මැර දේශපාලකයන් බලයට පත් කරන්න එපා

නෝමන් පළිහවඩන - ධම්මික සල්වතුර

වයඹ මධ්‍යම සහ උතුර පළාත් සභා වෙනුවෙන් පැවැත්වෙන ඡන්දයේදී මැරකම් කරන දේශපාලනඥයන් බලයට පත් නොකරන ලෙස තමා දැඩි අවධාරණයෙන් යුතුව ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප මැතිවරණ අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ කමිටුවේ සභාපති ඒ. එච්. එම්. µවුසි අමාත්‍යවරයා දිවයිනට ඊයේ (21) දා ප්‍රකාශ කළේය.

ඒ ඒ දේශපාලන පක්‍ෂවල අපේක්‍ෂකයන් මැතිවරණයට ඉදිරිපත් කරද්දී මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මැර ක්‍රියාවලට සම්බන්ධ යෑයි කියනු ලබන දේශපාලනඥයන් පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන අතර මැර ක්‍රියා සිදුකර ඇති බවට පරීක්‍ෂණවලදී හෙළිවුවහොත් ඔවුනට දඬුවම් ලැබෙන බවද හෙතෙම පැවසීය.

ගුරුවරියක දණගැස්‌වූ බවට චෝදනාවට ලක්‌ වූ පළාත් සභා මන්ත්‍රීවරයාගේ හොඳ පැත්ත සොයා බලන බවද ඔහුගේ හොඳ හා නරක සොයා බැලීම වැදගත් බවද ඇමැතිවරයා කීය. මේ අතර හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට ඊයේ උදේ අප කතා කළ අවස්‌ථාවේ තමා මෙම ඡන්දයට ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔහු පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.