ඩෙංගු කීටයන් වැනසීමට මදුරු විශේෂ 2 ක්‌ බෝ කරයි

ඒමන්ති මාරඹේ

මෙරටින් සොයා ගනු ලැබූ ඩෙංගු මදුරු කීටයන් අනුභව කරනු ලබන "ටොපෝමියා" ගණයට අයත් මදුරු විශේෂ දෙක බෝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම මදුරුවන් සොයා තිදෙනකුගෙන් යුතු කීට විද්‍යා සහකාර නිලධාරීන් පිරිසක්‌ අද (08දා) සිට කළුතර ඇතුළු ප්‍රදේශවල නිරීක්‍ෂණයක යෙදෙන බවද ජ්‍යෙෂ්ඨ කීට විද්‍යා සහකාර නිලධාරි නජිත් සුමනසේන මහතා පැවැසීය.

එම මදුරු විශේෂ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ මහ පරිමාණයෙන් බෝකර ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා පරිසරයට මුදාහැරීම මෙම නිරීක්‍ෂණ කටයුතුවල අරමුණ වේ.

දැනටමත් "ටොපෝමියා" ගණයට අයත් මෙම මදුරු විශේෂ වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ බෝ කිරීමට කටයුතු යොදමින් සිටින අතර ඒ සඳහා තවත් මදුරුවන් අවශ්‍ය බැවින් එම මදුරුවන් සොයා නිරීක්‍ෂණ කටයුතු අරඹන බව හෙතෙම පවසයි.

මිනිසුන්ගේ රුධිරය උරා නොබොන මල්පැණි ඇතුළු ශාක යුෂ බොන මෙම මදුරු විශේෂයන් මහ පරිමාණයෙන් බෝකර පරිසරයට මුදාහැරීමේ වැඩපිළිවෙළට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියද ලැබී තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.