ඊජිප්තුවේ ඉස්‌ලාමීය අන්තවාදීන් සහ
පොලිසිය අතර වූ ගැටුමින් 300ක්‌ මරුට


ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොර්සිට පක්‍ෂපාත පිරිස හා පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 300 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ ඇත. මිය ගිය පිරිස අතර පොලිස්‌භටයන් 42 ක්‌ ද වේ. නසාර් නගරයේ රාමා මුස්‌ලිම් දේවස්‌ථානය අසල රංචු ගැසී සිටි විරෝධතාකරුවන් පොලිසිය වෙත පැට්‌රල් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.

ඔවුන් පොලිස්‌ ස්‌ථාන, ක්‍රිස්‌තියානි පල්ලි හා රජයේ කාර්යාලවලටද ප්‍රහාර එල්ල කර තිබේ.

පැය 12 ක්‌ තිස්‌සේ පැවැති ගැටුම්වලින් පසු පොලිසිය නසාර් නගරයේ පාලනය සියතට ගෙන ඇත.

විරෝධතාකරුවන්ට තවදුරටත් ක්‍රියාකිරීමට ඉඩදිය නොහැකි යෑයි අගමැති ගයන් බෙබ්ලාම් ප්‍රකාශ කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.