2013 ජුනි 23 ඉරිදා
 

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 


පොලිස්‌ බලතල නොදෙන බව ඉන්දියාවට දන්වලා!

මේ සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක්‌ ගැටලු සහගත තත්ත්වයක්‌ ඇතිකර ගත යුතු නොවන බව පවසන රාජපක්‍ෂ මහතා ඉන්දියාව ද ඒ ගැන ශ්‍රී ලංකා රජයට චෝදනා නොකළ යුතු බව සිහිපත් කළේය.


මරණ බයේ මම දණ ගැහුවා වෙන මොනවා කරන්නද
නවගත්තේගම ගුරුතුමියට සවන් දෙන්න

සඳුදට ප්‍රසිද්ධ රැස්‌වීමේ මගේ දරුවගේ දෙපා අල්ලලා සමාව ගනින් කියලා මට ගහන්න පොල්ල ඉස්‌සුවා. මන්ත්‍රීතුමා මට ගහන්න එපා. මට සමා වෙන්න කියලා මං බයටම කිව්වා. එතකොට මන්ත්‍රී වරයා "පර බැල්ලි මං ඉස්‌ස රහම දණගහපිය කියලා පොල්ල ඉස්‌සුවා ගහන්න.


ගුරුතුමිය දණ ගැස්‌සු දේශපාලන ගොන් තඩියන්ට ඇණ ගැහුවත් ඇද්ද?

ඔහු කියන්නේ ගුරුවරිය දණ ගැස්‌සවීමේ සිද්ධිය තමන්ගේ දේශපාලන ගමන නැවැත්වීම සඳහා සිදු කෙරු ණු කුමන්ත්‍රණයක්‌ බවය.
ඔහු කියන ආකාරයට එසේ නම් සිදුව ඇත්තේ ගුරුවරිය පාසල් දරුවන් ඉදිරිපිට දණ ගසා එය මන්ත්‍රිවරයා කළ බවට කියා සිටීම විය යුතුය.


මුතු මුදලාලි කොල්ල කෑ ජින්නා කොටු වෙයි

වෙස්‌ වලාගත් පොලිස්‌ කාන්තාවක්‌ සහ නිලධාරියෙක්‌ ජින්නාට අයත් ත්‍රිරෝද රථයෙන් ඔහු සමග කුලී ගමනක්‌ ද ගියහ. මේ අතර පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ වන්දනා නඩයක්‌ ලෙස වෙස්‌වලාගෙන ජින්නාගේ හෝටලය වෙත ආහාර ගැනීමට ගියහ.


කින්නියා ගිනියම්
කළ චුන්නක්‌කාඩු
වන සංහාරය

රක්‌ෂිත වනාන්තරයක්‌ වනසා එහි නීති විරෝධීව සිදුකරන දැව සංහාරය මැඩීමට නිලධාරීන් කටයුතු කිරීම වැරැද්දක්‌ වන්නේ කෙසේදැයි  විරෝ ධතාවට එක්‌වූ කින්නියාවේ එක්‌ මුස්‌ලිම් වැසියකුවත් කල්පනා නොකළේ මන්දැයි නොදනිමු.


බස්‌ ගැමුණුගේ වහසිබස්‌

දැන් විදුලි බිල්පත අතට ගෙන සුසුම් හෙළන ජනතාවට ජුලි 01 වැනිදා සිට තවත් බරක්‌ එකතු වේ. ඒ බස්‌ ගාස්‌තුය. බස්‌ ගාස්‌තු සියයට දහයකින් ඉහළ දමන්නට බස්‌ ගැමුණු ලෙස ප්‍රකට ගැමුණු විජේරත්න ඇතුළු පෞද්ගලික බස්‌ මුදලාලිලා සූදානම්ය.

විවෘත සරසවි බිම ලෙයින් නැහැවූ සුරේන්ද්‍රජිත්

බිරිඳගෙන් දරුවන් ගෙන් වෙන්වීම, ව්‍යාපෘති වාර්තාව නියමිත දිනට භාරදීමට නොහැකි වීම, නීති උපාධිය තවත් දුරස්‌වීම යන සාධක යන් විසින් සුරේන්ද්‍රජිත් මෘගයකු බවට පත් කරනු ලැබුවේද නැතහොත් වෙනත් හේතුවක්‌ අරබයා ඔහු ඒ තත්ත්වට පත් වූයේද යන්න ගැටලුවකි.


දිනකට ලීටර් පනස්‌දහසක්‌ කුණු කාණුවලට හෙළන
ලොවේ විශිෂ්ටතම
ශක්‌ති ජනක පානය

පොල් වතුරෙහි අහිතකර කොලෙස්‌ට රෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළිවී ඇත්තේ අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලෙස්‌ටරෝල් අඩු කිරීමට ඉවහල් වන හිතකර කොලෙස්‌ට රෝල් (HDL) මට්‌ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි.


කුඩු පැකට්‌ දීලා -
උන්ව මුහුදට දාලා

කුණාටුවට බැණලා

- සිනා සෙති මුදලාලිලා

කුණාටුව එන්න ඉස්‌සරින්දා දවසෙ හවසත් බෝට්‌ටු අයිතිකාරයෝ කුඩු පැකට්‌ දීලා තමයි කොල්ලන්ව මුහුදු යවලා තිබුණෙ. මුහුද අනිත් පැත්ත පෙරලුණත් උන් ඉන්නෙ ආතල් එකේ. කුණාටුවෙන් නැති වුණ වැඩිහරියක්‌ දෙනා කුඩු ගහන අය.


නැවත ඉපදුණු
ලන්දේසි රෝහල

එදා වේදනාවෙන් බරවූ රෝගීන් වෙනුවට අද සතුටින් බරවූ පෙම්වත්තු, කෙළිළොලෙන් ගත කරන හෝ සැප විඳින ජනයා මෙහි වෙති. ඒ අර්ථයෙන්ද ලන්දේසි රෝහල අංශක තුන්සිය හැටක පෙරළියකට භාජනය වී තිබේ.


ජීවිතයද කිණිහිරයද තැලෙන්නේ..
හතලිස්‌ වසරක්‌ කිණිහිරය සමග ඔට්‌ටුවුණු සොබා අම්මා

සොබා අම්මාගේ වයස දැන් අවුරුදු 58 කි. ඒත් පෙර මෙන් ජවයෙන් යකඩ තලන්නට සොබා අම්මාට හැකිය. තවමත් ගමේ මිනිස්‌සු ඇය පණ පොවන පිහියක කැත්තක පුරාජේරුව අපට කියන්නේ ඒ නිසාය.


සුරූපිනියන්ට පෙම් කළ විජේපාලන් කොච්චිකඩේදී කොටු වෙයි

විජේපාලන්ගේ සැලසුම සාර්ථක විය. දිනක්‌ උදැසන ඩේලු සුපුරුදු පරිදි සෝඩා බෝතලයක්‌ පානය කළේය. තම ආදරණීය බිරිඳ විසින් සෝඩා බෝතලයට එක්‌කර තිබූ ඇසිඩ් පානය කළ ඩේලු රෝහල් ගත කිරීමෙන් පසු මරු වැළඳ ගත්තේය.


අසියාතික විවාහක
රූ රැජිණ ශ්‍රී ලංකාවේ
නිලු

වයස 19 දී විවාහ වී ඇති ඇය සාමාන්‍ය පෙළ සමත් වීමත් සමග නිරූපිකාවක්‌ වී ඇත. විවාහ වී කුලුඳුල් දියණිය ලබා වසරක්‌ ගතවීමටත් මත්තෙන් මිස්‌ මොඩ්ල් ඔෆ් ද ඉයර් ලෙසින් ජයග්‍රහණය ලබාගෙන ඇත.


 
  • 13 රැකගන්න ශිවශංකර් මෙනන් එයි

    විසිතුන් වසරක්‌ නිහඬව සිටි වර්ධරාජා පෙරුමාල් ඔරිස්‌සා ප්‍රදේශයේ සිට නවදිල්ලියට පැමිණ කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි සහ අගමැති මන්මෝහන් සිං වෙත යෝජනා හතක්‌ ඇතුළත් සංදේශයක්‌ ඉදිරිපත් කර 13 වැනි සංශෝධනය සම්බන්ධව ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වීමට පෙර වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

  • ප්‍රධාන පාසල් රැසක්‌ නීති විරෝධීව
    මුදල් එකතු කරලා

    මාතර ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පන්ති කාමරයට පැමිණ ටී ෂර්ටයක්‌ සෑම සිසුවකුටම දී පසු දින රුපියල් නවසියයක මුදලක්‌ රැගෙන ඒම අනිවාර්ය කර තිබූ බව දෙමවුපියෝ ප්‍රකාශ කරති.

  • රු.1500 ලේ පයින්ට්‌ එක 40000ට විකිණේ!

    ජාතික ලේ බැංකුවෙන් අඩු මුදලට සපයන රුධිරය පයින්ට්‌ එකක්‌ වෙනුවෙන් එම මුදල මෙන් හතලිස්‌ ගුණයකට අධික මුදලක්‌ අය කර ගනිමින් රෝගීන්ගෙන් ගසා කන රෝහල් සම්බන්ධව පුළුල් පරීක්‌ෂණ ආරම්භ කළ යුතු බව.....

  • අසමසම ශාඛා ජාලයකින් සමන්විත
    සෙලින්කෝ VIP රක්‍ෂණ සමාගම

    පාරිභෝගික ජනතාවට ගුණාත්මක සේවයක්‌ ලබාදීමේ අරමුණින් කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණවර්ධන මහතාගේ සංකල්පයක්‌ මත දීප ව්‍යාප්තව ශාඛා ජාලයක්‌ ස්‌ථාපිත කර තිබෙන දැවැන්ත රක්‍ෂණ සමාගමක්‌ ලෙස සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගම හැඳින්විය හැකිය.

 

  • 70 දශකයේ හින්දි තිරයේ
    අහිංසක පෙම්වතිය ජයා බහදූරි

    සිනමා රසිකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ මෙම ශිල්පිනිය 60 හා 70 දශකයන්හි හින්දි සිනමාවේ අහිසංක පෙම්වතිය වූවාය. සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ බිරියද වන ඇය නමින් ජයා බහදුරි බච්චන්ය.

  • වැපිරූ හැටියටය එන්නේ අස්‌වැන්න

    ඒ සතුට රැඳී තිබුණේ ඉතාම කෙටි කාල සීමාවකටය. ඔස්‌ටේ්‍රලියාව පරදා ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් පූර්ව තරග වරම ලැබීමෙන් පසුව ලද එම සතුට ඉකුත් බ්‍රහස්‌පතින්දා දිනයේදී මුලුමනින්ම ශෝකාන්තයක්‌ බවට පත් කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.