2013 අගෝස්‌තු 15 බ්‍රහස්‌පතින්දා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
සිසුන්ට ක්‍රීඩකයන්ට ස්‌නායු ආබාධ සමග
වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙත් හැදේ
කුරුම්බා තැඹිලි හා ජීවනී පානවල හොඳ පෝෂණයක්‌ ඇත
ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කරයි
ක්‌ලොස්‌ටි්‍රඩියම් බැක්‌ටීරියාව අඩංගු වේ ප්‍රෝටීන් සහිත විශේෂ (අමතර) ශක්‌තිජනක ආහාර භාවිතයෙන් පාසල් දරුවන්ට හා ක්‍රීඩකයන්ට ස්‌නායු ආබාධ වැළඳෙන බව හෙළි වී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඊයේ (14 වැනිදා) අනාවරණය කළේය.

වේ ප්‍රෝටීන් අඩංගු කිරි පිටි සියලු ඔසු සල්වලින් ඉවතට
''ක්‌ලොස්‌ට්‍රීඩියම්'' බැක්‌ටීරියාව අන්තර්ගතව ඇති බවට සැක කෙරෙන ''වේ ප්‍රෝටීන්'' අඩංගු සියලු අමතර පෝෂණ හා ශක්‌ති ජනක කිරිපිටි වර්ග මේ වන විට දිවයිනේ සෑම රජයේ ඔසුසලකින්ම පාහේ ඉවත් කර තිබේ.

නවසීලන්ත ෆොන්ටේරා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඉල්ලා අස්‌වේ
නවසීලන්තයේ ෆොන්ටේරා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගැරී රොමානෝ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්‌ වී තිබේ.මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ඩයිසයිනඩයමයිඩ් බැක්‌ටීරියා ප්‍රශ්නය මෙම ඉල්ලා අස්‌ වීමට හේතු වී ඇත.

රජරට සරසවි සිසුහු පන්ති වර්ජනයේ
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අට දෙනකුගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළ කරමින් එහි සිසුහු ඊයේ (14 වැනිදා) පන්ති වර්ජනයක නිරත වූහ.

ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට යැමට නවිපිල්ලේට අවසර
මෙරටට පැමිණෙන මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේට මෙරට ඕනෑම තැනකට ගොස්‌ ජනතාව හමුවීම සඳහා රජය අවසර දී ඇත.
මෙම 25 වැනිදා මෙරටට පැමිණෙන ඇයට උතුරේ මෙන්ම දකුණේ පාර්ශවයන්ද හමුවිය හැකි යෑයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග පැවැසීය.

මගී ප්‍රවාහන බස්‌ රථවල ඡන්ද ප්‍රචාරක ස්‌ටිකර් අලවයි
වයඹ, මධ්‍යම හා උතුර පළාතේ මගී ප්‍රවාහන බස්‌ රථවල දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන් නීති විරෝධී ලෙස ප්‍රචාරක ස්‌ටිකර් ප්‍රදර්ශනය කර ඇතැයි මැතිවරණ කාර්යාලයට පැමිණිලි රැසක්‌ ලැබී තිබේ.

තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම අද
වයඹ, උතුර හා මධ්‍යම පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්දනාම ලේඛන සහතික කිරීම අද (15 වැනිදා) සිදුකෙරේ.
මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවැසීය.

වාස්‌ගේ පුතාට රැකවරණ දුන් සගයා අපරාධ රැසකට හවුල්
වාස්‌ - පුතා ඇතුළු සියලු සැකකරුවෝ යළි රිමාන්ඩ්
බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධනගේ පුත් රවිඳු වාස්‌ ගුණවර්ධනට රැකවරණය සැලසූ සැකකරු මනුෂ්‍ය ඝාතන හා දේපළ කොල්ලකෑම් ආදී අපරාධ....

කොළඹ කොටුවේ එජාප උද්ඝෝෂණ
වැලිවේරිය සිද්ධීන් සම්බන්ධ ඊයේ පැවති එජාප විරෝධතාව
ඡායාරූප-නිශාන් එස්‌.ප්‍රියන්ත සහ කමල් බෝගොඩ

පහේ ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්න 18දා ඉරිදා දිවයින සමග නොමිලේ
මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් "පහේ හපනුන්ට ජයමග" පෙන්වන පහේ ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්න පත්‍රය පිටු 12 ක ටැබ්ලොයිඩ් පත්‍රයක්‌ ලෙස ලබන 18 වැනිදා 'ඉරිදා දිවයින සංග්‍රහය'...

වැලිවේරිය සම්බන්ධව පැය 24 ක්‌ තුළ ජනාධිපති පොරොන්දුවක්‌ දෙන බව දන්වයි
එජාප විරෝධතා ව්‍යාපාරය ඉන්පසු නවතී
වැලිවේරිය රතුපස්‌වල පැවැති ජනතා උද්ඝෝෂණයට වෙඩි තබා සිදු කළ ඝාතනයන් සම්බන්ධව පැය 24 ක්‌ ඇතුළත ජනාධිපතිවරයාගෙන් ලිත පිළිතුරක්‌ ලබාදෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ....

මඩු මංගල්‍යය අද
මඩු දේවමාතාවන්ගේ මංගල්‍යය අද (15දා) උදෑසන මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වෙයි.මෙම මහා මංගල්‍යයට ඊයේ සවස වන විට බැතිමත්හු ලක්‍ෂයක්‌ පමණ පැමිණ සිටියහ.

'ශිල්ප 2013' හස්‌ත කර්මාන්ත උළෙල අද
ශිල්ප 2013 ජාතික හස්‌ත කර්මාන්ත උළෙල අද (15දා) පස්‌වරු 4.00 ට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ප්‍රදර්ශන ශාලාවේදී විවෘත වේ.

ඇමැති අනුකාරක සභාව පත්කිරීමට කැබිනට්‌ සංදේශය අද
ආනයනික කිරිපිටි ප්‍රශ්නය පිළිබඳව සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ඇමැති අනුකාරක සභාවක්‌ පත්කිරීමට අද (15 දා) රැස්‌වන අමාත්‍ය මණ්‌ඩලයට කැබිනට්‌ සංදේශයක්‌ ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ චෝදනාවට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු.
ඡායාරූපය - සිරිපාල හල්වල

  • කොටුව දුම්රිය පරිශ්‍ර භූමියට සීමා කරන්න
    විපක්‍ෂයේ විරෝධතාවට උසාවියෙන් නියෝගයක්‌

    රතුපස්‌වල ජනතා උද්ඝෝෂණයකදී සිදු වූ ඝාතනවලට එරෙහිව 'වෙඩි කෑවා ඇති - දැන්වත් නැගිටිමු' මැයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (14 දා) කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැති විරෝධතා ව්‍යාපාරය දුම්රිය පරිශ්‍ර භූමියට පමණක්‌ සීමා කර පවත්වන ලෙසත්, ප්‍රධාන මාර්ගය ඔස්‌සේ පෙළපාලි නොපවත්වන ලෙසත් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එම්. සහාබ්දීන් මහතා ඊයේ (14 දා) එම පක්‍ෂ නායකයන්ට නියෝග කළේය.
     
  • ටැංකි රථ හිමියන්ගේ හිඟ මුදල් ලබාදීමට ඇමැති මැදිහත් වෙයි

    සමස්‌ත ලංකා පෞද්ගලික ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකි රථ (බවුසර්) හිමියන්ට ඛනිජ තෙල් සංස්‌ථාවෙන් ලැබිය යුතු හිඟ මුදල් ලබාදීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා එම ටැංකි රථ හිමියන්ට පවසා ඇත.
     

 
  • උසාවියට ගෙවූ දඩ මුදල් අතර හොර නෝට්‌ටුවක්‌

    වැලිමඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට දඩ ගෙවන ලද මුදල් අතර තිබී ව්‍යාජ රුපියල් දහසේ නෝට්‌ටුවක්‌ පෙරේදා (13 දා) සවස සොයා ගෙන ඇත.වැලිමඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට පෙරේදා දඩ වශයෙන් ගෙවන ලද රුපියල් එක්‌ලක්‍ෂ හැටඑක්‌දහසක මුදලක්‌ වැලිමඩ නගරයේ රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට යැමේදී මෙම දහසේ හොර නෝට්‌ටුව සොයා ගෙන තිබේ.

 

  • පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට පෙර සූදානම

    පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුව (Common wealth Heads of Goverment Meeting/CHOGM) නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මේ සමුළුවට සාර්ථක කර ගැනීමටත් සමුළුව හරහා රටට ලබාගත හැකි වාසිය උපරිම කර ගැනීමටත් රජය සූදානම් වෙමින් සිටී. ශ්‍රී ලංකාවේ සමුළුව කෙතරම් සාර්ථක එකක්‌ වනු ඇතිද ශ්‍රී ලංකාවට කවර වාසියක්‌ ඉන් අත්පත් කරගත හැකිද යන්න තීරණය වීමේ ප්‍රධාන සාධකයක්‌ වනු ඇත්තේ මේ සමුළුවට ඇති අපේ පෙර සූදානමයි.

  

  • ජාතික කාන්තා වොලිබෝල් කණ්‌ඩායම ඇමැති අනුමැතිය

    ලබන සැප්තැම්බර් 13 - 21 වකවානුවේ තායිලන්තයේ රිචබුරි නගරයේ පැවැත්වීමට නියමිත 17 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්‌ඩායම තෝරා ඇති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අදාළ ක්‍රීඩිකාවන් 12 දෙනාගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අද හෙටම ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කිරීමට නියමිතය.

  

Kapruka Shopping |  News


liya




 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.