වකුගඩු රෝගීන්ගේ හෙට දවස

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වකුගඩු රෝගීන් වෙනුවෙන් කළ මෙහෙවරට විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්‌වි ෂෙරීෆ් මහතා ඇතළු පිරිසට උපහාර පිරිනැමූ මොහොත.

තුන්වන ලෝකයේ රටක රෝගියකුහට මෙම මාර්ග දෙකම එවරස්‌ට්‌ කන්ද තරණය කිරීමටත් වඩා දුෂ්කර අභියෝගයක්‌ බව වකුගඩු රෝගීහු මනාව දනිති. වකුගඩු බද්ධ කළ රෝගියකු සමඟ හෝ එම පවුලේ අය සමඟ ඔබ සාකච්ඡා කළහොත් වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාදාමයේ ඇති, කියා නිමකළ නොහැකි තරම් වූ අභියෝග ගැන ඔබහට දැනුවත් විය හැක. ඒ සඳහා රෝගීයාහටත් පවුලේ අයටත් අතිමහත් කැපවීම් කළ යුතුව ඇත. සමහර රෝගීහු මෙම අති දුෂ්කර මාර්ගයේ ගමන් ගන්නා අතර මඟදී සිදුවන නොයෙකුත් සංකූලතා නිසා මරණයට පත්වේ. තවත් බොහෝ අය සාර්ථක බද්ධ කිරීමකින් පසු සාමාන්‍ය පවුqල් ජීවිතයක්‌ සහ රැකියාවල් වල නිරත වීමට තරම් වාසනාවන්ත වෙයි. රෝගීයෙකුහට සාර්ථකව වකුගඩුවක්‌ බද්ධ කළ පසු ඔහුට තවත් වසර 15-20 ක ජීවිත කාලයක්‌ ලැබේ. දිනකට සියලුම දියර වර්ග මිලි ලීටර 400-500 පමණක්‌ පානය කරමින්, පලතුරු වර්ග අනුභව නොකරමින්, කොයිමොහොතේ හෝ තම ජීවිතය අවසන් වෙතැයි කල්පනා කරමින් සිටින වකුගඩු රෝගියකු හට මෙම නව ජීවිතය තමන් වෙත පහළ වූ සතර මහ නිධානයක්‌ බඳුය. තවද එවැනි අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්‌ පසුකළ රෝගීයකු හට තමන් ලද නව ජීවිතයේ අනෙකුත් ප්‍රශ්න, පයට පෑගෙන දුහුවිල්ලක්‌ තරම්වත් බරපතල නොවේ. එවැනි පන්නරයක්‌ ලද වකුගඩු බද්ධ කළ රෝගීයකු රටට සම්පතකි, ආඩම්බරයකි. ඔහුට හෝ ඇයට සාමාන්‍ය රැකියාවක්‌ කර තම රටටත්, පවුලේ අයටත් ආර්ථික වශයෙන් අතිමහත් දායකත්වයක්‌ සිදුකළ හැකිය. වකුගඩු රෝගියකුගේ වකුගඩු බද්ධ කිරීමක්‌ සඳහා ශ්‍රී ලංකා රජය විශාල මුදලක්‌ වැය කරන බව වකුගඩු රෝගීහු දනිති. වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාදාමයෙහිදී සිදුකරනු ලබන කෙටි කාලීන රුධිර කාන්දු පෙරණය, බද්ධ කිරීමේ ශල්‍ය කර්මය, බද්ධ කිරීමට පෙර සහ පසු භාවිතා කරනු ලබන මිල අධික බෙහෙත් ආදී සියල්ලම ශ්‍රී ලංකා රජයෙන් නොමිලේ ලබාදෙනු ලබන්නේ ලොව අන් රටවල්ද පුදුqමයට පත් කරමිනි.

තවද ජනාධිපති අරමුදල හරහා වකුගඩු බද්ධ කිරීම සඳහා විවිධ අයුරින් ආධාර කිරීම රෝගීන්හට ඉමහත් සැනසිල්ලකි. නමුත් රජයකින් සියලුම දේ බලාපොරොත්තුවීම සාධාරණ නොවන්නේ තුන්වැනි ලෝකයේ රජයකට කළහැකි දේ සීමාසහිත බැවිනි. තුන වැනි ලෝකයේ රටක්‌ වුවත් බෙහෝ වෛද්‍ය පහසුකම් රජයේ රෝහල්වලින් ශ්‍රී ලාංකීය ජනතාවට ලැබීම සතුටට කරුණකි. වකුගඩු බද්ධ කිරීමක්‌ පෞද්ගලික අංශයෙන් කර ගැනීමට රුපියල් මිලියන එකහමාරක්‌ හෝ ඊටත් වඩා වැඩි මුදලක්‌ වැය වේ. බද්ධ කළ රෝගියකුහට බෙහෙත් නොමිලේ ලබාදීම සඳහා මුල් මාස 3ට මසකට රු. 200,000/- ක්‌ පමණද, ඉන් අනතුරුව මසකට රුපියල් 50,000/- ක්‌ හෝ ඊටත් වඩා වැඩි මුදලක්‌ද රජයෙන් වැය කරයි. වකුගඩු බද්ධ කිරීමට නුසුදුසු රෝගීන්ගේ තත්වය මීට වඩා වෙනස්‌ය. ඔවුන් ජීවිත කාලය පුරාම රුධිර කාන්දු පෙරණයට (ඩයලිසිස්‌) ලක්‌විය යුතුය. මේ සඳහා සිටින රෝගීන් සංඛ්‍යාව අති විශාල බැවින් සහ ජීවිත කාලය පුරාවටම කළයුතු බැවිනුත් රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලටද මෙම ඩයලිසීස්‌ පහසුකම රෝගීන් සියලු දෙනාටම ලබාදීමට අපහසුවී ඇත. එක්‌ රුධිර කාන්දු පෙරණයක්‌ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් 8,000/- ක්‌ පමණ මුදලක්‌ වැයවන අතර දීර්ඝකාලීනව ජීවිත කාලයම රුධිරකාන්දු පෙරණ රෝගීන් හට මසකට රුපියල් 70,000/- ක්‌ පමණ මුදලක්‌ වැයවේ. මෙය රෝගියකුට මෙන්ම රජයකට පවා දැරිය නොහැකි වියදමකි. තවද වකුගඩු රෝගියෙකුගේ වකුගඩු බද්ධ කිරීමේ සංකීර්ණ ක්‍රියාදාමයේදී නිසි මග පෙන්වීමක් නොලැබ මං මුලාවන රෝගීහු එමටය. ඔවුනට නිසිමග පෙන්වීමක්‌ අවශ්‍යය (patient support group) ශ්‍රී ලාංකීය වකුගඩු රෝගීන්ගේ මෙවැනි අසීරු සමාජ ආර්ථික අභියෝග වලට පිටිවහලක්‌ වීමට සහ මග පෙන්වීමට රෝගීන් සහ වෛද්‍යවරුන් වෙතින්ම නැවත බිහිවූ සුපින්වත් සංවිධානයකි, සමස්‌ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය. මෙම සංගමයේ අතීතයේ 1980 දශකයේ මැද භාගය දක්‌වා විහිදේ. 1984 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීම මහාචාර්ය රිස්‌වි ෂෙරීෆ්, මහාචාර්ය ඒ.එච්. ෂෙරිෆ්ඩීන් සහ මහාචාර්ය ජෙරි ජයසේකර යන මහත්වරු ත්‍රිත්වය විසින් බොහෝ වෙහෙසක්‌ ගෙන අභියෝග මධ්‍යයේ සිදුකරන ලද අතර ඊට සමගාමිව මතුවූ වකුගඩු රෝගීන්ගේ සමාජ, ආර්ථික අවශ්‍යතා සපුරාලීමට මහාචාර්ය රිස්‌වි ෂෙරිෆ් සහ විජය රන්සි යුගලය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වකුගඩු සංගමය 1985 දී ශ්‍රී ලංකා වකුගඩු රෝගින්ගේ සංගමය ලෙස බිහිවිය. වකුගඩු රෝගීන් වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ කර පසුව අක්‍රීයව පැවති එම සංගමය 2011 ජුනි 5 වැනි දින නැවත උපත ලැබූයේ සමස්‌ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ලෙසය. මෙම සංගමය නැවත ස්‌ථාපිත කිරීමේදී මහාචාර්යය රිස්‌වි ෂෙරීෆ්, මහාචාර්ය මන්දික විෙ-රත්න, විශේඥ වෛද්‍ය රිස්‌නි කාසිම්, වෛද්‍ය අර්ජුන් මාරසිංහ, විජය රන්සි මයා, චිත්‍ර ශිල්පි ආර්. ඒ. නිමල් මයා, හේමන්ත රොෂාන් මයා, අතුල චන්දන බණ්‌ඩාර මයා සහ චමිලා ක්‍රිෂාන්ති මහත්මිය වෙතින් මා වෙත තීරණාත්මක සහයක්‌ ලැබුණි. මෙම සංගමය ශ්‍රී ලංකා රඡයේ සහ ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇත්තේ L -145205 සහ OD/NGO/1928 අංක වලින්ය. මෙම සංගමයේ නිලධාරීන් සහ සභිකයන් වන්නේද වකුගඩු රෝගීන්, වකුගඩු බද්ධ කළ රෝගීන් සහ වකුගඩු ප්‍රදානය කළ අයවලුන්ය. ඔවුන් ස්‌වේච්ඡාවෙන්ම කිසිදු මුදලක්‌ හෝ වේතනයක්‌ නොලබා තමා පැමිණි දුෂ්කර ගමනේදී මුහුණදුන් අභියෝග අනෙකුත් සහෝදර රෝගීsන්හට අවමකර දීමේ උතුම් ෙච්තනාවෙන් මෙම සංගමය වෙත ක්‍රියාශීලීව දායකවෙති. අප සංගමය මඟින් පසුගිය සුලු කාලය තුලදී කරන ලද සේවාවන් මෙසේය.

1. වකුගඩු රෝගීන් සඳහා ඩයලිසීස්‌ ප්‍රතිකර්මය සඳහා නන් අයුරින් උපකාර කිරීම.

2. වකුගඩුq බද්ධ කළ රෝගීන්ගේ මිල අධික පරීක්‍ෂණ සඳහා මුදලින් උපකාර කිරීම සහ අවශ්‍ය මග පෙන්වීම.

3. වකුගඩු රෝගීන්ගේ රුධිරයේ සයික්‌ලොස්‌පෝරීන් සහ ටැක්‌රෝලිමස්‌ ප්‍රමාණය මනිනු ලබන යන්ත්‍රයක්‌ කොළඹ වෛද්‍ය පරීක්‌ෂණ ආයතනයට (MRI) ලබා ගැනීමට ක්‍රියාශීලීව මැදිහත් වීම.

4. වකුගඩු රෝගීන්හට විවිධ කටයුතු සඳහා ආධාර ලබාදීමට ස්‌ටිකර් ව්‍යාපෘති 2ක්‌ රටේ විවිධ ස්‌ථානවලට ගොස්‌ නොකඩවා ක්‍රියාත්මක කිරීම.

5. වකුගඩු රෝගීන් සඳහා සුවිශේෂ හැඳුනුම්පතක්‌ සකස්‌කර ඔවුන් හට සමාජයේ යහපත් පිළිගැනීමක්‌ ලබාදීම ඒ අතරින් කිහිපයකි.

අප සංගමය නැවත නගා සිටවූ 2011 ජුනි 5 වැනි දින සිට අඛණ්‌ඩව මේ දක්‌වා සෑම සතියකට වතාවක්‌ම නිලධාරී මණ්‌ඩලය රැස්‌වී රෝගීන්ගේ ප්‍රශ්න සාකච්ඡා කර ඒවාට විසඳුම් සෙවීමට ක්‍රියාශීලී වැඩ පිළිවෙලක්‌ ආරම්භ කළෙමු. ඔබ දැනටමත් දන්නා පරිදි, මෙම සංගමයේ නිලධාරී මඩුල්ල ස්‌වේච්ඡාවෙන්ම දුර බැහැර සිට පැමිණ කිසිදු වේතනයක්‌ නොලබා වකුගඩු රෝගීන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරති. ඔවුන් තවත් සහෝදර රෝගියකුහට එක රුධිර කාන්දු පෙරණයක්‌ ලබාදීමට රු( 8,000/} ක මුදලක්‌ සොයා ගැනීමට රුපියල් 50/} ක්‌ වටිනා ස්‌ටිකර් 160ක්‌ තද අව්වේ මහමඟ පැය ගණන් දුක්‌විඳ කැප කිරීම් කරන ලදී. එලෙස උපයාගත් සෑම සතයක්‌ම වකුගඩු රෝගීන්ගේ අවශ්‍යයතා සපුරාලීමට යොදවන බව අප ඔබට පවසන්නේ අතිමහත් ආඩම්බරයෙනි.

සමස්‌ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වර්තමාන අනුශාසක මණ්‌ඩලය, නිලධාරි මණ්‌ඩලය පහත දැක්‌වේ.

අනුශාසක මණ්‌ඩලය - පූජ්‍ය දොළොස්‌වල උර්තධීර හිමි, මහාචාර්ය රිෂ්වි ෂෙරිෆ්, මහාචාර්ය මන්දික විෙ-රත්න, වි.ශල්‍ය වෛද්‍ය රිස්‌නි කාසිම්, වි.වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, විජය රන්සි, කලාශූරි සතිස්‌aචන්ද්‍ර එදිරිසිංහ

නීති උපදේශක නීතිඥ බන්දුල මොහොට්‌ටි, ගිණුම් හා කළමණාකරණය පොතුවිල බමරගුරු, සභාපති - එච්.ඒa. චමිලා ක්‍රිෂාන්ති, උප සභාපති ශ්‍රියාණි ඉද්දමල්ගොඩ, ලේකම් අතුල චන්දන බණ්‌ඩාර, උප ලේකම් කල්Hdණි පුෂ්පලතා, භාණ්‌ඩාගාරික ඩබ්ලිව්. ජනක එස්‌ බොතේජු, උප භාණ්‌ඩාගාරික ඩී.ගුණතුංග, ප්‍රධාන සංවිධායක කේ.ආර්. කරුණාතිලක, උප සංවිධායකවරු සම්පත් කුමාර, අශෝක ජයලාල්, නුවන් සමීර, මාධ්‍ය හා ප්‍රචාර ලේකම් එස්‌.එම්.එන් තුෂාන්ත, මාධ්‍ය හා ප්‍රචාර උප ලේකම් එA.ඩී. වික්‍රමසිංහ, කාරක සභිකයන් ආර්.ඒ. දමයන්ති, කේ.වී. සුනේත්‍රා, එස්‌.එස්‌. මධුෂි, ඩිලාන් පිරීස්‌, තාරක රණසිංහ, රේනික කුලතුංග, රන්දික ෂාන් රණවක, රාම්ලාන් ලාµSර්, කුරුවිට ආරච්චි

ලිපිනය - අතුල චන්දන බණ්‌ඩාර මයා, ලේකම්, සමස්‌ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයඅංක 281/2, සකුරා විලේ- 1, බක්‌මීගහ පාර, කහන්තොට මාලඹේ. වෙබ් අඩවිය www.samasthalankakidneypatients.com ලංකා බැංකවේ ගිණුම් අංකය - භදග - 72698735

ශ්‍රී ලාංකීය වකුගඩු රෝගීන් වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක්‌ කිරීමට අපට තාමත් හැකියාවක්‌ ඇත.

වකුගඩු විශේෂඥ වෛද්‍ය
සංජය හෙයියන්තුඩුව
ශික්‍ෂණ රෝහල, කරාපිටිය.



 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.