දිගන - කොළඹ බසයේ
කොන්දොස්‌තරට පහර දී රු.35,000 ක්‌ පැහැර ගනිති

කටුගස්‌තොට - එස්‌. එදිරිසිංහ

දිගන - කොළඹ ධාවනය කෙරෙන පෞද්ගලික බස්‌ රථයක්‌ පසුගිය 19 දා සවස ගමන නිමාකර බස්‌ හිමියාගේ නිවසට එමින් සිටියදී දොරගමුව හන්දියේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනකු බස්‌ රථය නවතා එහි කොන්දොස්‌තරවරයාට පහරදී රු.35,000 ක්‌ කොල්ලකා පලාගොස්‌ ඇත.

මේ සම්බන්ධයෙන් එම බස්‌ රථයේ රියෑදුරු හා කොන්දොස්‌තර කටුගස්‌තොට පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔවුන්ට මෙම තිදෙනා හඳුනාගැනීමට බැරි බවද සඳහන් කර ඇත.

කටුගස්‌තොට පොලිස්‌ ස්‌ථානාධිපති ඩී. ජයතිලක මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ අංශයේ උ.පො.ප. ශාන්ත බණ්‌ඩාර මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.