කවුරුවත් නො කියවන "පොලිස්‌ දුක" නමැති පොත

පොලිසියේ නම විනාශයට පත් කරමින් දූෂණ වංචාවල යෙදෙන පොලිස්‌ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන සම්බන්ධයෙන් උද්ගතව තිබෙන අර්බුදය මෙයට බලපෑ ආසන්නම හේතුවය. ඉංගී්‍රසි කතා කරන ජන සමාජය තුළ "අයිස්‌ බර්ග් උදාහරණය" යනුවෙන් උදාහරණයක්‌ තිබේ. අයිස්‌බර්ග් යනු සාගරයේ පා වෙමින් තිබෙන යෝධ හිම කඳය. මේවා නිතරම කේතුවක ආකාරයට පවතින අතර කේතුවේ වැඩි කොටස මුහුදු යට තිබේ. වතුරෙන් ඉහළට ඉල්පී ඇති කොටස විශාල කන්දක්‌ ලෙස පෙනෙන නමුදු එය සම්පූර්ණ අයිස්‌ බර්ග් කන්දෙන් සුළු කොටසක්‌ පමණි. අයිස්‌ බර්ග් එකක නොපෙනෙන කොටසින් සිදුවන අනර්ථය ඉතා විශාලය. නැවක යට කොටස හැම විටකම පාහේ හැපෙන්නේ පිටතට නොපෙනෙන මෙකී යට කොටසෙහිය. ටයිටැනික්‌ නැව මෙයට වසර සියයකට පෙර හැපුණේ මෙබඳු අයිස්‌ බර්ග් එකක යට කොටසෙහිය.

පොලිසියේ දූෂණ සහ වංචාවල තත්ත්වයද මෙයමය. එහි ඉහළට පෙනෙන කොටසෙහි ඇත්තේ අසරණ පොලිස්‌ රාළහාමි කෙනෙක්‌ බුලත් විටක්‌ පගාව ලෙස ගැනීමයá පැමිණිල්ලක්‌ කිරීම සඳහා පොලිසියට එන ගැමියකුගෙන් වඩයක්‌ කා ප්ලේන්ටියක්‌ බොන සුළු මුලාදැනියෙක්‌ය. එසේත් නැතහොත් රුපියල් දෙදහසක දඩයක්‌ වෙනුවට රුපියල් පන්සියයක පගාවකින් වැඩක්‌ කෙළවර කරන ට්‍රැµsක්‌ සාජන් කෙනෙක්‌ය. එහෙත් ඊට වඩා ලක්‍ෂ ගුණයක්‌ දරුණු ලෙස පගා ගන්නා ඉහළ නිලධාරීහු පොලිසියේ සිටිති. මේ නිලධාරීහු විශාල ව්‍යාපාරිකයන්ගෙන් විශාල පගා ගනිති. ඒ අතර පොඩි පගා ගන්නා රාළහාමිලාගෙන් "කට්‌ එකක්‌" ද ගනිති.

පොලිසිය යනු මේ රටේ වඩාත්ම දූෂිත ආයතනයයි. එයට හේතු කිහිපයක්‌ තිබේ. පළමුවැන්න, එය මේ රටේ ලොකුම සිවිල් ආයතනය වීමය. එය දෛනිකව විශාල ජන සමූහයක්‌ සමග ගැටෙයි. දෙවනුව පොලිසිය තුළ එයටම ආවේණික පීඩනයක්‌ තිබේ. ඒ පීඩනයේ ලොකුම ඉලක්‌කය සාමාන්‍ය කොස්‌තාපල් රාළහාමිය. මෙය පිරමීඩයක්‌ වැනිය. උදාහරණයක්‌ ලෙස මේ පිරමීඩයේ ඉහළම තැන සිටින ඩී.අයි.ජී. ලා ගනිමු. ඔවුහු පොලිස්‌ අධිකාරිවරුන්ට පීඩනය යොදා පොලිස්‌ අධිකාරිවරු සහකාර පොලිස්‌ අධිකාරීවරුන්ට පීඩනය යොදති. සහකාර පොලිස්‌ අධිකාරිවරු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරුන්ටත් ඕ.අයි.සී. ලාටත් පීඩනය යොදති. ඕ.අයි.සී.ලා එම පීඩනය එහෙම පිටින්ම පොලිස්‌ රාළහාමිලාට දෙයි. රාළහාමිලා එය අපට දෙයි.

එක්‌තරා කාලයක සත පහක පගාවකට අත නොතබන නියෝජ්‍ය පොලිස්‌පති කෙනෙක්‌ මේ රටේ විය. ඔහු පගාවක්‌ ලෙස ගත්තේ මුදල් නොව පොහොරය. ඔහුට තේ වත්තක්‌ තිබිණ. තමන්ගෙන් වැඩ කරවා ගන්නට එන මුදලාලිලාට තම තේ වත්තේ පොහොර අවශ්‍යතාව ගැන කියන ඩී.අයි.ජී. තේ වත්තට පොහොර ලෝඩ් එකක්‌ ගෙන ගොස්‌ බාන ලෙස මුදලාලිලාට අනියමින් හැඟවීය. පසු කාලයේදී මේ ආරංචිය හැම තැනම පැතිර ගිය නිසා ධනවතුන් එම ඩී.අයි.ජී. ලවා වැඩක්‌ කරවාගන්නට ආවේම තමන්ට පොහොර සහනාධාරය දිය හැකි බව හඟවමිනි. අල්ලසට හා දූෂණයට සමාජයෙන්ද 50% ක පෙළඹවීමක්‌ ලැබෙයි. ඇතැම් කසිප්පු මුදලාලිලා පොලිසියට එන්නේම ලියුම් කවර කිහිපයක රුපියල් 500 සිට 10000 දක්‌වා විවිධ ශේ්‍රණිවල මුදල් කොළ දමාගෙනය. 500 රාළහාමිට. 10000 ඕ.අයි.සී.ටය.

පොලිසියේ පහළ නිලධාරීන්ට නිවාඩු නැත. නිසි වැටුපක්‌ නැත. සමහරවිට රාළහාමි කොළඹ සිටින අතර පවුලේ උදවිය වීරවිල හෝ අම්පාරේ සිටිති. මෙය ප්‍රායෝගික තත්ත්වයක්‌ නොවේ. මේ තත්ත්වය තුළ ආර්ථික පීඩනයෙන් සහ මානසික පීඩනයෙන් තැලී සිටිව සුළු මුලාදැනියා පගා ගැසීමට නිකම්ම පෙළඹෙයි. සමාජය ඔහුට පගා දීමට සූදානම්ය. එය භාර ගැනීමට පෘථග්ජනයකු වන රාළහාමි සූදානම්ය.

පොලිසිය දූෂණය වීමේ කතන්දරයේ අංශු මාත්‍රයකි. අප ඔබට පවසන ලද්දේ මෙය පොතක්‌ ලිවිය හැකි කතාවකි. එහෙත් ඒ පොත කියෑවීමට වගකිවයුත්තන් සූදානම් නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.