කොළඹ අලෙවියට තබා තිබූ කිරි ආශ්‍රිත
නිෂ්පාදන 23 ක සාම්පල පරීක්‍ෂාවට යවයි


ඒමන්ති මාරඹේ

කොළඹ නගරය තුළ පිහිටි සුපිරි වෙළෙඳසල් හා සාමාන්‍ය වෙළෙඳසල්වල අලෙවියට තබා තිබූ කිරිපිටි වර්ග ඇතුළු "වේ ප්‍රොaටීන්" අඩංගු කිරි ආශ්‍රිත නිෂ්පාදන වර්ග 23 ක සාම්පල "ක්‌ලොස්‌ට්‍රීඩියම්" බැක්‌ටීරියාව ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා ඊයේ (13වැනිදා) බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යෑවූ බව කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින" ට පැවැසීය.

"වේ ප්‍රොaටීන්" අඩංගු සියලු කිරිපිටි හා ආහාර වර්ග එම නිෂ්පාදන සමාගම් විසින් වෙළෙඳපොළෙන් ඉවත්කරගන්නේද? යන්න පිළිබඳව තම නිලධාරීන් විසින් දිගටම පරීක්‍ෂා කර බලන බව ද වෛද්‍ය කාරියවසම් කීවේය.

කිරිපිටිවල ඩී.සී.ඩී රසායනිකය අඩංගු වී ඇත්දැයි පරීක්‍ෂා කර බැලීම සඳහා කොළඹ නගරයේ වෙළෙඳසල්වලින් කිරිපිටි සාම්පල ලබා ගැනීම කාර්මික තාක්‌ෂණ ආයතනයට මුදල් ගෙවීමේ ප්‍රශ්නය මත කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා සිදු නොවන අතර එම සාම්පල එකතු කර යෑවීම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිදුකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.