'තමිලිනී' ගෙදර යයි දිනසේන රතුගමගේ

එල්ටීටීඊ දේශපාලන අංශයේ හිටපු නායිකා "තමිලිනී" හෙවත් සුබ්‍රමනියම් ශිවනායි ඊයේ (26 දා) වවුනියාව පූංතෝට්‌ටම් එල්ටීටීඊ පුනරුත්ථාපන කඳවුරෙන් නිදහස්‌ කොට ඇයගේ දෙමව්පියන් වෙත භාරදී තිබේ.

ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ 2009 මැයි මස 27 වැනිදාය. අනතුරුව ඇය එල්ටීටීඊ පුනරුත්ථාපන කඳවුරු වෙත යොමුකරනු ලැබිණි. මේ වසරේ වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති බක්‌මහ උළෙලකට ඇය පැමිණ සිටි නමුත් අය සමග කතාබහ කිරීම හෝ ඡායාරූප ගැනීම හෝ ආරක්‍ෂක අංශ විසින් තහනම් කොට තිබිණි.

වවුනියාව පුංතෝට්‌ටම් එල්ටීටීඊ පුනරුත්ථාපන කඳවුරේදී ඇය නිදහස්‌ කළ අවස්‌ථාව වාර්තා කිරීමටද මාධ්‍යවේදීන්ට අවකාශ නොලැබිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.