඩුකාර නලින් සෙනවිරත්න කැඳවා වහාම හමුදාව ඉවත් කර ගන්නැයි කියා සිටියේය. පසුව වර්ධරාජා පෙරුමාල් 1990 මාර්තු 11 සිය පවුලේ අය සහ ලේකම් විග්නේශ්වරන් සමග චීන වරාය ගුවන්තොටුපළින් ඔරිස්‌සා බලාගොස්‌ දේශපාලන රැකවරණ ලැබීය. එහෙත් වසර 26 කට පසු වර්ධරාජා පෙරුමාල් සහ ඔහුගේ ඊළාම් අවතාරය මතුවී ඇත. ඔහු නවදිල්ලියට පැමිණ ඉන්දීය බලධාරීන් හමුවී ඉන්දු ලංකා ගිවිසුමට යළි ඔක්‌සිජන් දීම ගැන රහස්‌ සාකච්ඡා පවත්වා තිබේ.

නවදිල්ලියේ පැවැති ද්‍රවිඩ නායකයන්ගේ සමුළුවට සහභාගිවී ඇති පෙරුමාල් 13 සංශෝධනය අහෝසි කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට කිසිසේත් ඉඩ නොදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර මැතිවරණයක්‌ පැවැත්විය යුතු බවට ද ඒ සඳහා ඉන්දීය රජය ක්‍රියාත්මක විය යුතු බවට ද ඔහු කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි වෙත සංදේශයක්‌ යවමින් ඉල්ලා තිබේ.

වර්ධරාජා පෙරුමාල්ගේ මේ ඉල්ලීමෙන් සනාථ වන්නේ ඉන්දීය රෝ බුද්ධි සේවාව ඔහුගේ පසුබිමේ සිටින බවයි. කොටින්ට බියේ ඉන්දියාවට පැන ගිය වර්ධරාජා පෙරුමාල් මළ ඉන්දු ලංකා ගිවිසුමට යළි පණ දීමට උත්සාහ කිරීමේ පසුබිමේ තවත් රහස්‌ මෙහෙයුමක්‌ දියත් විය. පසුගිය සතියේ දිනෙක නිව්යෝර්ක්‌හි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයෙන් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට වාර්තා වූයේ 13 සංශෝධනය අහෝසි නොකරන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම්දීම සඳහා විශේෂ තානාපතිවරයකු කොළඹට එවීමේ සැලසුමක්‌ ඇති බවයි.

මේ විශේෂ ඉන්දීය තානාපතිවරයා වෙනින් කවුරුත් නොව 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන සමයේ ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ දේශපාලන නිලධාරියා වූ හර්දීප් සිං පූරියි. ඔහු එදා මහ කොමසාරිස්‌ ඩික්‌සිත්ගේ සමීපතම සගයෙකි.

මොහු පසුගිය අප්‍රේල් මස ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධ පිළිබඳ වූ යෝජනාවකට ශ්‍රී ලංකාවට එරෙහිව සහයදීමෙන් ඉන්දියාව නිවැරදි ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කර ඇතැයි කීවේය.

1987 ජුලි 29 වැනිදා ඉන්දීය අගමැති ගාන්ධි හා ශ්‍රී ලංකා ජනාධිපති ෙ-. ආර්. ජයවර්ධන විසින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන අවස්‌ථාවේ ගාන්ධිගේ ළඟින්ම සිටියේ හර්දිප් සිං පූරියි.

ඔහු මෙතෙක්‌ එක්‌සත් ජාතීන්ගේ ඉන්දීය තානාපති ලෙස ක්‍රියා කළේය. ඉන්දු ලංකා ගිවිසුමට පෙර දියත් වූ වඩමාරච්චි මෙහෙයුමට සම්බන්ධව සිටි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට පූරි පැවසුවේ එදා දියත් වූ ඉන්දීය මෙහෙයුමට පූරි සෘජුව සම්බන්ධ වූ බවයි.

මෙවන් පසුබිමක්‌ මැද වර්ධරාජා පෙරුමාල්, හර්දිප් සිං පූරි, ආර්. සම්බන්ධන්, සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් අඩෙයිකලානන්දන්, මාවයි සේනාධිරාජා ඇතුළු පාර්ශ්වයන් දියත් කර ඇති මෙහෙයුම ගැන බහුතර ජනතාව අවදි විය යුතු අවස්‌ථාව එළඹී ඇත.

"සතුරන් අවස්‌ථාව එනතුරු බලා සිටී" යෑයි පැවසුවේ රුසියානු ජනාධිපති පුටින්ය.

දැන් මෙරට සතුරන්ට අවස්‌ථාව එළඹී ඇත. මේ අතර 13 වැනි සංශෝධනය ප්‍රකාර පොලිස්‌ බලතල පළාත් සභාවලට ලබා නොදෙන බව රජය ඉන්දීය බලධාරීන්ට සෘජුව කියා සිටියේය. ඉන්දීය ආරක්‍ෂක උපදේශක එම්. කේ. නාරායන්, විදේශ ලේකම් ෂිවශංකර් මෙනන් හා ආරක්‍ෂක ලේකම්ව සිටි විෙ- සිං සමග පැවැති සාකච්ඡාවේදී රජය එලෙස දන්වා ඇත.

මෙලෙස 1990 සිට නිහඬව සිටි වර්ධරාජා පෙරුමාල් ඉන්දීය "රෝ" බුද්ධි සේවාව සමග යළි කරළියට එද්දී එකී බුද්ධි සේවාවේ පුරෝගාමියා වූ බී. රාමන් පිළිකා රෝගය නිසා මියගොස්‌ ඇත.

කොටි පැරදවිය නොහැකි යෑයි පැවසුවේ ද රාමන්ය. මෙරට විසිවැනි යුද හමුදාපති ලෙස අගෝස්‌තු 1 දා සිට මේජර් ජනරාල් දයා රත්නායක පත්විය. ඔහු හමුදාපති ධුරයට පත්වීම ව්‍යාර්ථ කිරීම සඳහා මෙරට විවිධ පාර්ශ්ව සහ වෙබ් අඩවි දැරූ උත්සාහය අසාර්ථක විය.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බ්‍රිතාන්‍යයේ කාඩිෆ් පිටියේ පැවැති ක්‍රිකට්‌ තරගය කඩාකප්පල් කිරීම සඳහා කොටි රැලක්‌ කඩාවැදුනි. මේ කොටි රැළ මෙහෙය වූ එක්‌ ඊළාම්වාදියෙක්‌ රා-කුමාර් නමැත්තෙකි. ඉන්දීය ක්‍රිකට්‌ ලෝලීන්ට මුවාවී මොවුන් කාඩිෆ් පිටියට කඩාවැදී ඇතැයි දැන් හෙළිවී තිබේ. පිටියට කඩාවැදුනු කොටින්ට ස්‌ටර්ලින් පවුම් දහසක දඩයක්‌ නියම වන බව ලන්ඩන් ආරංචි මාර්ග දක්‌වති.

කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.