µ්‍රSෂියන් එළදෙනුන් විසිදහසක්‌ ගෙන්වුවොත්
කිරිවලින් රට ස්‌වයංපෝෂිත කළ හැකියි

- මිල්කෝ සභාපති

ලසිත දුමින්ද

පිටිකිරි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්‌ වැය කරන බව ද, ඇමරිකානු ඩොලර් මිලියන 75 ක්‌ වැය කොට උසස්‌ වර්ගයේ µ්‍රSෂියන් එළදෙනුන් විසිදහසක්‌ ගෙන්වන්නේ නම් කිරිවලින් රට ස්‌වයංපෝෂිත කළ හැකි බව ද මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා "දිවයින"ට පැවසීය.

මේ වන විට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ගොවිපළවල්වල උසස්‌ වර්ගයේ එළදෙනුන් දෙදහසක්‌ පමණ සිටින බව ද, තව දෙදහස්‌ පන්සියයක්‌ මේ වසරේ ගෙන්වීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.

දියර කිරි ලීටර් මිලියන 1.7 ක්‌ දිනකට අවශ්‍ය වුවත් නිෂ්පාදනය කරන්නේ ලීටර් ලක්‍ෂ 3.5 ක්‌ බව ද සභාපතිවරයා කීවේය.

මිල්කෝ සමාගමට අනුබද්ධ ගොවීන් පනස්‌පන්දහසක්‌ සිටින බව ද, උසස්‌ වර්ගයේ ගැබ්බර එළදෙනුන් විසිදහසක්‌ ආනයනය කොට එම ගොවීන්ට ලබාදුනහොත් වසර 4 කින් දියර කිරිවලින් රට ස්‌වයංපෝෂිත කිරීමට හැකිවනු බව ද සුනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් අර්බුදයක්‌ මතුව තිබෙන මෙවැනි අවස්‌ථාවක මිල්කෝ සමාගමේ හයිලන්ඩ් යෝගට්‌, අයිස්‌ක්‍රීම් හා කිරිපිටි නිෂ්පාදන වැඩි කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවද හෙතෙම පැවසීය. එසේම මිල්කෝ සමාගමට අනුබද්ධ අඹේවෙල ඇතුළු සියලුම කර්මාන්ත ශාලා නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව කී සභාපතිවරයා එමගින් තවදුරටත් දේශීය අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇති බවද සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.