සිරියානු රජය කැරලිකරුවන්ගේ ප්‍රධාන නගරයක්‌ සියතට ගනී

සිරියානු කැරළිකරුවන්ගේ ප්‍රධාන බලකොටුවක්‌ වූ හොන්ස්‌ දිස්‌ත්‍රික්‌කය සිරියානු රජයේ හමුදා යටත් කරගත් බව එම රජය ප්‍රකාශයට පත්කර ඇත.

අලිද්‍යා නම් වූ මෙම දිස්‌ත්‍රික්‌කය වසර දෙකක පමණ කාලය තුළ මෙම කැරලිකරුවන් යටතේ පැවැති අතර සිරියානු හමුදා විසින් ඔවුන්ගේ ප්‍රධානතම බලකොටුවෙන් පලවා හැරීමට හැකිවූ බව එම රජයේ ආරංචි මාර්ග පවසයි.

එම පුවත සිරියානු රජය එරට රූපවාහිනිය හරහා ප්‍රකාශයට පත්කළේ ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධානතම මූලස්‌ථානයක්‌ රජය විසින් යටත් කරගත් බවය.

මෙම දරුණු සටන්වල ප්‍රතිඵලය වී ඇත්තේ මුළු දිස්‌ත්‍රික්‌කයේම යටිතල පහසුකම්වලින් වැඩි කොටසක්‌ විනාශයට පත්වීමය.

මෙ බව ප්‍රකාශ කළේ සිරියානු රජයේ විරෝධියකු වන මොහොමඩ් නමැත්තෙකු විසිනි.

පසුව සිරියානු රජය විසින් විකාශය කරන ලද ඡායාරූප හා වීඩියෝ හරහා මෙම සටන විකාශය කර ඇත.

නගරයේ ප්‍රධාන ගොඩනැඟිලි සියල්ල පාහේ විනාශ වී ඇති අතර ඉතිරිව ඇත්තේ සමහර ගොඩනැඟිලිවල සැකිල්ල පමණි.

සිරියානු රජයේ හමුදාවල ඊළඟ ඉලක්‌කය වී ඇත්තේ හොම්ස්‌ හී පැරණි නගරයන්ය. එහි දහසක්‌ පමණ කැරලිකරුවන් සිටින බව රජයේ හමුදාවල විශ්වාසයයි. එහෙත් මෙහිදී රජයේ හමුදාවලට ප්‍රධානතම බාධාව වී ඇත්තේ මෙම කුඩා නගරයේ වීථි ඉතා පටු වීම සහ ප්‍රහාර එල්ල කිරීමට ඇති අපහසුතාවයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.