කරුණානිධිගේ මිත්‍ර රෙදි මුදලාලි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට ඉන්දියාව සහභාගි වුවහොත් තමිල්නාඩුව පුරා කළු කොඩි එල්ලන බව එහි හිටපු මහ ඇමැති කරුණානිධි පවසයි.

මේ ප්‍රකාශයෙන් අපට පැහැදිලිවන කාරණා රැසක්‌ තිබේá එයින් පළමුවැන්න, කරුණානිධිට අලුත් මුදලාලි කෙනකු හමුවී ඇති බවය. ඒ මුදලාලිගේ බිස්‌නස්‌එක කළු රෙදි නිෂ්පාදනයයි. ඔහු ඡන්ද වැඩවලදී කරුණානිධිට සල්ලි වියදම් කරන්නටද සූදානම් ය. මුදලාලි සතුව කළු රෙදි විශාල 'ස්‌ටොක්‌' එකක්‌ තිබේ. එය තල්ලු කර ගැනීමට ඔහු අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ උත්සාහ කළාද හරි ඩීල් එකක්‌ දමා ගන්නට බැරි විය. 2009 යුද ජයග්‍රහණයේදී එයින් ස්‌වල්පයක්‌ විකුණා ගැනීමට ඔහුට හැකි විය. ඒ, ප්‍රභාකරන්ගේ මරණය නිමිත්තෙන් තමිල්නාඩුව පුරා කළු කොඩි දැමූ නිසාය. එහෙත් එම කළු කොඩිවල කොලිටිය බාලවීම නිසා දෙතුන් දිනක්‌ අව්වේ වියෑලෙන විට පාට පිච්චී කළු කොඩි, සුදු කොඩි බවට පත් විය. එය වාසියකි. මන්ද යත් ප්‍රාන්ත රාජ්‍යය සතුව ඇත්තේ කළු කොඩි නොව සුදු කොඩි බැවින් ඊළඟ අවස්‌ථාවකත් කළු කොඩි තොගයක්‌ විකුණා ගැනීමට අවශ්‍ය zරික්‌තයZ බිහිවී තිබීම ය. ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල උළෙල ඒ කාරණය වෙනුවෙන් යොදා ගත හැකි හොඳම අවස්‌ථාව බව මුදලාලිට කල්පනා වන්නට ඇති. ඔහු කරුණානිධිට ඒ බව මතක්‌ කරන්නට ඇති.

දෙවැනි කාරණය, මේ දිනවල තමිල්නාඩු ප්‍රාන්තය පුරා කපුටු උවදුරක්‌ පවතී. කපුටා කොතරම් කළු වුවද කළු පාටට බයය. මේ නිසා කපුටන් එලවීම මෙන්ම ඒ අතර ශ්‍රී ලංකාවට විරෝධය පළ කිරීමටද කළු කොඩි යොදාගත හැකි බව කරුණානිධිට කල්පනා වන්නට ඇති.

තෙවැනිම, කරුණානිධි නිතරම කළු කන්නාඩි යුගලක්‌ පැළඳ සිටී. ඔහු ඒ නිසා ලෝකය දකින්නෙ කළු පැහැයෙනි. මේ හේතුව නිසා ඔහු කළු පැහැයට දකියි.

කළු කොඩි එල්ලුවා යයි කියා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට කොයිම ආකාරයකින්වත් කිසිදු හානියක්‌ වන්නේ නැත. කළු කොඩි එල්ලීමෙන් නො නැවතී මුළු ප්‍රාන්තයම කළු පාටින් පින්තාරු කළත් අපට කරදරයක්‌ නැත. එහෙත් කළු සංකල්පය මගින් කියා පාන වැදගත් දෙයක්‌ තිබේ. ඒ වූකලී තමිල්නාඩුවේ දේශපාලනඥයන් සතු විටමින් ඌණතාවයි. තමන්ගේ මොළය හා සම්බන්ධ ස්‌නායු පද්ධති මන්ද පෝෂණයෙන් පෙලීමේ රෝගයට ඔවුහු මුහුණ පා සිටිති. මෙවැනි රෝගවලට පාවිච්චි කරන භැරඩැ ඔදබසජ ලෙස හැඳින්වෙන පෝෂ්‍ය පදාර්ථ සහිත පාන වර්ග වෙළෙඳපොළෙහි ඇත. තමිල්නාඩුවේද ඕනැම ෆාමසියකින් ඒවා මිලට ගත හැකිය.

ශ්‍රී ලංකාවේ ඊළම තමිල්නාඩුවේද සිහිනයකි. තමිල්නාඩු දේශපාලකයන්ට වෙනම දෙමළ රාජ්‍යයක්‌ අවශ්‍ය වූයේ ඉන්දියාවට නිදහස ලැබීමටත් පෙරය. ඉන්දියාවට නිදහස ලැබෙන විට මුස්‌ලිම් ජනතාව සඳහා පාකිස්‌තානය බිහිවීම නිසා තමිල්නාඩුවේ වර්ගවාදී දෙමළ දේශපාලනඥයන්ගේ ඇඟ කසන්නට විය. එවිට ඔවුහු තමිල්නාඩුව, ශ්‍රී ලංකාවේ උතුර සහ මැලේසියාව නමැති ප්‍රදේශ එකතු කර 'මහා ඊළමයක්‌' තැනීමට සංවිධානය වූහ. එහෙත් නිදහස්‌ ඉන්දියාවේ පළමුවන අගමැති නේරු ඉන්දියාව කැබලි කිරීම හෝ එයට උදව් දීම රාජෙද්‍රdaහි ක්‍රියාවක්‌ සේ නීතිගත කළ නිසා තමිල්නාඩු දේශපාලනඥයන් සිය ජාවාරම වහාම ලංකාවේ උතුරට මාරු කළහ. ප්‍රභාකරන් යනු එම ක්‍රියාවලියේ අතුරු පලයකි. ප්‍රභාකරන් විසින් ලංකාවේ උතුර හා නැගෙනහිර කඩා ගන්නේනම් ඉන්දියාවෙන් කැඩී යන්නට තමිල්නාඩුවට ඉතා පහසුය. ඒ අනුව තමිල්නාඩුව වෙනම රාජ්‍යයක්‌ බවට පත්වී නම් උතුරු නැගෙනහිර සහ තමිල්නාඩුව එක්‌කර වෙනම දෙමළ රාජ්‍යයක්‌ ඇතිවීම නොවැලැක්‌විය හැකිය. මෙහි නායකයා වන්නේ ජයලලිතා හෝ කරුණානිධි නොව ප්‍රභාකරන් ය. එසේ නායකයා වීම සඳහා ප්‍රභාකරන් තමිල්නාඩුවේ සිටින දෙමළ නායකයන් සියලු දෙනා සංහාරය කරනු ඇත.

අද කරුණානිධි සහ ජයලලිතා ප්‍රභාකරන් වෙනුවෙන් තප්පු ගසන්නේ ඒ බව නොදැන නොවේ. ඔවුහු ඒ බව හොඳට දනිති. එහෙත් දේශපාලන වාසි තකා නටති. උඩ පනිති. කළු කොඩි එල්ලති.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.