2013 අගෝස්‌තු 16 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

එජාප ප්‍රමුඛ සමගි බලවේගය කොළඹදී පැවැත්වූ පෙළපාලි
අධිකරණ නීති කැඩීමක්‌ නිසා උසාවි දානවා
- පොලිසිය කියයි

අධිකරණ නියෝග හෑල්ලුවට ලක්‌ කරමින් වැලිවේරිය සිද්ධිය මුල් කොටගෙන කොළඹ කොටුව ප්‍රදේශයේ පෙරේදා (15) පෙළ පාලියක්‌ පැවැත්වූ එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමගි බලවේගය සංවිධානයේ ක්‍රියාකාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත.

ඒක පෙළපාලියක්‌ නෙවී සංදේශයක්‌ දීමටයි ගියේ
- එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

පොලිසියේ අවසරය ද ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශය භාරදුන් බවද කී මන්ත්‍රී වරයා පෙළපාලි නොයා යුතුයි යන උසාවි නියෝගය කඩ නොකළ බවද කීය.

උතුරු ඡන්දය නිරීක්‍ෂණයට ජාත්‍යන්තර සංවිධාන දෙකක්‌

දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ කළමනාකරණ සංසදය හා පොදු රාජ්‍ය මණ්‌ඩලීය නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණෙති.

ලක්‍ෂ 60ක ජනතාව
කොළඹ වරාය නරඹති

රාය නැරඹීම සඳහා වාහන 65000 කින් පමණ ජනතාව පැමිණි බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

හමුදා කඳවුරුවල සිට රතුපස්‌වල පරීක්ෂණ එපා
- මානව හිමිකම් කොමිසමේ සභාපති

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රතුපස්‌වල සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලකින් තොරව එම ප්‍රදේශයට ගොස්‌ විමර්ශන ආරම්භ කර තිබේ.

සිරස ගුවනින් බී. බී. සී සිංහල ප්‍රවෘත්ති

බී. බී. සී. සිංහල ප්‍රවෘත්ති සිරස එෆ්. එම්. ගුවන් විදුලිය ඔස්‌සේ සඳුදා සිට සිකුරාදා දක්‌වා රාත්‍රි 10.10 ට ලාංකික ගුවන් විදුලි ශ්‍රාවක ජනතාව වෙත ගෙන එයි.

තමිල්නාඩු ධීවර සංසදයේ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයි

මෙම ගිවිසුම මගින් තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වීමට ඉඩදිය යුතු බවත් මත්ස්‍ය සම්පත දෙකට බෙදා ගැනීමට අවසර දිය යුතු බවත් දක්‌වා තිබේ.

"කිරිපිටි කැරැට්‌ටුව" සොයන්න කැබිනට්‌ අනුකාරක සභාවක්‌
කිරිපිටිවල ශරීරයට අහිතකර 'ඩී. සී. ඩී.' රසායනිකය හා 'වේ ප්‍රෝටීන්' අඩංගුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කරුණු සොයා බලා ඉදිරි පියවර ගැනීමට කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත් කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

ග්‍රෑන්ඩ්පාස්‌ පොලිස්‌ පිළිවෙත ගැන ඇමැති රිෂාඩ් පරීක්‌ෂණයක්‌ ඉල්ලයි
කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේදී පසුගියදා ඇතිවූ සිද්ධියේදී මුස්‌ලිම් පල්ලියට සහ නිවාස කිහිපයකට සිදුකළ පහරදීම වැළැක්‌වීමට පොලිසිය ක්‍රියා නොකිරීම පිළිබඳ ඉහළ මට්‌ටමේ පරීක්‌ෂණයක්‌ පවත්වන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පොලිස්‌පතිවරයාගෙන් ලිතව ඉල්ලා ඇත.

ද්‍රවිඩ කථිකාචාර්යවරු සිවුදෙනෙක්‌ ලන්ඩන් සමුළුවට යති

මොවුන් කවුදැයි දැන් හෙළි වී ඇත. ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ නායක රුද්රකුමාරන් මොවුන්ව ගෙන්වා තිබේ.

අනවසරයෙන් ඔස්‌ටේ්‍රලි යාවට යෑවීමේ ජාවාරමේ සැකකරුවන් 14 දෙනා ගෙන් හය දෙනෙක්‌ බන්ධනාගාරයට

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ත්‍රිකුණාමලය සංඥා පුහුණු පාසලේ උපදේශකවරයෙකු සහ තවත් පස්‌ දෙනෙකි.

බස්‌ ගාස්‌තු වැඩි කළොත් නීති පියවර ගන්නවා
බස්‌නාහිර මාර්ගස්‌ථ අධිකාරියේ සභාපති

ගැමුණු විඡේරත්න ඇතුළු බස්‌ සංගම් කීපයක්‌ කියනවා සැප්තැම්බර් 01 වැනිදා ඉඳලා බස්‌ ගාස්‌තු වැඩි කරනවා කියලා. අඩුම තරමින් ගැමුණුගේ බස්‌ එකට පවා බස්‌ ගාස්‌තු වැඩි කරන්න බලයක්‌ නැහැ.

හදිසි ආපදාවකට පූර්ව අනතුරු ඇඟවීමට
චන්ද්‍රිකා තාක්‍ෂණය ඒකාබද්ධ කරයි

ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය මගින් සවිකර ඇති පූර්ව අනතුරු ඇඟවීම් සංඥ කුලුනු 77 ක්‌ ඇති බවත් එම සෑම කුලුනුකටම රේඩියෝ සංඥවලට අමතරව චන්ද්‍රිකා තාක්‍ෂණය සම්බන්ධ කළ බවද ..

මරණය පෙනි පෙනී සිටි මවත්, පැටියාත් බේරාගෙන

 එම්. ප්‍රදීප් කුමාර සහ එච්. වී. නිරෝෂා දිල්රුක්‍ෂි යන දෙපළ මුදල් ගෙවා එළදෙන සහ පැටියා මරණයෙන් නිදහස්‌ කර ගත්හ. නිර්මාංශව දිවි ගෙවීමටද එම දෙපළ එහිදී අදිටන් කර ගත්හ.


උදේට ගණිකාවන් අල්ලා කූඩුවට දානවා - රෑට ලොජ්වලට දානවා

කොළඹ ත්‍රිරෝද හිමි ඇතැම් පොලිස්‌ නිලධාරීන් උදේට ගණිකාවන් අල්ලනවා. රාජකාරිය අවසන් වෙලා රෑට ගණිකාවන් ලොඡ් වලට රැගෙන යනවා. රථවාහන නිලධාරීන් ඔවුන් නතර කළත් හැඳුනුම්පත පෙන්නලා යනවා.

ගැබිනි කත හෙරොයින් ජාවාරමේ

අත්අඩංගුවට පත් 42 හැවිරිදි  කාන්තාව නව දරු ප්‍රසූතිය සඳහා ඇත්තේ දින නමයක්‌ බවත් පොලිසිය කියයි.

වෙද මිණි පහන තිලකේ රජිඳාන මුදලට ගැති නොවී කරනව ප්‍රතිකාර

තිලකේ වෙද මහතා ළඟට එන ඕනෑම අසාධ්‍ය ලෙඩෙකුට තෙල් බෙහෙත් ගා සාත්තු කළ පසු විනාඩි විස්‌ස කින් පමණ වේදනාව හැර සුවයක්‌ ගෙනදීම පුදුමය දනවන්නකි.


විවිධ ආක්‍රමණක රෝග නිසා ගොවීන් කෙසෙල් වගාවෙන් ඈත් වෙනවා

අපේ රටේ කෙසෙල්වලට හොඳ ඉල්ලීමක්‌ මෙන්ම වෙළෙඳපොළක්‌ පවතිනවා. ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක්‌ නෑ. රෝගවලට ඔරොත්තු දෙන කෙසෙල් පැළ නිෂ්පාදනයක්‌ නොමැති නිසා ගොවීන් මේ වගාවෙන් ඈත් වෙලා.

ලක්‍ෂ 3කට අධික බැතිමත් පිරිසක්‌ මඩු මංගල්‍යයට එති


මඩු හන්දිය දක්‌වාම දුම්රිය මගින් පැමිණීමට අවකාශ ලැබී තිබීම නිසා බැතිමතුන් විශාල පිරිසක්‌ දුම්රියෙන් මඩු මංගල්‍යය සඳහා පැමිණ සිටියහ.

බුද්ධගයා ප්‍රහාරයට සැකපිට හින්දු පූජකවරයෙක්‌ දැලේ

මොහු බුද්ධගයා පාලක මණ්‌ඩලයේ දූෂණ ක්‍රියා සම්බන්ධව මහෙස්‌ත්‍රාත් වරුන්ට හා රාජ්‍ය නිලධා රීන්ට ද විද්යුත් ලිපි යවා තිබූ බව බුද්ධගයා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි විනේකුමාර් පවසයි.

රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට
තාමත් වේ ප්‍රෝටීන් කිරිපිටි දෙයි

වකුගඩු, පෝෂණ ඌණතා වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ට 'වේ ප්‍රෝටීන්' අඩංගු එම විශේෂිත කිරිපිටි වර්ග ලබා දීම තවමත් තහනම් කර නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් විෂබීජයක්‌ රෝහල්වලට එයි
"රුධිරය ගනිද්දී පරිස්‌සම් වන්න"

බාල රුධිර පාරවිලයන කට්‌ටල පැකට්‌ එක්‌ලක්‍ෂ හැටදෙදහස්‌ පන්සියයක (162,500) තොගයක්‌ සිංගප්පූරු සමාගමකින් මිලදී ගෙන මෙරට රජයේ ප්‍රධාන රෝහල්වලට බෙදාහැර ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

ඉන්දීය ජාතික දින සැමරුම් උළෙලේදී..


ඉන්දීය 67 වැනි ජාතික දිනය ඊයේට (15) යෙදී තිබිණි.  මහකොමසාරිස්‌ නිලනිවසේ පැවැති උත්සවයේදී ඉන්දියානු මහකොමසාරිස්‌ වයි. කේ. සිංහ මහතා උත්සවයට සහභාගි වූ කුඩා දැරියකට යමක්‌ පවසමින් සිටි අයුරු. ඡායා- සිරිපාල හල්වල

හෙද නිලධාරී සංගමයෙන් ෆොන්ටෙරාට නඩු ?
අධිකරණය මගින් පනවා ඇති වාරණයන් නොසලකා හරිමින් තම කිරි පිටි නිෂ්පාදනවල විෂ රසායනයන් හා බැක්‌ටීරියා නොමැති බවට ප්‍රචාරයන් ගෙන යාමට එරෙහිව ෆොන්ටෙරා සමාගමට එරෙහිව....

හෙද වෛද්‍ය කාමර අර්බුදය
මහනුවර රෝහල අවුලෙන් අවුලට!
මහනුවර මහ රෝහලේ ශල්‍යාගාරයේ කාමරයක පලහිලව්වක්‌ මත මහනුවර මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් හා නිර්වින්දන වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය මධ්‍යම පළාතේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ බවට පත් වීමට ඉඩ තිබෙන බව මහනුවර මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරු පවසති.

මානව අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමී
උද්ඝෝෂණයට වෙඩි තැබීම ආසියාවේ ආශ්චර්යද?

- රෝසි සේනානායක අසයි

සෑම විනාඩි 90 කට වරක්‌ම කාන්තා හිංසනයක්‌ හෝ අපචාරයක්‌ මේ රට තුළින් වාර්තා වනවා. මේ රටේ නීතිය ආරක්‍ෂා කරන පුද්ගලයන් පවා බරපතළ අපරාධවලට යොමු වන බව අසන්නට තිබෙනවා.

අවිස්‌සාවේල්ල - පිට කොටුව පෞද්ගලික
බස්‌ රථවලින් දිනකට රු. 750 ක්‌ කප්පම් ගනී

එක්‌ බස්‌රථයකින් රු. 750 ක පමණ මුදලක්‌ එම කප්පම්කරුවන් විසින් ලබාගන්නා බව බස්‌ සේවකයෝ පවසති.

බස්‌නාහිර ප්‍රයිවට්‌ බස්‌ සේවකයන්ට එරෙහිව
මාස අටට පැමිණිලි 600 යි

කාලය කා දමමින් මගදිගට නතර කර කර බස්‌ රථ ධාවනය කිරීම, මගීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම, ඉතුරු මුදල් නොදීම වැනි චෝදනා බස්‌ මගීන් ඉදිරිපත් කළ පැමිණිලි අතර..

මීකිරි හදන්න දුක වැඩියි - මිල අඩුයි

මීගව පට්‌ටිකරුවන් විශාල පිරිසක්‌ සිටියද ඔවුන්ට එම සතුන් රැකබලා ගැනීමට මෙන්ම අවශ්‍ය ආහාර සොයා ගැනීමටද බලවත් වෙහෙසක්‌ දරන්නට සිදු වුවද, කිරි විකුණා ගැනීමේදී සාධරණ මිලක්‌ නොමැතිවීම නිසා...

දඹුල්ල නරක්‌ වූ අල ලූනු රට පුරා බෙදයි

පිරිසිදු කළ අල නව ඇසුරුම්වල බහා හොඳ අල සමග මිශ්‍රකොට ගබඩාවේ ඇති ලොරියක තැන්පත් කොට තිබේ. ඒ සඳහා අවශ්‍ය සේවක සේවිකාවන් ගබඩා තුළම සිටිති.

එහාට මෙහාට පැන්නොත් අනිච්ඡාවත සංඛාරා
බත් කාපු අතින් මා අසූචි කන්නේ නැහැ

- පා. ම. බුද්ධික පතිරණ

ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහත්මයා කිව්වා ගෙදර සිටින ටොමියා ගියත් ඔහු නොයන බව ඒත් ඔහු ගියා ටොමියා තවම ගෙදර.

වයසක අම්මාගේ නුවණින් පුතා මරණයෙන් ගැලවේ

එල්ලෙන කකුල් දෙක පහළට පැමිණීමට ඉඩක්‌ නොදී බෙල්ලේ ගැටයද තදවෙන්නට ඉඩ නොතබා ඇය තම මුළු වැර වීරියම යොදා පුත්‍රයාගේ පතුල් දෙක තම දෙඅත්ල මත තබා ගෙන කෑගැසුවාය.

  • නවීන තාක්‌ෂණයත් අපේකමත් රැකගෙන
    රන්කෙවිට 2 නිර්මාණය කිරීම
    අභියෝගයක්‌ වුණා

    - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‌ෂ උදයකාන්ත වර්ණසූරිය

    අප තාක්‌ෂණික අංග බහුලවම උපයෝගි කරගෙන අලුත් අත්දැකීමක්‌ ප්‍රේක්‌ෂකයන්ට ලබා දෙන්න මේ චිත්‍රපටය නිර්මාණය කළා. අපි "රන්කෙවිට 2" කළේ ඩිජිටල් කැමරාවෙන්. මේ කැමරාව ලෝකයට හඳුන්වාදුන් මුල් අවස්‌ථාවේදීමයි අපිත් එය යොදා ගත්තේ.

  • පළාත් සභා මැතිවරණය රටට වැදගත් ඇයි?

    උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණය අප රටේ අනාගතය ගැන සලකා බැලීමේදී ඉතා වැදගත් මැතිවරණයක්‌ වේ. අවුරුදු 30 ක යුද්ධයකට පසුව උතුරු පළාත සඳහා පළාත් සභා මැතිවරණයක්‌ පැවැත්වීම වැදගත් සිද්ධියකි.

  • පාපැදි ජාතික ශූරතාව හෙට අනුරාධපුරයේදී

    අදාළ තරගාවලියේ (මාර්ග) වැඩිම දුර ප්‍රමාණය කිලෝ මීටර 121 ක්‌ වන අතර එම දුර ප්‍රමාණය සුපිරි පිරිමි තරගය සඳහා පමණක්‌ වලංගු වෙයි. මීට අමතරව වයස අවු( 23 න් පහළ පිරිමි තරගය සඳහා දුර ප්‍රමාණය කිලෝ මීටර 97 කි.


 

Kapruka Shopping |  News


liya




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.