ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදයේ
නව සභාපති ස්‌ටුවර්ට්‌ චැප්මන්


ශ්‍රී ලංකා ඖෂධ සංස්‌ථා සංසදයේ නව සභාපතිවරයා ලෙස ග්ලැක්‌සෝ ස්‌මිත්ක්‌ලයින් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ස්‌ටුවර්ට්‌ චැප්මන් මහතා තේරී පත්විය.

පසුගියදා කොළඹ ටාඡ් සමුද්‍ර හෝටලයේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සංසදයේ වාර්ෂික මහ සභා රැස්‌වීමේදී මෙම පත්වීම සිදු කෙරිණි.

එහිදී එම සංසදයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා උප සභාපති වශයෙන් පිළිවෙළිsන් තෝරා පත් කරගනු ලැබුවේ කර්නල් චන්ද්‍රd ජයරත්න හා සංජීව සමරනායක යන මහත්වරුන්ය.

මෙහිදී අදහස්‌ දක්‌වමින් සංසදයේ නව සභාපති චැප්මන් මහතා සඳහන් කළේ ඖෂධ කර්මාන්තයේ වටිනාකම් රැක ගැනීමටත් එම කර්මාන්තය කෙරෙහි සෑම පාර්ශ්වයකම විශ්වාසය දිනා ගැනීමටත් සියලුම දෙනා කැපවී ක්‍රියා කළ යුතු බවයි.

ප්‍රධාන අමුත්තා වශයෙන් මෙම අවස්‌ථාවට එක්‌ වූ මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ යහපැවැත්ම වෙනුවෙන් ඖෂධ කර්මාන්ත සංසදය විශාල මෙහෙවරක්‌ සිදු කරන බවයි. ඉදිරියටත් එම සහයෝගය එලෙසින්ම ලබාදීමට සංසදය ක්‍රියා කරනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.