ගිනි අවිය පත්තු වී නිලධාරියකුට තුවාල

මොනරාගල විශේෂ - සේපාල මහානාම , මඩුල්ල -කේ. එම්. පී. බණ්‌ඩාර

රාජකාරි ගිනි අවියක්‌ අත්වැරදීමකින් ක්‍රියාත්මකවී වෙඩි වැදුණු මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු තුවාල ලබා මොනරාගල දිස්‌ත්‍රික්‌ මහරෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ පොලිස්‌ කොස්‌තාපල් (23137) කොණ්‌ඩදෙනිය නැමැති නිලධාරියෙකි. පොලිසියේ අවි ගබඩා භාර නිලධාරියාට වෙනත් නිලධාරියෙකු පැමිණ රිවොල්වරයක්‌ භාර දී ඇති අතර එය භාරගත් නිලධාරියා අතින් අත්වැරදීමකින් ක්‍රියාත්මක වී එම ස්‌ථානයේ සිටි නිලධාරියාගේ වම් අතට වෙඩි වැදී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.