මතුගම ආනන්ද ශාස්‌ත්‍රාලයේ
දාහතර හැවිරිදි ශිෂ්‍යයා ටිපර් රථයට බිලිවෙයි

පවුලේ එකම දරුවා පියාත් මියගිහින්
මව කරන්නේ කුලී වැඩ

හේමන්ත රන්දුණු, කළුතර - විජයසිරි විද්‍යාසේකර,
බේරුවල - තරිඳු, අගලවත්ත - මහිලාල්,
මීගහතැන්න - රුවන් ජයවර්ධන


මතුගම ආනන්ද ශාස්‌ත්‍රාලයේ 8 වැනි ශේ්‍රaණියේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි ශිෂ්‍යයකු ඊයේ (29 වැනිදා) දහවල් 1.45 ට පමණ පාසල නිම වී නිවස බලා යමින් සිටියදී මතුගම නගර මධ්‍යයේදී ටිපර් රථයකට යටවී හිස පොඩිවී යැමෙන් මියගොස්‌ ඇත.

මෙසේ මරුමුවට පත්ව ඇත්තේ මතුගම කාලවිල පදිංචි උමේෂ් ලක්‌ෂාන් නමැති ශිෂ්‍යයෙකි.

උමේෂ් ලක්‌ෂාන් පාසල නිමවීමෙන් පසු නිවස බලා යැමට බස්‌ රථයකට නැගීමට සූදානමින් මාර්ගය අසල සිටියදී වේගයෙන් පැමිණි ටිපර් රථයේ ගැටී ඇත.

පසුව ලක්‍ෂාන් ශිෂ්‍යයා ටිපර් රථයේ ඉදිරිපස සහ පසුපස රෝද වලට යටවීමෙන් බරපතළ තුවාල ලබා සිද්ධිය වූ ස්‌ථානයේම මියගොස්‌ තිබේ.

අනතුරින් පසු ටිපර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිස්‌ නිලධාරීන් සහ නගරවාසීන් ටිපර් රථය පසුපස පන්නාගෙන ගොස්‌ අල්ලාගෙන ඇත.

මතුගම නෑබඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් ටිපර් රථය සහ එහි රියෑදුරු මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් අවාසනාවන්ත ලෙස මියගිය උමේෂ් ලක්‌ෂාන් ශිෂ්‍යයාගේ පියා ඔහු කුඩා කලම මියගොස්‌ ඇත. පසුව ලක්‌ෂාන්ගේ මව ප්‍රදේශයේ වතුවල කුලී වැඩ කරමින් සිය දරුවා හදාවඩාගෙන තිබේ.

පවුලේ එකම දරුවා වූ ලක්‌ෂාන් පාසලේ කාගේත් හොඳ හිත දිනාගෙන හොඳින් අධ්‍යාපන කටයුතු කළ ශිෂ්‍යයකු බව ප්‍රදේශවාසීහු පවසති.

සිය එකම පුත්‍රයා මියගිය පුවත සැලවීමෙන් පසු මව සිහිසුන් වූ අතර ඇයට පොලිස්‌ නිලධාරීන් ප්‍රථමාධාර ලබාදී තිබිණි.

ටිපර් රථයේ රියෑදුරුගේ නොසැලකිලිමත් කමින් මෙම අනතුර සිදුවී ඇති බව මතුගම පොලිසිය පවසයි.

මතුගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. රනේපුර මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශයේ ස්‌ථානාධිපති රාජරත්න ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.