කෘමිනාශක අඩංගු ආහාර වේල පාසල් දරුවන්ට කන ලෙස
බලකර ඇත්තේ විදුල්පතිවරයායි


බිහාරයේ ආහාර විසවීමෙන් පාසල් සිසුන් 23 ක්‌ මියයැමේ සිද්ධියේ වරදකරුවන්ට දඬුවම් කරන ලෙස ඉල්ලමින් ඉන්දීය දරුවන් පිරිසක්‌ දිල්ලියේ උද්ඝෝෂණය කළ අයුරු.

බිහාර් ප්‍රාන්තයේ පාසලක දරුවන් 23 දෙනකු පාසලෙන් ලබාදෙන දහවල් ආහාරය විසවීම නිසා මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්‌ෂණවලදී හෙළිවී ඇත්තේ මේ ආහාරවලට කෘමි නාශක මිශ්‍ර වී ඇති බවයි.

දරුවන් මේ ආහාර වේල ගැනීමට ප්‍රතික්‍ෂේප කර ඇතත් මේ පාසලේ විදුල්පතිවරයා මෙම ආහාර ගන්නා ලෙස දරුවන්ට බලකර ඇත.

මෙම ආහාරවල ගඳක්‌ එන බව දරුවන් ප්‍රකාශ කර ඇතත් විදුල්පතිවරයා එය ප්‍රතික්‍ෂේප කරමින් මෙය ආහාරයට ගන්නා ලෙස බල කර ඇත.

මෙම ආහාර වේලට අඩංගුව තිබූ සොයාබෝංචි ඉවීමට යොදා ගත් තෙල්වල කෘමි නාශක අඩංගුව තිබී ඇත. එම තෙල් දමා ඇත්තේ කෘමි නාශක තිබූ භාජනයකය.

දරුවන් අසනීප වූ විට කලබලයට පත් වූ විදුල්පතිවරයා පැන ගොස්‌ ඇත. ඉක්‌මනින්ම දරුවන් රෝහල් ගත කළේ නම් මේ ජීවිත බේරා ගැනීමට තිබූ බව වෛද්‍යවරු පවසති.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.