බෙනසීර් භූතෝ ඝාතනය ගැන හිටපු ජනාධිපති මුශාරප්ට නඩු පැවරේ

පාකිස්‌ථානයේ හිටපු අගමැතිනි බෙනසීර් භූතෝ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පේවේස්‌ මුශාරප්ට එරෙහිව ඊයේ රාවල්පින්දි අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

අපරාධය සිදු කිරීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මුශාරප්ට එල්ල වී ඇතැයි රජයේ නඩු අධ්‍යක්‍ෂක චෞද්රි මහමුද් පැවසීය. 2007 වසරේදී රාවල් පින්දි නගරයේ පැවැති මැතිවරණ රැළියකදී බෙනසිර් භූතෝ ඝාතනය විය. මේ නඩුව සම්බන්ධයෙන් වැඩිදුර සාක්‌කි අධිකරණය වෙත ලබන අගෝස්‌තු 27 වැනිදා යොමු කරන්නැයි රාවල්පින්දි අධිකරණය නියම කර ඇත. තාලිබාන් ත්‍රස්‌තවාදීන්ගේ තර්ජනය නිසා ඊයේ මුශාරප්ව අධිකරණය වෙත ගෙන එනු ලැබූවේ දැඩි ආරක්‍ෂක විධිවිධාන යටතේයි.

බලූකිස්‌තාන් නායකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද මුශාරප්ට චෝදනාවක්‌ එල්ල වී ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.