නුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

සිවිල් විමලසූරේන්ද්‍ර

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (16දා) රාත්‍රී වීදි සංචාරය කරයි.

ඉකුත් 11 වැනිදා රාත්‍රී ආරම්භ වුණු කුඹල් පෙරහැර ඊයේ (15දා) නිමාවට පත්විය.

අද රාත්‍රී සිට අගෝස්‌තු 20 වැනිදා දක්‌වා රන්දෝලි පෙරහැර රාත්‍රී කාලයේ වීදි සංචාරය කරයි. 21 දවල් පෙරහැර පැවැත්වේ.

අද ප්‍රථම රන්දෝලි පෙරහැර රාත්‍රී 8.06 ට ශ්‍රී දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුකව පිටත්ව, දළදා වීදිය, ඩී. එස්‌. සේනානායක වීදිය, පන්සල පාර ශ්‍රීමත් බෙනට්‌ සොයිසා වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, හරස්‌ වීදිය, යළි ඩී. එස්‌. සේනානායක වීදිය යන මාර්ගයන්හි ගමන් කර රන් වීදියෙන් ගෙවදින බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනය කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.