නවනීදන් පිල්ලේ කොට්‌ටාවටත් යායුත්තේ ඇයි?

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව දිනවල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීsදන් පිල්ලේ මහත්මියට රටේ ඕනෑම තැනක සංචාරය කිරීමට රජය අවසර දී ඇතැයි දැනගන්නට තිබේ. පිල්ලේ මහත්මිය මුලතිව්, යාපනය, වවුනියාව, මන්නාරම යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයට වැලිවේරිය ද ඇතුළත් කිරීමට කොළඹ පිහිටි බටහිර රටක තානාපති කාර්යාලයක්‌ උත්සාහ කරන්නේලු· ඇය වැලිවේරියට ගෙන යනවා නම් බටලන්දට ද රූකාන්ත ගුණතිලකලාගේ කොට්‌ටාවේ පිහිටි ගෙදරට ද ගෙන යා යුතුය. අනතුරුව ඇමරිකාව විසින් බෝම්බ දමනු ලැබ විනාශ කළ ඇµaaගනිස්‌ථානයට ද, ඉරාකයට ද ඔසාමා බින්ලාදීන්ලාගේ ගෙදරටද ගෙන යා යුතුමය. ඉනුත් පසු වෙලාව ඉතිරි වුණොත් ඇය රැගෙන යා යුතු තවත් වැදගත්ම තැනක්‌ තිබේ. ඒ, සදාම් හුසේන් එල්ලා මැරූ එල්ලුම් ගස පිහිටි තැනටය. ඉතා කෙටි කාලයක්‌ තුළදී පවත්වන ලද නඩු විභාගයකට පසු ඔහු එල්ලන්නේ බටහිර බලවේගවල උවමනාවට ය. ඊළඟට ඇය ගෙන යා යුත්තේ ලිබියාවේ ගඩාµs මරණ ලද තැනටයි. බලයේ සිටි කාලයේදී ගඩාපි ප්‍රංශයේaa හිටපු ජනාධිපති නිකොලා සර්කෝසිට ඩොලර් කෝටි ගණනක්‌ ප්‍රදානය කළ බව පසුගිය කාලයේදී අන්තර්ජාතික මාධ්‍ය මගින් හෙළි කර තිබිණ. ගඩාපි මැරීම කොන්ත්‍රාත්තුවක්‌ බව ද එම මාධ්‍යයම කීවේය. කිසියම් පාර්ශ්වයක්‌ ගඩාපි මැරෙව්වේ ඔහු කෙරෙහි ඇති ණය ගැති භාවයෙන් නිදහස්‌a වීමටද? අපි නම් නොදනිමු.

නවනීදන් පිල්ලේට මෙරටට පැමිණීමටත් ඕනෑම තැනකට යැමටත් ඉඩ හැරීමට රජය ගත් තීන්දුව ඉතාම බුද්ධිමත් සහ යහපත් තීන්දුවකි. මෙය කළ යුතුව තිබුණේa මෙයට පෙරය. කටුනායක ගුවන්තොටුපළින් බසින ඇය කොළඹට පැමිණීමෙන් පසු නගර සංවර්ධනය දැක ඉරිසියා කළොත් පුදුම නොවන්න. උතුර නැගෙනහිර ප්‍රදේශවල සිටි දෙමළ ත්‍රස්‌තවාදී තරුණයන් ආණ්‌ඩුවේ යුද හමුදාවට සහ පොලිසියට අනුයුක්‌ත වී රාජකාරි කරන හැටි දකින ඇය "අහෝ, ත්‍රස්‌තවාදීන්ට ලැබී ඇති තැන" යෑයි දුක්‌aවුවොත් පුදුම නොවන්න. ඇය එන්නේ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල සිටි නාවර පෙරාගත් යුද අනාථයන් බැලීමට නම් එම අරමුණ සාර්ථක නොවීම ගැන අප කනගාටු වෙමු. යුද්ධය නිම වූයේ 2009 දීය. ඉන්පසු ගෙවී ගිය හතර අවුරුද්ද තුළ ශ්‍රී ලංකාව සංවර්ධනය විය. එය ත්‍රස්‌තවාදය අතුගා දැමීම සම්බන්ධයෙන් හටගත් ආත්ම විශ්වාසය සමග එක්‌වූ සංවර්ධනයකි. මෙතැන පුපුරන්නේය, අතන පුපුරන්නේය යනුවෙන් හිතේ දෙගිඩියාවක්‌ නැතිව කළ සංවර්ධනයකි. ඒ සංවර්ධනයේදී දූෂණ සිදුවූ බව ඇත්ත. සීනි ගෝනි සියයක්‌ තිබෙන තැනකින් සීනි අහුරක්‌ කටේ දමාගැනීම සාමාන්‍ය පෘථග්ජනයාගේ ස්‌වභාවයයි. දූෂණය සම්පූර්ණයෙන්ම නැති කළ නොහැකි අතර කළ හැකි වන්නේ අවම කිරීමය. සම්පූර්ණ සීනි අහුරක්‌ කෑමට ඉඩ නොදී සීනි අහුරු කාලක්‌ හෝ ඊට අඩු ප්‍රමාණයකින් සෑහීමකට පත් වීමට පෘථග්ජනයා පොළඹවා ගැනීමය.

නවනීsදන් පිල්ලේගේ සංචාරයට එක්‌ කළ යුතු තවත් වැදගත් පුද්ගලයකු වෙයි. ඔහු, කැලම් මැක්‌රේ ය. කැලම් මැක්‌රේ ජීවිකාව වශයෙන් කරන්නේ එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාව වෙනුවෙන් වාර්තා චිත්‍රපට තැනීම ය. ඉන්පසු ඒවා චැනල් 4 නමැති බ්‍රිතාන්‍ය රූපවාහිනී සේවය ඔස්‌සේ ප්‍රදර්ශනය කරනු ලැබේ. පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව පවතින කාලයේදී සිය කැමරා ලට්‌ට - ලොට්‌ට කර තබාගත් කැලම් මැක්‌රේ කටුනායකින් ගොඩබැස්‌සොත් පලවා නොහැර රට ඇතුළට ගෙන ඕනෑ මඟුලක්‌ කර ගැනීමට ඉඩ හැරිය යුතුය. වාර්තා චිත්‍රපට එකක්‌ නොව කිහිපයක්‌ම සෑදීමට ඉඩ හැරිය යුතුය. මේ වෙලාවේදී උතුරු නැගෙනහිර සංවර්ධනය ගැන හැර වෙනත් කිසිවක්‌ ගැන චිත්‍රපට සෑදීමට ඔහුට හැකි වන්නේ නැත. නාවර පෙරාගත් යුද අනාථයන් නොමැතිවීමේ මානසික පීඩාවට ඔහුද පත් විය හැකිය. මෙහිදී නවනීsදන් පිල්ලේගේ සංචාරය ගැන වාර්තා චිත්‍රපටයක්‌ සෑදීමට ඔහුට මුදල් දී පොළඹවා ගත හැකිය. මන්ද, ඔහු කොටින්ට චිත්‍රපට හදන්නේ ද පිනට නොව මුදලට නිසාය. කොටින්ට තරමටම නැතත් අපේ රටට ද මුදල් තිබේ. ඒ බව මැක්‌රේට ඒත්තු ගැන්වීමට හැකි නම් වැඩේ වඩාත් ලෙහෙසි ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.