පොලිසියට චණ්‌ඩිපාට්‌ දැමූ
ගෝමරන්කඩවල සභාපති අල්ලන්න පරීක්‍ෂණ අරඹයි

චමින්ද සිල්වා

ගෝමරන්කඩවල පොලිසියට ගොස්‌ පොලිස්‌ නිලධාරීන්ට මැර තර්ජන කළ බව කියන ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට ගෝමරන්කඩවල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස්‌ කොස්‌තාපල්වරයකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු විසින් පහරදීම නිසා එම පොලිස්‌ නිලධාරියා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත.

පොලිසිය එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. මෙම සිද්ධියෙන් පසු ප්‍රාදේශීය සභා සභාපතිවරයා පොලිසියට පැමිණ සිද්ධිය සමථයකට පත්කර ගන්නා ලෙස බලපෑම් කර පිටව ගොස්‌ ඇත.

මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසියට කරුණු වාර්තා කිරීමෙන් පසු කන්තලේ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරාළ මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.