බස්‌ රියේ දුම් නොබොන්නැයි කීවිට කොන්දොස්‌තරට පහර දීලා

කුරුඳුවත්ත උප ඩිපෝවේ බස්‌ වර්ජන

කුරුඳුවත්ත - ජගත්

නාවලපිටිය ඩිපෝවට අනුබද්ධ කුරුඳුවත්ත උප ඩිපෝව මගින් ධාවනය වන ගම්පොල සිට දොළොස්‌බාගේ මාර්ගයේ බස්‌ රථයේ කොන්දොස්‌තරවරයාට පහරදීම නිසා ඊයේ (21) දින එම ඩිපෝවෙන් ධාවනය වන සියලුම බස්‌ රථ ධාවනය අත්හිටුවා තිබේ. මේ නිසා ග්‍රාම නිලධාරි වසම් 31 ජනතාව දැඩි අසීරුතාවයට පත්වූහ.

මේ සම්බන්ධව කුරුඳුවත්ත ඩිපෝවේ නිලධාරියෙක්‌ පවසා සිටියේ පසුගිය 19 දා රාත්‍රි ගම්පොල සිට දොළොස්‌බාගේ දක්‌වා ධාවනය වූ බස්‌ රථයේ දුම් පානය කරමින් සිටි පුද්ගලයකුට එසේ නොකරන ලෙස පැවසූ පසු කොන්දොස්‌තරවරයාට පහරදී ඇති බවයි.

මෙම පුද්ගලයා 20 වැනිදා සවස වන තෙක්‌ම අත්අඩංගුවට නොගැනීම නිසා බස්‌ වැඩ වර්ජනය ආරම්භ කළ බවද හෙතෙම පැවැසීය.

නව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරිsයෙක්‌ පවසා සිටියේ ඊයේ (21දා) එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ගම්පොල දිසා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.