දුම්රිය මාර්ගයේ ගමන්ගත් 37 ක්‌ මියයැම නිසා බිහාර් සීඝ්‍රගාමී දුම්රියට ගිනි තබයි

බිහාරයේදී පැට්‌නා රාජ්‍යරාණි සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 15 කට කලහකාරීන් පිරිසක්‌ ගිනි තැබීම නිසා රුපියල් නවකෝටියක අලාභයක්‌ සිදු වී ඇතැයි දුම්රිය බලධාරීහු පවසති.

දුම්රිය මාර්ගයේ ගමන් කළ 37 ක පිරිසක්‌ එකී දුම්රියට බිලිවීම නිසා කලහකාරීහු මැදිරිවලට ගිනි තබා ඇත.

මෙම දුම්රියේ රියෑදුරුට හා කාර්ය මණ්‌ඩලයට පහරදුන් කළහකාරීන් ඔවුන්ව අත්අඩංගුවේ තබාගෙන සිටියදී පොලිසිය බේරාගෙන තිබේ.

මෙකී කළහකාරීහු අසල පිහිටි දුම්රිය ස්‌ථානයකටද ගිනි තබා විනාශ කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.