ඊජිප්තුවේ ගැටුම්වලින් 750 ක්‌ මරුට



හමුදාව සමග ඇතිවූ ගැටුම්වලදී මියගිය ඊජිප්තු ජාතිකයන්ගේ මළ සිරුරු අසල වැළපෙන ඔවුන්ගේ ඥතීන් ඡායාරූපයේ දැක්‌වේ. මෙම ගැටුම්වලදී ඊජිප්තු ජාතිකයන් සිය ගණනක්‌ ඝාතනය විය.

පසුගිය දින කිහිපය තුළ ඊජිප්තුවේ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 750 ක්‌ මරණයට පත් වී ඇත.

ප්‍රංශ පුවත් සේවයේ වාර්තා අනුව ජුනි 26 වැනිදා සිට මේ දක්‌වා ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 1042 ක්‌ මරණයට පත් වී තිබේ.

හිටපු ජනපති මොහොමඩ් මොර්සිගේ ආධාරකරුවන් හා හමුදාව අතර පසුගිය දින කිහිපය පුරාම ගැටුම් ඇතිවිය.

ඊජිප්තු අන්තර්වාර රජය පවසන්නේ ත්‍රස්‌තවාදීන් මර්දනය කරන බවයි.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.