මිණිපුරට සරසවිය එක්‌වේ

ජාතියේ නැණ පහන් පුබුදුවන තක්‌ෂලාවක්‌ බඳු නුගේගොඩ සරසවි පොත්හලේ ශාඛාවක්‌ පසුගිය 20 වැනි දින උදේ 10.45 ට යෙදුණු සුබ මොහොතින් රත්නපුර නගර මධ්‍යයේදී සබරගමු පළාත් ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මහතාගේ සුරතින් රුවන්පුර ජනතාව වෙනුවෙන් විවෘත විය. මෙම අවස්‌ථාවට විදුලිබල හා බලශක්‌ති ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පළාත් සභා ඇමැති රංජිත් බණ්‌ඩාර, රත්නපුර සමන් දේවාල බස්‌නායක නිලමේ කමල් රත්වත්තේ, සරසවි පොත්හල අධිපති එච්. ඩී. ප්‍රේමසිරි යන අය ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්‌ එක්‌ විය.

කේ. හෙට්‌ටිආරච්චි - රත්නපුර අතිරේක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.