වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නැති
වෛද්‍යවරුන් තිදෙනෙක්‌ රෝහල් සේවයේ

- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

ඒමන්ති මාරඹේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නොමැති ඇක්‌ට්‌ - 16 විභාගය අසමත් විදේශීය වෛද්‍ය උපාධිධාරීන් තිදෙනකු නීති විරෝධී අයුරින් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ රෝහල් දෙකක සේවයේ යොදවා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. මෙම නීති විරෝධී වෛද්‍ය උපාධිධාරීන් හේතුවෙන් එම රෝහල්වල රෝගීන්ගේ ජීවිත අනතුරේ පවතින බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා පැවැසීය.

ආයතන සංග්‍රහය උල්ංඝනය කරමින් මෙම වෛද්‍ය උපාධිධාරීන් පත් කළ වගකිවයුතු නිලධාරින්ට එරෙහිව කඩිනම් පරීක්‍ෂණ පවත්වා දැඩි පියවර ගන්නා ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.