2013 අගෝස්‌තු 13 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster

ඒකපාර්ශ්වික ලෙස
ලබන 1 වැනිදා
සිට බස්‌ ගාස්‌තු
ඉහළ දමනවා

- ගැමුණු විඡේරත්න

පෞද්ගලික බස්‌ ගාස්‌තුව ලබන මස (සැප්තැම්බර්) පළමුවැනිදා සිට ඒක පාර්ශ්වික ලෙස 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (12 වැනිදා) පැවසීය.

නීතිමය පියවර ගන්නවා
බස්‌ ගාස්‌තු වැඩි කළ
හැකි රජයට පමණයි

- ගමනාගමන කොමිෂන්
සභාවේ සභාපති

රජය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට බස්‌ ගාස්‌තුව වැඩි කළ නොහැකි යෑයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඊයේ (12 වැනිදා) මාධ්‍ය හමුවකදී පැවසීය.


තංගල්ලේ පවුලකට
මැර ප්‍රහාරයක්‌
පියා සහ
පුත්‍රයෙක්‌ මරුට :
මව සහ තවත්
පුත්‍රයෙක්‌ රෝහලේ

තංගල්ල දංකැටිය ප්‍රදේශයේ දෙපිරිසක්‌ අතර පෙරේදා (11 වැනිදා) රාත්‍රි ඇති වූ ආරවුලකදී එක්‌ පාර්ශ්වයක්‌ විසින් අනෙක්‌ පාර්ශ්වයේ මව, පියා සහ පුතුන් දෙදෙනා තියුණු ආයුධවලින් පහර දී කපා කොටා ඇත.

වෙළෙඳ අමාත්‍යාංශයේ
වාහන 28ක්‌ වයඹ
ඡන්ද වැඩට


සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට අයත් වාහන විසිඅටක්‌ (28 ක්‌) මේ වන විට කුරුණෑගල හා වයඹ ප්‍රදේශයේ දේශපාලන කටයුතුවලට යවා ඇති අතර එනිසා වෙළෙඳ අමාත්‍යාංශයේ කටයුතුවලට කුලී පදනම මත වාහන ලබාගෙන ඇතැයි එහි උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

'වේ ප්‍රොටීන්' අඩංගු
සියලු කිරිපිටි ඉවතට
බැක්‌ටීරියාවක්‌ අන්තර්ගතව ඇති බවට වාර්තා වී ඇති "වේ ප්‍රොaටීන්" අඩංගු සියලු කිරිපිටි හා අමතර පෝෂණීය කිරිපිටි හා ආහාර ද්‍රව්‍ය ඒ සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක්‌ වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (12 දා) එම කිරිපිටි හා ආහාර නිෂ්පාදන සමාගම් වෙත දැනුම්දී තිබේ.

කොළඹ දැඩි
වාහන තදබදයක්‌
කොළඹ වරාය
නැරඹීමට
මිලියන 3කට
අධික ජනගඟක්‌

කොළඹ වරාය ඉතිහාසයේ නව වාර්තාවක්‌ තබමින් කොළඹ දකුණ නව දියකඩනය සහ පර්යන්තය නැරඹීමට ඊයේ (12 දා) වන විට මිලියන 03 කට ආසන්න ජනකායක්‌ පැමිණි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

මිහින්තලේ විහාරාධිපති
හිමිට සහ සාමණේර
හිමියන්ට  වන්දි ගෙවීමට
හිටපු ඕ.අයි.සී.ට නියෝග

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමි සහ මිහින්තලේ සීලරතන සාමණේර හිමි නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීමෙන්a ඒ දෙනමගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය උන්වහන්සේලා දෙනමට රුපියල් 25,000 බැගින් ගෙවන්නැයි එම සිද්ධියට ප්‍රධාන වශයෙන් වගකිවයුතු එවකට මිහින්තලේ පොලිසියේ ස්‌ථානාධිපතිව සිටි සංජීව මහානාම මහතාට නියෝග කළේය.

විපක්‌ෂය තවදුරටත්
දුර්වල වීම නිසා
ආණ්‌ඩු පක්‌ෂය තුළ
මනාප සටන තවත් උණුසුම්

ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මාතලේදී කියයි

අපේ රටේ සමහර පළාත්වල ජනතාව බීමට අවශ්‍ය ජලය ඉල්ලා හඬ නගන විට
.......


නුවර  ප්‍රථම
කුඹල් පෙරහැර....

මහනුවර වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර පෙරේදා රාත්‍රි වීදි සංචාරය කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
තිවංක අබේරත්න



කුඹුක්‌කන් ඔයේ ජල මට්‌ටමද වැඩිවී ඇතත් කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා මේ දිනවල පැමිණෙමින් සිටින බැතිමතුන් පිරිසකි මේ.
පිංතූර කතරගම :
 කේ. ඩී. දේවප්‍රිය



ඩී. සී. ඩී. නමැති විෂ රසායනිකය ඇතුළත් බවට පරීක්‍ෂණ මගින් තහවුරු වූ කිරිපිටි වර්ග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නියෝගයකට පිටුපා ඒවා අලෙවි කරන වෙළෙඳසල් ඊයේ (12 දා) සිට පරීක්‍ෂා කෙරිණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු මහජන පරීක්‍ෂකවරුන් කොළඹ නගරයේ සුපිරි වෙළෙඳසල් පරීක්‍ෂා කළ අයුරු මෙහි දැක්‌වේ.
ඡායාරූප - කමල් බෝගොඩ


කතරගම
සංඝගත දක්‌ෂිණාව..



රුහුණු කතරගම දේවාලයේ 6 වැනි පෙරහැර සිදූවූ ඊයේ දහවල් බස්‌නායක නිල මැදුරේ ගොම මැටි ගෑ බිමේ මහා සංඝරත්නය උදෙසා දානමය පිංකම පැවැති අයුරු. මෙම අවස්‌ථාවට කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ හා කථානායක චමල් රාජපක්‍ෂ මහත්වරු එක්‌ව සිටියහ.

කතරගම - කේ. ඩී. දේවප්‍රිය


මිනින්දොරුවෝ
අද සිට යළි
ලෙඩ වෙති

මිනින්දොaරුවන් මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් ලබානොදීම පිළිබඳව රජයට විරෝධය පළකරමින් රජයේ මිනින්දොaරු සංගමයට අයත් සියලුම සාමාජිකයන් අද (13 දා) සිට 16 වැනිදා දක්‌වා නැවතත් ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.


කොරියානු
භාෂා විභාගය
ඔක්‌තෝබර්
19 හා 20

දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකා තරුණ තරුණියන්ට අවස්‌ථාව උදාකරන ෂෂ වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම දිවයින පුරා පිහිටි මධ්‍යස්‌ථාන 22 කදී සිදුකෙරෙන අතර එය ඊයේ (12 දා) සිට ආරම්භ විය.


  
 
  • අලුත් කැබ්රිය වෙනුවට ආදි වාසී
    නායකයාට බුලත් පුවක්‌ තොගයක්‌


    ආදිවාසී දිනයේදී වන්නිලැ ඇත්තන්ට අලුත් කැබ් රථයක්‌ පරිත්‍යාග කිරීමට නියමිතව තිබුණත් ඒ වෙනුවට සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් බුලත්කොළ හතළිස්‌ දහසක්‌ සහ ඊට සරිලන පුවක්‌ දුම්කොළ තොගයක්‌ පිරිනමා ඇත.
     
  • කුණු අල කිලෝ ලක්‍ෂයක්‌ දඹුල්ල ගබඩාවකින් අල්ලයි

    දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානය අසල ගබඩාවක තිබූ පරිභෝජනයට නුසුදුසු නරක්‌ වූ අර්තාපල් අල කිලෝ ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක්‌ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ පාරිසරික පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ඊයේ පෙරවරුවේ සොයාගන්නා ලදී.

 
  • මොනරාගල පුරාණ රජමහා විහාරයත්
    නිධන් හොරුන්ගේ ග්‍රහණයට


    මෙම විහාරස්‌ථානය මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි පැරැණිතම විහාරස්‌ථානයක්‌ වන අතර ඓතිහාසික නටබුන් රැසක්‌ ඇති විහාරස්‌ථානයකි. මෙම විහාරස්‌ථානයේ දන්ත ධාතූන් වහන්සේ වසර 22 ක්‌ වැඩ සිට ඇති අතර පොළොන්නරු යුගයේ සිට පැවත එන විහාරස්‌ථානයක්‌ වන අතර මෙහි නුවර යුගයේ සිතුවම් කරන ලද චිත්‍ර විශේෂයක්‌ වගේම මෙතෙක්‌ හමු නොවූ චිත්‍රයක්‌ද මෙම විහාරස්‌ථානයේ ඇත. දඹුලු විහාරස්‌ථානයේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක්‌ මෙහි ඇති අතර මෙහි අභයගිරි හා මයුරගිරි නමින් විහාරස්‌ථාන 02 ක්‌ පිහිටා ඇත.

 


 
  • දේශීය කිරිපිටි නිෂ්පාදනය
    ඉහළ නැංවීම  අර්බුදයට විසඳුමයි


    උතුරේ කිරි ගොවිය එල්. ටී. ටී. ඊ. කාරයෙක්‌, දකුණේ කිරි ගොවියා ජ.වි.පෙ. කාරයෙක්‌ වුණා කියනවා. ඊට පස්‌සෙ වෙඩි තියන්න වෙනවා. ඒකයි අපි හැමදාම කියන්නේ අපේ දෙවුන්දර තුඩුවෙ ඉඳලා පේදුරුතුඩුවට ගත්තොත් ඕනෑම තැනක ගවයන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්‌ තියෙනවා. කිරි නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්න කියලා.|
     
  • යාල-කුමන මැදින් කතරගමට පා ගමනින්...

    තමන් විසින් ගෙන එනු ලබන ආහාර පිසින ද්‍රව්‍ය ඇතුළු පූජා භාණ්‌ඩ, ඇඳුම් පැළඳුම්, ළමා ළපටින් යන මේ සියල්ලක්‌ම තමාගේ කැමැත්තෙන්ම උහුලාගෙන එනු ලබන්නේ තම භක්‌තිය ප්‍රකාශ කරනු වස්‌ය. එබැවින් පාද යාත්‍රාවේ යෙදෙන කල්හි තම බර වෙනත් අයකුට ලබාදී මොහොතකට හෝ සැනසීම පාද යාත්‍රිකයාගේ අවශ්‍යතාව නොවේ. පා ගමන මෙන්ම බර උසුලාගෙන යාමද ඔහුගේ අවශ්‍යතාවයි.

  

  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ISO 27001
    තොරතුරු ආරක්‍ෂණ කළමනාකරණ සහතිකය ලබාගනී


    මෙරට අංක එකේ ඒකාබද්ධ සංනිවේදන සේවා සැපයුම්කරු මෙන්ම බ්‍රොaඩ්බෑන්ඩ් හා ජාතික විදුලි සංදේශ යටිතල පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලොව ප්‍රකට බියුරෝ වෙරිටාස්‌ වෙතින් ජාත්‍යන්තර පිළිගැනීමට ලක්‌වූ තොරතුරු ආරක්‍ෂණ කළමනාකරණ ප්‍රමිතිය වන ISO/IEC 27001ථ2005 සහතිකය ලබාගත් බව සතුටින් දන්වා සිටී. 2013 වසරේදී සමාගම 3 වැනි වරටත් මෙම පිළිගැනීමට ලක්‌විය.

  


 
  • වොලිබෝල් සම්මේලනය  ක්‍රීඩා පනත වනසයි

    ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ක්‍රීඩා පනත සහමුලින්ම උල්ලංඝනය කොට ලබන සැප්තැම්බර් මාසයේ තායිලන්තයේ පැවැත්වීමට නියමිත 17 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලිය සඳහා ප්‍රධාන පුහුණුකරු පත්කොට ඇතැයි සඳහන් කරමින් මෙරට ජාතික මට්‌ටමේ වොලිබෝල් පුහුණුකරුවන් පිරිසක්‌ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත ලිතව පැමිණිල්ලක්‌ යොමු කොට ඇති බව "දිවයින"ට වාර්තා වේ.

  

Kapruka Shopping |  News


liya




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.