වැලිකඩ කප්පම් ජාවාරමට ආධාර කළ කත දැලේ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අපරාධකරුවන් හරහා දුරකථනයෙන් මරණීය තර්ජන කර විවිධ පුද්ගලයන්ගෙන් ලබාගන්නා ලද කප්පම් මුදල් සිය ගිණුමට බැර කරගන්නා සහ කප්පම් ගැනීමට අනුබල දුන් කාන්තාවක පිටකොටුව බස්‌ නැවතුම්පළ අසලදී පෙරේදා (20 වැනිදා) කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය ජාඇල ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරියගේ බැංකු ගිණුමට මුදල් බැර කළ බවට බැංකු කීපයකින් නිකුත් කළ රිසිට්‌පත් තුනක්‌ ද අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මේ පිළිබඳව බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඩී. ආර්. එල්. රණවීර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ එහි ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හේමන්ත දික්‌ඕවිට මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමතිලක, උප පොලිස්‌ පරීක්‍ෂක තුෂාර පෙරේරා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.