දැන්වීම් තහංචියක්‌

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සියලු කිරිපිටි දැන්වීම් නැවත දැනුම් දෙනතුරු පළ කිරීමෙන් හා විකාශනය කිරීමෙන් වළකින්නැයි ආහාර පිළිබඳ නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සියලූ මුද්‍රිත/ විද්යුත් මාධ්‍යයන් වෙතින් ඊයේ (07 දා) ලිත ඉල්ලීමක්‌ කළේය.

කිරිපිටි වර්ග කිහිපයක ඩී.සී.ඩී. රසායනිකය අන්තර්ගතව ඇති බවට වාර්තාවීමත් සමඟ කිරිපිටිවල සුරක්‍ෂිතභාවය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක්‌ පැන නැගී තිබේ. එවන් තත්ත්වයක්‌ තුළ ඇතැම් කිරිපිටි නිෂ්පාදන මහජනතාව නොමඟÊයවන සුළු අන්දමින් දැන්වීම් ප්‍රචාරය කිරීම හේතුවෙන් එම දැන්වීම් පළකිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉල්ලීම් කරයි.

කිරිපිටි සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු සහගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙරට පවතින සියලුම කිරිපිටිවල ඩී.සී.ඩී. රසායනිකය හා ක්‌ලොස්‌ටි්‍රඩියම් බොටලිනම් බැක්‌ටීරියාව සහිත 'වේ ප්‍රොaටීන්' අඩංගුව ඇත්දැයි පරීක්‍ෂා කර බැලීමට ආහාර උපදේශක කමිටුව විසින් තීරණය කර ඇති අතර, එවැනි තත්ත්වයක්‌ තුළ මහජනතාවගේ යහපත උදෙසා සියලු මාධ්‍ය තුළ කිරිපිටි සම්බන්ධ දැන්වීම් පළකිරීම/ ප්‍රචාරණය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව එම කමිටුව තීරණය කර තිබේ. පරීක්‍ෂණ වාර්තාවල ප්‍රතිඵල මත ඉදිරි පියවර ගන්නා බව ආහාර උපදේශක කමිටුව පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.