සිංහ සිමෙන්ති 2013 ආරක්‍ෂාව පිළිsබඳ දිනය සමරයි

ආරක්‍ෂාව යනු දිනපතා ක්‍රියාකාරීත්වයේ අත්‍යවශ්‍ය අංශයක්‌ ලෙස සලකන ඉටාල් සිමෙන්ති සමූහ ව්‍යාපාරය ආරක්‍ෂාව යනු ව්‍යාපාරයේ මූලික ව්‍යාපාරික උපායමාර්ගයක්‌ ලෙසද සලකනු ලැබේ. "ආරක්‍ෂාව පිළිබඳ දිනය යනු ලොව පුරා ඉටාල් සිමෙන්ති නිෂ්පාදනාගාරවල ලෝක ආරක්‍ෂණ දිනයට සමගාමීව සමරන වාර්ෂික අංගයකි" යෑයි ඉටාල් සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ කොලින් නෙල්සන් මහතා පැවසීය.

මෙම වසරේ සිංහ සිමෙන්ති සමාගම ආරක්‍ෂණ දින සැමරුම ජුනි මස 08 වැනි දින කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ට්‌ හෝටලයේදී පවත්වන ලද අතර උත්සවයේ තේමාව වූයේ ආරක්‍ෂාකාරී රිය පැදවීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් යන්නයි.

"ආරක්‍ෂාව පිළිබඳ දිනයේ මූලික අරමුණු වන්නේ ආරක්‍ෂාකාරී ක්‍රියාකාරකම් සඳහා ප්‍රායෝගිකව සහභාගි වෙමින් සමාගමේ සේවකයන්ට සමාගමේ ආරක්‍ෂාව පිළිබඳ අනුගමනය කරන ක්‍රියාමාර්ගවල මට්‌ටම පිළිබඳ අවබෝධයක්‌ ලබාදීම සහ වැඩ බිම් තුළ වෘත්තීය මට්‌ටමේ ආරක්‍ෂක කළමනාකරණ ක්‍රමයක්‌ ගොඩනැඟීමයි" යෑයි නෙල්සන් මහතා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.