වේ ප්‍රෝටීන් අඩංගු කිරි පිටි සියලු ඔසු සල්වලින් ඉවතට

ඒමන්ති මාරඹේ

''ක්‌ලොස්‌ට්‍රීඩියම්'' බැක්‌ටීරියාව අන්තර්ගතව ඇති බවට සැක කෙරෙන ''වේ ප්‍රෝටීන්'' අඩංගු සියලු අමතර පෝෂණ හා ශක්‌ති ජනක කිරිපිටි වර්ග මේ වන විට දිවයිනේ සෑම රජයේ ඔසුසලකින්ම පාහේ ඉවත් කර තිබේ.

දියවැඩියාව, වකුගඩු රෝග ඇතුළු විශේෂිත රෝගාබාධයන් සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන අමතර පෝෂණ කිරිපිටි වර්ගවලද ''වේ ප්‍රෝටීන්'' අන්තර්ගතව ඇත. ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස්‌ මත එම කිරි පිටි වර්ග භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ආරංචි මාර්ග පවසයි.

නවසීලනත්තයේ නිෂ්පාදනය කරනු ලබන ''වේ ප්‍රෝටීන්'' අඩංගු කිරි පිටි කාණ්‌ඩ කිහිපයකට නිෂ්පාදනයේදී කසළ නළයකින් ''ක්‌ලොස්‌ට්‍රීඩියම්'' බැක්‌ටීරියාව ඇතුළු වී ඇති බවට වාර්තාවීමත් සමගම වේ ප්‍රෝටීන් සහිත විශේෂිත කිරිපිටි වර්ග පරීක්‍ෂා කර බලා ඒවා භාවිතයට සුදුසුද? නැත්ද? යන්න තීරණය කරන තෙක්‌ භාවිතයෙන් ඉවත් කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පසුගියදා සියලු කිරිපිටි හා ආහාර සමාගම් මෙන්ම අලෙවිකරුවන්ට උපදෙස්‌ දුන්නේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.