බැග්ඩෑග් කාර් බෝම්බයෙන් 33 දෙනෙකුට මරුට

බැග්ඩෑග් නගරයේ පුපුරා ගිය කාර් බෝම්බයකින් පුද්ගලයන් 33 දෙනෙකු මියගොස්‌ ඇත.

මෙම බෝම්බය පුපුරා ගොස්‌ ඇත්තේ බැග්ඩෑඩයේ ෂියා මුස්‌ලිම්වරුන් වෙසෙන ප්‍රදේශයකය.

ජුලි 10 වැනිදා මුස්‌ලිම්වරුන්ගේ උපවාස මාසය ආරම්භ වූ දින සිට මේ දක්‌වා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 230 ක්‌ මියගොස්‌ ඇත.

ඉරාකයේ සුන්නි ෂියා ගැටුම් උග්‍රවී ඇති නිසා රට නැවතත් අරාජික වී ඇතැයි විදේස්‌ මාධ්‍ය කියයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.