වතු අධිකාරි ඝාතනයේ පළමු සැකකරුගේ මව අත්අඩංගුවට

සෝමචන්ද්‍ර යකන්දාවල

මාධ්‍යයට තොරතුරු සැපයූ ද්‍රවිඩ කාන්තාවකට තර්ජනය කිරීම පිළිබඳව දැරණියගල නූරිවත්තේ වතු අධිකාරිවරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන අමිල වසන්ත විඡේසිංහගේ මව වන සිරියාවති නුරියවත්තේ නමැත්තිය දැරණියගල පොලිසිය පෙරේදා (20 දා) පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඇයගේ තර්ජනය සම්බන්ධව දැරණියගල පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ අනුව දැරණියගල නව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතාගේ උපදෙස්‌ පරිදි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පෙරවරුවේ මෙම කාන්තාව මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.