2013 ජූලි 21 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Circulation
   ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
එජාපයෙන් යන්නේ නෑ
හෙට විශේෂ ප්‍රකාශයක්‌ කරන්නෙත් නෑ

ඊයේ දහවල් 1.30 ට දයාසිරි දිවයිනට කියයි
තමා එක්‌සත් ජාතික පක්‍ෂය හැර නොයන බවත් හෙට (23 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ නොකරන බවත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එ.ජා.ප.) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (21 වැනිදා) දහවල් 1.30 ට "දිවයින" කළ විමසීමකදී පැවසීය.

නිකවැරටියේ දෙදරු මවට කුවේටයේදී ඉඳිකටු ගිල්ලවා දස වද දී ගෙදර එවයි

ශ්‍රී ලාංකික කාන්තාවකට කුවේට්‌ රටේදී ඉඳිකටු ගිල්ලවා මාස ගණනාවක්‌ නිරාහාරව කාමරයක දමා විවිධ වද හිංසා පමුණුවා යළි දිවයිනට එවා ඇත.

අම්පාරේ ඉදිකිරීමට යෝජිත භාවනා අසපුවට දිගාමඩුල්ලේ හිමිවරුන්ගේ විරෝධය

අම්පාර නගරය ආසන්නයේ පිහිටි අම්පාර වැව අසල භාවනා අසපුවක්‌ ඉදිකිරීමට මුල්ගල තැබීමට එරෙහිව දිගාමඩුල්ලේ විහාරස්‌ථානවල නායක හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා ඊයේ (21 වැනිදා) උදෑසන එම ස්‌ථානයට ගොස්‌ විවිධ වැකි ලියූ පුවරු රැගෙන විරෝධතාවක නිරත වූහ.

වතු අධිකාරි ඝාතනයේ පළමු සැකකරුගේ මව අත්අඩංගුවට

මාධ්‍යයට තොරතුරු සැපයූ ද්‍රවිඩ කාන්තාවකට තර්ජනය කිරීම පිළිබඳව දැරණියගල නූරිවත්තේ වතු අධිකාරිවරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන අමිල වසන්ත විඡේසිංහගේ මව වන සිරියාවති නුරියවත්තේ නමැත්තිය දැරණියගල පොලිසිය පෙරේදා (20 දා) පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

වැලිකඩ කප්පම් ජාවාරමට ආධාර කළ කත දැලේ

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අපරාධකරුවන් හරහා දුරකථනයෙන් මරණීය තර්ජන කර විවිධ පුද්ගලයන්ගෙන් ලබාගන්නා ලද කප්පම් මුදල් සිය ගිණුමට බැර කරගන්නා සහ කප්පම් ගැනීමට අනුබල දුන් කාන්තාවක පිටකොටුව බස්‌ නැවතුම්පළ අසලදී පෙරේදා (20 වැනිදා) කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උ/මැද ගුරු උපදේශක විභාගය අවලංගු කරන්න
- ගුරු සේවා සංගමය කියයි

ගුරු උපදේශක තනතුර සඳහා උතුරුමැද පළාතේ පෙරේදා (20 වැනිදා) පැවති විභාගයේ අක්‍රමිකතා රැසක්‌ සිදුවීම නිසා වහාම එම විභාගය අවලංගු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටී.

සසුන් කෙත බැබළේවා..!
ආණමඩුව වඩත්ත පිරිවෙනේදී කුල දරුවන් විසිපස්‌ දෙනකු පැවිදි බිමට ඇතුළත් වූ අතර පරිවෙණාධිපති වඩත්තේ සෝමානන්ද හිමියන් සමග උන්වහන්සේලා "දිවයින" කැමරාවට මුහුණදුන් අයුරු.. පුත්තලම නලීන් හෙන්ඳුරුගොඩ සහ ආණමඩුව - ටෙරන්ස්‌ වනිගසිංහ

ලද දන් මටත් දෙන පොඩි හාමුදුරුවනේ
බුදු බණ කෙබඳුදැයි මගෙ හදවතට දැනේ
පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවසන මේ කුඩා සාමණේරයන් වහන්සේලා අවට කැලෑවේ සිටින රිළවුන්ගේ කුසගිනි නිවමින් දන් වළඳන ආකාරය ඊයේ (21 දා) "දිවයින" කැමරාවේ මෙසේ සටහන් විය.
ඡායාරූපය - රොෂාන් තුෂාර - අරලගංවිල

පොලිසියට චණ්‌ඩිපාට්‌ දැමූ
ගෝමරන්කඩවල සභාපති අල්ලන්න පරීක්‍ෂණ අරඹයි

ගෝමරන්කඩවල පොලිසියට ගොස්‌ පොලිස්‌ නිලධාරීන්ට මැර තර්ජන කළ බව කියන ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට ගෝමරන්කඩවල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

කොස්‌ගමින් ඇල්ලූ නිදිපෙති රාවලට කලවම් කරලා
රා ලීටර් 2500කට නිදිපෙති 1000ක්‌

පසුගිය සිකුරාදා පහළ කොස්‌ගම ප්‍රදේශයේ නිවසක තිබියදී විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නිදිපෙති තොගය රාවලට කලවම් කිරීමට යොදා ගෙන ඇති බව එම අධිකාරියේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

පොලිසියට එරෙහි හිමිනමගේ උපවාසයට උසාවියෙන් වාරණයක්‌

උතුරු කළුතර පොලිසියට එරෙහිව උග්ගල්ගොඩ මල්අස්‌න රජමහා විහාරස්‌ථානයේ හිමිනමක විසින් අද (22 දා) කළුතර ඓතිහාසික බෝසමිඳු අබියස මාරාන්තික උපවාසයක්‌ පැවැත්වීමට නියමිතව තිබිණි.

මැර දේශපාලකයන් බලයට පත් කරන්න එපා

වයඹ මධ්‍යම සහ උතුර පළාත් සභා වෙනුවෙන් පැවැත්වෙන ඡන්දයේදී මැරකම් කරන දේශපාලනඥයන් බලයට පත් නොකරන ලෙස තමා දැඩි අවධාරණයෙන් යුතුව ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප මැතිවරණ අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ කමිටුවේ සභාපති ඒ. එච්. එම්. µවුසි අමාත්‍යවරයා දිවයිනට ඊයේ (21) දා ප්‍රකාශ කළේය.

වසා තිබූ ගේට්‌ටුවෙන් රිංගද්දී යතුරුපැදිය දුම්රියේ ගැටෙයි
අයෙක්‌ මරුට

දුම්රිය ගේට්‌ටුව වසා තිබියදී ඊයේ (21 වැනිදා) සවස 6.30ට පමණ අළුත්ගම ගනේගම දුම්රිය හරස්‌ මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක්‌ දුම්රියක ගැටීමෙන් එහි ගමන් කළ දෙදෙනකුගෙන් එක්‌ අයකු එතැනම මියගොස්‌ ඇත.


 
  • දම්සක්‌ පැවතුම් සූත්‍රය දෙසූ ඇසළ පොහොය

    බුදු සිරිත හා සම්බන්ධ ශ්‍රේෂ්ඨ පසළොස්‌වක පොහොය කීපයක්‌ම අපි සැදැහැතියෙන් සැමරුවෙමු. වෙසක්‌ පුර පසළොස්‌වක හා පොසොන් පුර පසළොස්‌වක එම පෝය දිනයන්ය. බොදු හදවත තුළින් මේ උණුසුම මැකීයන්නට පෙර එවන් වැදගත් සිද්ධි රැසක්‌ සිදු වූ තවත් උත්තරීතර දිනයක්‌ එළඹෙනු ඇත. ඇසළ පුර පසළොස්‌වක පෝය එදවසයි.
     

  


 
  • දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව
    ඉතිහාසයේ දැවැන්තම ජය ලබයි
    කෝඩුකාර නායකයාට සංගක්‌කාරගෙන් තෑග්ගක්‌

    සංගක්‌කාරගේ වාර්තාගත පිති ප්‍රහාරය හමුවේ ජවය ලද ශ්‍රී ලංකාව තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගයේදීම දකුණු අප්‍රිකාවට ලකුණු 180 ක පරාජයක්‌ අත්කර දෙමින් තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට පෙරේදා (20) සමත් විය.

  

Kapruka Shopping |  News
liya

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.