සියලු කිරිපිටි සාම්පල පරීක්‍ෂාවට යවයි

ඒමන්ති මාරඹේ

වෙළෙඳපොළේ තිබෙන සියලු කිරිපිටි වර්ගවල සාම්පලවල ඩී. සී. ඩී. රසායනිකය ඇත්දැයි පරීක්‍ෂාවට කාර්මික තාක්‍ෂණ ආයතනයටත් ක්‌ලෝස්‌ටි්‍රඩියම් බැක්‌ටීරියාව ඇත්දැයි පරීක්‍ෂාවට බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයටත් යෑවීමට පියවර ගෙන ඇතැයි රජයේ මධ්‍යම ආහාර පාලන ඒකකයේ ජ්‍යෙෂ්ඨ ආහාර පර්යේෂකවරයෙක්‌ "දිවයින" ට පැවසීය.

මෙම කිරිපිටි සාම්පල පරීක්‍ෂාව සඳහා යවන ලෙස ඉකුත් බදාදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව මේ වන විට සෑම කිරිපිටි වර්ගයකම සාම්පල විශාල ප්‍රමාණයක්‌ අදාළ ආයතන වෙත යෑවීමට පියවර ගෙන ඇතැයි එම පරීක්‍ෂකවරයා කීවේය.

මේ අතර ඩී. සී. ඩී. රසායනිකය අඩංගුව ඇති බවට කාර්මික තාක්‍ෂණ ආයතනය මගින් තහවුරු කළ කිරිපිටි වර්ග 4 ට අයත් කාණ්‌ඩවල කිරිපිටි පැකට්‌ මෙම දිනවල එම සමාගම් විසින් ඉවත් කරගෙන යන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.