ඉකුත් මාස 6 තුළ
ඒඩ්ස්‌ රෝගය වැළඳුණු  16 දෙනකු මිය ගිහින්

ජයන්තිපුර - උඩගෙදර

2013 වසරේදී ගතවූ මාස හය ඇතුළත ශ්‍රී ලංකාවේ ඒඩ්ස්‌ රෝගයෙන් පුද්ගලයන් දහසය දෙනකු මියගොස්‌ ඇතැයි එච්.අයි.වී. ඒඩ්ස්‌ මර්දන අංශය කියා සිටියි.

එසේම ගතවූ මුල් මාස 6 තුළ එච්.අයි.වී. වෛරස ශරීරගතවූ පුද්ගලයන් අනූදෙනකු හමුවී ඇත. එයින් 07 දෙනකු කුඩා දරුවන් බව ඒඩ්ස්‌ මර්දන අංශයේ වැඩසටහන් අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි. දරුවන්ට මෙම වෛරසය ශරීරගත වී ඇත්තේ මවගෙන් බැවින් සියලු ගැබිනි මව්වරුන් එච්. අයි.වී. පරීක්‍ෂණය සඳහා යොමු කෙරේ. එය ශරීරගතවී ඇති බව හඳුනාගතහොත් කුසෙහි සිටින දරුවාට එය ශරීරගතවීමට නොදී ප්‍රතිකාර දිය හැකි බව පවසයි. රෝගීන් 1739 හඳුනාගෙන ඇති අතර එයින් 299 ක්‌ මියගොස්‌ ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.