මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන
ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයි

චතුර පමුණුව

ලක්‌ෂාර් ඊ ටොයිබා නමැති මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවාගෙන ඇති බව ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇත.

මෙම සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවා ඒ හරහා ඉන්දියාවට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

මොවුන්ගේ කඳවුරු තූත්තුකුඩියේ හා රාමේෂ්වරන් හි පිහිටු වීමටද සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය බුද්ධි අංශ වාර්තා උපුටා දක්‌වමින් ප්‍රකාශ කර ඇත.

2008 නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කළේද මෙම සංවිධානය විසිනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.