රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට
තාමත් වේ ප්‍රොaටීන් කිරිපිටි දෙයි


ඒමන්ති මාරඹේ

බැක්‌ටීරියාවක්‌ ඇතුළු වී ඇතැයි යන සැකය මත 'වේ ප්‍රොaටීන්" අඩංගු සියලු අමතර පෝෂණ හා ශක්‌තිජනක කිරිපිටි වර්ග පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක්‌ අලෙවි කිරීම තහනම් කර ඇතත් රජයේ රෝහල්වල නේවාසික දියවැඩියා, වකුගඩු, පෝෂණ ඌණතා වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ට 'වේ ප්‍රොaටීන්' අඩංගු එම විශේෂිත කිරිපිටි වර්ග ලබා දීම තවමත් තහනම් කර නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ විශේෂිත රෝගාබාධවලින් පෙළෙන රෝගීන්ට තවමත් 'වේ ප්‍රොaටීන්' අඩංගු කිරිපිටි වර්ග අමතර ආහාරයක්‌ වශයෙන් ලබා දෙන බව එම ආරංචි මාර්ග පැවැසීය.

මේ සම්බන්ධව විමසූ විට එක්‌තරා ප්‍රධාන පෙළේ රජයේ රෝහලක බලධාරියකු කියා සිටියේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත දියවැඩියාව, වකුගඩු, පෝෂණ ඌණතා වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ට ලබා දෙන ඇතැම් විශේෂිත කිරිපිටි වර්ගවල 'වේ ප්‍රොaටීන්' අඩංගුව ඇති බවයි. රජයේ මහා, ශික්‍ෂණ, දිසා වැනි ප්‍රධාන පෙළේ රෝහල්වල ප්‍රතිකාර ලබන එවැනි රෝගීන්ට මෙම විශේෂිත කිරිපිටි වර්ග ඔවුන්ගේ පෝෂණ මට්‌ටම නංවාලීම සඳහා ලබා දෙන බව හෙතෙම සඳහන් කළේය.

'ක්‌ලොස්‌ටි්‍රඩියම් නමැති බැක්‌ටීරියාව නවසීලන්තයේ නිෂ්පාදිත කිරිපිටි වර්ගයකට යොදා ගත් 'වේ ප්‍රොaටීන්' සංයෝගයට මුසු වී තිබීම මත 'වේ ප්‍රොaටීන්' අඩංගු සියලු කිරිපිටි වර්ග පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක්‌ භාවිතයෙන් ඉවත් කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සියලු කිරිපිටි සමාගම් හා අලෙවිකරුවන් වෙත පසුගියදා දැනුම් දී තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.