සයිප්‍රසයේ දී ඝාතනයට ලක්‌වූ
අම්මාගේ දේහය ගෙන්වා දෙන්න
දරුවෝ ඉල්ලති

තඹුත්තේගම - සී. එම්. ආරියපාල

සයිප්‍රසයේ ගෘහ සේවයට ගොස්‌ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්‌වූ තලාව සුමුදුගම පදිංචිකාරියක වූ අජන්තා හේරත් (41) මහත්මියගේ මෘත දේහය ඉක්‌මනින් ගෙන්වා දෙන ලෙස ඇගේ දරුවෝ බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.

ඇයට වෙඩි තැබූ හාම්පුතාද වෙඩි තබා ගෙන ඇතැයි ද වාර්තා වී තිබේ.

ඇගේ මරණය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය තලාව පොලිසිය හරහා ඇයගේ පවුලේ සාමාජිකයන්ට දැනුම් දී තිබේ.

කිහිපවිටක්‌ විදේශගතව ගෘහ සේවයේ යෙදුණු මේ කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණ නැවත සයිප්‍රසයට ගොස්‌ අවුරුද්දකුයි මාස 9 ක්‌ වන බවත් ඥතීහු කියති. සයිප්‍රසයේ මුලින්ම සේවය කළ නිවසේදී හරිහැටි වැටුප් නොලැබුණ නිසා වෙනත් නිවසකට සේවයට යන බව ඇය තම ඥතීන්ට දුරකථනයෙන් දැනුම් දී තිබේ.

අලුත් නිවසකට පසුගිය 17 වැනිදා ගොස්‌ ඇති ඇය පසුව දුරකථනයෙන් ඇමැතුම්දී නොමැති බව ඥතීහු පවසති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.